ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කල විශාලතම රන් තොගය අත්තඩංගුවට

ගුවන් මගියෙකු විසින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කල විශාලතම රන් තොගය ඊයේ අත්තඩංගුවට ගත්තා. ඒ ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින්.රත්තරන් තොගයේ වටිනාකම රුපියල් කෝටි එකසිය 10 ක් වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ.

රන් තොගයේ බර කිලෝග්‍රෑම් 35 කට අධිකයි.රන් තොගය මෙරටට ගෙන ඒම සදහා මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයට උපකරණ 09 ක් ලෙස සකස්කොට ඇසුරුම් කර තිබුණි.මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රන් බිස්කට් 195ක් සහ කිලෝග්‍රෑම් 13ක් බර ස්වර්ණාබරණ තොගයක් අත්තඩංගුවට පත් වූ රන් තොගයට ඇතුලත්.

Comments (0)

Your email address will not be published. Required fields are marked *