ලංකා බැංකුවේ වාර්ෂික ලාභාංශය ලෙස රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරයට

රටේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ (BOC) අධ්‍යක්ෂ මණ්ඩලය , එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 05 ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර ඇත.

මෙම දායකත්වය පිළිබඳ නිල දැන්වීම ඊයේ (03) මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදි.

පසුගිය වසර තුළ පෙන්නුම් කළ සුවිශේෂි මූල්‍ය කාර්යසාධනයෙන් පසුව ,ජාතික ආර්ථිකයට සහාය වීම සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම මෙම තීරණය මඟින් පිළිබිඹු වේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *