පලමු වරට ශ්‍රී ලංකාවේ සංවිධානය කර තිබූ ජාත්‍යන්තර නිවුන් පර්‍යේෂණ සම්ළුවේ සමාරම්භක උලෙල ඊයේ කොලඹ දී පැවත්වුනා.
මෙය දකුණු ආසියාවේ විශාලම නිවුන් සමුලුව වීම විශේෂත්වයකි.
සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳව පර්යේෂණ සහ සංවිධාන ආයතනය හා ඊට අනුබද්ධ නිවුන් ලේඛනාගාර මඟින් සමුලුව සංවිධානය කර තිබුණා.
නිවුන් ජාන අධ්‍යයන්හී පරේෂණවල ඉදිරිගමන ශක්තිමත් කිරීම සහ ගෝලීය උතුරු සහ දකුණු පරේෂකයින් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම සමුලුවේ ප්‍රධාන අරමුණයි.
එක්සත් රාජධානිය , යුරෝපය, ඔස්ට්‍රේලියාව, ආසියා සහ උතුරු ඇමරිකා ව ඇතුලු රටවල් 35කට අධික විෂ්වවිද්‍යාල පර්‍යේශණ ආයතන රැසක දෙස් විදෙස් පිරිස 200ක් පමණ සමුලුවට සහභාගී වුණා.
නිවුන් ජාත්‍යන්තර සමුලුව්ට සමගාමීව පසුගිය ජූනී මස පැවත්වූ නිවුන් දරුවන්ගේ දක්ශතා එලි දැක්වීමේ සංස්කෘතික ප්‍රසංගයේ තෝරාගත් විශේෂාංග කිහිපයක් මෙහිදි එලි දැක්වුණා.