පොහොය දවසේ මත්පැන් අලෙවි කරපු රාත්‍රී සමාජ ශාලාව

ඊයේ පොහෝ දිනය.

පොහොය දවසේ මත්පැන් අලෙවි කරපු රාත්‍රී සමාජ ශාලාවක් ගැනයි පොලිසියෙන් මේ විදිහට වාර්තා වෙන්නේ.

බම්බලපිටිය ගාලු පාරේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිකරන බවට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබිලා තිබුණා.

ඒ අනුව ඊයේ රාත්‍රියේ ඔවුන් වැටලීමක් සිදු කළා.

මේ රාත්‍රී සමාජ ශාලාවට මත්පැන් බලපත්‍ර නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වැටලීමේදී මත්පැන් සහ නීති විරෝධී සිගරට් තොගයක්ද පොලිසිය තමන්ගේ බාරයට ගෙන තිබෙනවා..

මෙම රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගිය චීන ජාතිකයකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *