පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර මිලදී ගැනීමේ දෙවන අදියර ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රධාන රෝහල් පහක පිළිකා ප්‍රතිකාර ඇනහිට ඇතැයි අද (18) දිවයින පුවත්පත උපුටා දක්වමින් Channel 7 නාලිකාවේ WAKE UP TO 7 වැඩසටහනේ දී සඳහන් කළා.
පසුගිය ජනවාරි මාසයේ මෙම මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතත් එම යන්ත්‍ර වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කළ ප්‍රකාශයක් මෙම පුවතට පාදකවී තිබුණා.
මෙම යන්ත්‍ර මිලදී ගැනීමට රජය ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න මුදලක් වෙන්කර තිබෙනවා.
දෙවැනි අදියර යටතේ අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට සහ රත්නපුර රෝහල් සඳහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරනවා.