යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියාණන්ගේ අභාවය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා.
ඇෆ්ගනිස්තාන වෙනුවෙන් ඊයේ තරගයේ දී ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ මොහොමඩ් නබිද ඒ අතර වනවා.
ඔහු සඳහන් කර ඇත්තේ දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළකරන බවයි.
මේ අතර බංග්ලාදේශ විස්සයි20 නායක ලිටන් දාස් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ ‘ ඔබේ පියා වන සුරංග වෙල්ලාලගේ වයස අවුරුදු 54 දී අභාවප්‍රාප්ත වීම ගැන අසා අතිශයින් කණගාටුයි. ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔහුට සදාකාලික සාමය ලබා දී මෙම දුෂ්කර අවස්ථාවේදී පවුලට ශක්තිය ලබා දෙත්වා.’ යනුවෙනුයි.
