කෝටි හතක මුදලක් වංචනිකව පරිහරණ කිරීමේ චෝදනාවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද ඔක්තොම්බර් මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා අද නියෝග කළා.
පළාත් මහාමාර්ග අමාත්‍යංශය මගින් 2016 සහ 2017 වර්ෂ සඳහා වෙන් කරන ලද මුදල් මගින් සිදු කරන ලද ව්‍යාපෘති 77කට අදාළව ව්‍යාපෘති සිදු නොකර රුපියල් 71,645,226.32ක මුදලක් රජයට පාඩුවන අන්දමින් කටයුතු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා.