සිසුන් 50ට අඩු පාසල් 1506 ක්(WAKE UP TO 7)

ලංකාවේ සිසුන් 50ට අඩු පාසල් 1506 ක් තිබෙනවා

එහෙම කියන්නේ අමාත්‍යංශයේම වාර්තාවකින්.

ඒ අතරේ ජාතික පාසලකුත් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දිනමිණ පුවත්පත ඇසුරින් WAKE UP TO 7 වැඩසටහනේ දී වාර්තා කළ පුවත.

2024 වර්ෂයේ ප්‍රගතිය හා 2025 වර්ෂයේ ඉදිරි ගමන් මඟ දැක්වෙන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව සිසුන් 1- 50 අතර සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල් 1506 ක් පවතින බවත් ඒ අතර ජාතික පාසලක්ද වන බව වාර්තාවේ.

2023 වසරේ දත්තයන්ට අනුව සිසුන් 1-50 ත් අතර ඉගෙනුම ලබන පාසල් තිබී ඇත්තේ1473 ක් පමණකි. එයා 2022 වසරට සාපේක්ෂව පාසල් 33 ක වැඩිවීමකි.

2022 වස­රට සාපේ­ක්ෂව 2023 වසරේ රජයේ පාසල් ප්‍රමා­ණය 30කින් ද, සිසුන්ගේ ප්‍රමා­ණය 86,909කින් ද අඩුවී තිබේ.

එම වාර්තා­වන්ට අනුව 2023 වසරේ මෙරට පැවති රජයේ පාසල් ගණන 10,096කි. එම පාස­ල්වල අධ්‍යා­ප­නය ලබ­මින් සිටි සිසුන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,882,688ක් ලෙසිනි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ වාර්තා­වන්ට අනුව 2022 වසරේ මෙරට පැවති බව සඳ­හන් රජයේ පාසල් ගණන දැක්වෙන්නේ 10,126කි. ඒ අනුව සැල­කී­මේදී 2022 වස­රට වඩා 2023 වසරේ රජ‍යේ පාසල් ගණන 30කින් අඩුවී ඇත.

මෙම දත්ත­යන්ට අනුව 2022 වසරේ සිසුන් 3,969,597 දෙනෙක් පාසල් පද්ධ­තියේ රැඳී සිටි­යත් 2023 වසරේ එම ගණන 86,909කින් අඩුවී තිබේ. එහෙත් 2022 වස­රට සාපේ­ක්ෂව 2023 වසරේ ගුරු­වර සංඛ්‍යාව 1,094කින් ඉහළ ගොස් ඇත.

මෙම සංඛ්‍යා දත්ත­යන්ට අනුව 2023 වසරේ 51-100ත් අතර සිසුන් අධ්‍යා­ප­නය ලැබූ පාසල් ගණන 1,638ක් වන අතර 101-200අතර සිසුන් පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් ගණන සට­හන් වන්නේ 2128ක් ලෙසිනි.

මේ අනුව පෙනී­යන්නේ රජයේ පාසල් 50%කට වැඩි ප්‍රමා­ණ­යක 2023 වසරේ අධ්‍යා­ප­නය ලබා ඇත්තේ 200ට අඩු ශිෂ්‍ය පිරි­සක් බවය.

සංඛ්‍යා දත්ත­යන්ට අනුව 201ත් 500ත් අතර සිසුන් පිරි­සක් අධ්‍යා­ප­නය ලබා ඇති පාසල් ගණන 2,638කි. ඒ අනුව සැස­ඳී­මේදී රජයේ පාසල් 78%කට වැඩි ප්‍රමා­ණ­යක අධ්‍යා­ප­නය ලබා ඇත්තේ 500කට අඩු සිසුන් පිරි­සක් බවය. සිසුන් 500 වැඩි පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් ගණන 2181කි.

මෙරට රජයේ පාසල් පද්ධ­තියේ 2023 වසරේ අධ්‍යා­ප­නය ලැබූ සිසුන් 3,882,688 අත­රින් සිසුන් 2,568,224 දෙනෙක්ම අධ්‍යා­ප­නය ලබන්නේ සමස්ත පාසල් අත­රින් 12%ක් පමණ වූ මෙම පාසල් සුළු ප්‍රමා­ණ­ය­කය. සමස්ත සිසුන් අත­රින් 66.14% දෙනෙක්ම අධ්‍යා­ප­නය ලබන්නේ මෙම 12%ක් පමණ වූ පාස­ල්වල බව ඒ අනුව අනා­ව­ර­ණය වේ.

සංඛ්‍යා දත්ත­යන්ට අනුව 501-1000 අතර සිසුන් පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් 1309ක්ද, 1001-1500ත් අතර සිසුන් පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් 379ක්ද, 1501-2000ත් අතර සිසුන් පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් 200ක් ද, 2001-3000ත් අතර සිසුන් පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් 198ක් ද, 3001ත් 4000ත් අතර සිසුන් පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් 67ක් ද සිසුන් 4001ට වැඩි පිරි­සක් අධ්‍යා­ප­නය ලබන පාසල් 33ක් ද 2023 වසරේ පැවති බව සඳ­හන්ය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *