ලංගම වැඩ වර්ජනයක්

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ ඌව පලාත් සභා දූෂිත නිලධාරීන් විසින් අත්තනොමතික ලෙස නිකුත් කර ඇති මාර්ග බලපත්‍රයකට විරුද්ධව අද(22) උදෑසන සිට මහියංගන , උඩුදුම්බර ඩිපෝවන් ඒකාබද්ධව වැඩ වර්ජනයකට එක්ව ඇත.

මේ සදහා ස්ථිර විසදුමක් ලැබෙන තුරු වර්ජනය කිරීමට ලංගම සේවකයින් ඒකමතිකව තීරණය කර ඇත.

ඊට අමතරව දහවල් කාලය වන විට බිබිල, දඹුල්ල ලංගම ඩිපෝවන් හා පුද්ගලික බස් රථ සංගමයන්ද වර්ජනයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටී.

Comments (0)

Your email address will not be published. Required fields are marked *