උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක ලිඛිතව දැනුම් දී ඇති බව අද (22) WAKE UP TO 7 වැඩසටහනේ දී අනාවරණය වුණා.
ඒ, ලංකාදීප පුවත්පතේ පළවූ පුවතක් ඇසුරින්.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරිම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබෙනවා.
මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැණුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.