අද (05) අලුයම නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
ලොරි රථයේ රියදුරු ,පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මෙම අනතුරෙන් මියගොස් ඇති අතර තවත් කාන්තාවක් සහ දැරියන් දෙදෙනෙක් කුරුණෑගල රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබනවා.