ධාවනයෙන් ඉවත් කරන ලද 2014 වසරේදී ලංකාවට ආනයනය කරන ලද බස් රථ 9 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කර තිබෙනවා.
කිලෝමීටර් 5000 ක කෙටි දුර ධාවනයෙන් පසු, අධිවේගී මාර්ග සහ දුර ගමන් සදහා මෙම බස් රථ යෙදවීමට නියමිතයි.
ආදායම් රහිත ග්‍රාමීය මාර්ග සඳහා රජයේ ආධාර යටතේ බස් රථ යෙදවීමට ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
වසර ගණනාවකට ප්‍රථම මෙරටට ගෙන්වන ලද චෝගම් බස් රථ 35 ක් අතරින් අලුත්වැඩියාවට ලක්කළ බස් රථ 9 ක් මෙසේ ධාවනයට එක් කර තිබෙනවා.
මේ සඳහා තාක්ෂණික දායකත්වය ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයින් විසින් ලබාදී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම අලුත්වැඩියා කරන ලද බස් රථ 09 වෙනුවෙන් රු. ලක්ෂ 375 ක් පමණ වැයවී තිබෙන අතර තවත් බස් රථ 36 ක් අළුත්වැඩියා කිරීම සඳහා ඉතිරි ව තිබෙනවා.
එම බස් රථ වෙනුවෙන්ද අමතර කොටස් ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරි මාස 03 ක් වැනි කාලයක් තුලදී ඒවාද අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.