Hot News

“අඛණ්ඩ අභියෝග මධ්‍යයේ වුවද 2025 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5% වනු ඇතිබව ලෝක බැංකුව කියයි.

දිගු කාලීන ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද,ශ්‍රී ලංකාවේ 3.5% ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම්කරනබව 2025 ජනවාරි…

Hot News

ඉන්දු පකිස්තාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ මතය මධ්‍යස්ථ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉන්දු පකිස්ථාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ…

Foreign NewsHot News

ඉන්දු-පකිස්තාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනපති වෑන්ස් පවසයි

ඉන්දු-පකිස්ථාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වැන්ස් පවසා සිටියා.…

Foreign NewsHot News

පකිස්තාන ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව මැඩලීමට හැකිවූ බව ඉන්දීය හමුදාව පවසයි

ඊයේ රාත්‍රී 11.20 ට පමණ පකිස්තානය විසින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ඩ්‍රෝනයානා සහ යුද…

Hot News

සයිබර් ආරක්ෂාව පිලිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERT  වෙතින් දැනුම්දීමක් .

සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා  සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික…

Foreign News

පිලිපීනය, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව දකුණු චීන මුහුදේ සන්ධාන ගොඩනගා ගැටුම් ඇති කිරීම ගැන චීනයේ විරෝධය

පිලිපීනය, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව දකුණු චීන මුහුදේ ඒකාබද්ධව ගමන් කරමින් ප්‍රචාරණය කිරීම පිළිබඳව චීනය තරයේ…

“අඛණ්ඩ අභියෝග මධ්‍යයේ වුවද 2025 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5% වනු ඇතිබව ලෝක බැංකුව කියයි.

දිගු කාලීන ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද,ශ්‍රී ලංකාවේ 3.5% ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම්කරනබව 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් වාර්තාවෙන් (World Bank’s Global Economic Prospects report ) අනාවරණය කරයි. නිදහසින් පසු රටේ පැ වතී දරුණුතම මූල්‍ය අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබාදෙනලද ඩොලර් බිලියන 2.9 ක ඇපකරයේ ස්ථාවර බලපෑමට බොහෝ දුරට එයට හේතු විතිබේ .

ඊට අමතරව සංචාරක, කෘෂිකර්මාන්තය වැනි අංශ යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යතා තාවයට පැමිණීමේ සලකුණු පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, තවත් අභියෝග රැසක් ජයගැනීමට තිබෙන බවද මෙම වාර්තාව පෙන්වාදෙයි .
ප්‍රධාන බාහිර පීඩනයන්ගෙන් එකක් වන්නේ ඇඟලුම් සහ අනෙකුත් අපනයන කාණ්ඩ ඉලක්ක කරගත් එක්සත් ජනපද තීරුබදු නව ප්‍රති පත්තියයි . මෙම පියවර තීරණාත්මකව විදේශ විනිමය උපයිමේදී තර්ජනයක් වන අතර ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය සඳහාඑය බාදාවක් වී තිබේ .

අභ්‍යන්තරව, ජනතාව මුහුණදී ඇති ව්‍යුහාත්මක අභියෝග තවමත් පවතී .ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, දරිද්‍රතාවය 24.5% ලෙස ඉහළ මට්ටමක පවතින අතර, එයින් හෙළි වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තවමත් මූලික අවශ්‍යතා සදහා අරගල කරන බවයි. විශේෂයෙන් ආහාර උද්ධමනය සහ ඉන්ධන මිල හේතුවෙන් ජීවන වියදම ඉහළ මට්ටමක පවතී.

මෙම වාතාවරණය තුල ශ්‍රම සංක්‍රමණය ඊට මුහුණ දීමේ ප්‍රදාන උපාය මාර්ගයක් බවට පත්ව ඇත. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදේශගත වෙමින් සිටිති – ප්‍රධාන වශයෙන් මැදපෙරදිග, දකුණු කොරියාව සහ යුරෝපයට වෙත සංක්‍රමණය වන ශ්‍රමිකයන් උපයන විනිමය රටේ ආර්ථිකයන් පවත්වාගන යාමට සහ ජාතික ගෙවුම් ශේෂය ස්ථාවර කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.මේ තත්වයන් මධ්‍යයේ මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ අනාගත සංවර්ධනයට සහාය වීම සඳහා, ලෝක බැංකුව ඉදිරි වසර තුන තුළ ඩොලර් බිලියන 1 කට අධික ආධාරයක් ලබාදීමට පොරොන්දු වී ඇත.,
මෙහිදී බදු ප්‍රතිපත්තිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ දූෂණ විරෝධී පියවර ඇතුළුව අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම ලෝක බැංකුව සහ IMF දෙකම අවධාරණය කර ඇත.

ඉන්දු පකිස්තාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ මතය මධ්‍යස්ථ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉන්දු පකිස්ථාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

ඉන්දීය කාශ්මීරයේ පෙහෙල්ගාම් හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකුට ජීවිත අහිමි වූයේ පසුගිය අප්‍රේල් 22 වන දායි. එම ප්‍රහාරයේ වගකීම පාකිස්ථානයට පැවරූ ඉන්දියාව මැයි හත් වනදා පාකිස්තාන කාශ්මීරයේ ස්ථාන කිහිපයකට හදිසි ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කලා. එම මෙහෙයුම ඔවුන් හැඳින්වූයේ ඔපරේෂන් සින්දූර් ලෙසයි. එහිදී පාකිස්තානයේ ළමුන්ද ඇතුළුව පුද්ගලයින් තිස් එක් දෙනෙකු මිය ගියා. ඊට ප්‍රතිචාර ලෙස ඉන්දීය කාශ්මීරය වෙත ශෙල් ප්‍රහාර එල්ල කිරීමට පාකිස්තානය කටයුතු කළ අතර එහිදී සිදුවූ මරණ ගණන 15ක්. ඉන්දියාව විසින් පාකිස්තානයට එරෙහිව දියත් කල ඔපරේශන් සින්දූර් ප්‍රහාර මෙහෙයුමට ඊයේ රාත්‍රියේදී සහ අද උදෑසන පාකිස්තානය විසින්ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඉන්දු-පකිස්තාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනපති වෑන්ස් පවසයි

ඉන්දු-පකිස්ථාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වැන්ස් පවසා සිටියා. එක්සත් ජනපදය ගැටුම් උත්සන්න වීම අඩු කිරීමට උත්සාහ කරන නමුත් න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාටම අවි බිම තැබීමට බල කළ නොහැකි බව උප ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. ෆොක්ස් නිවුස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.

“අපගේ බලාපොරොත්තුව සහ අපේක්ෂාව වන්නේ මෙය පුළුල් කලාපීය යුද්ධයක් හෝ න්‍යෂ්ටික ගැටුමක් දක්වා ගමන්කිරීමක් සිදු නොවනු ඇති බවයි. දැනට අපි හිතන්නේ නැහැ ඒක වෙයි කියලා.” ජේ.ඩී වැන්ස් සම්මුඛ සාකච්ඡාව අතරතුර පවසා ඇත.

උප ජනපතිගේ මෙම ප්‍රකාශයන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “America First” විදේශ ප්‍රතිපත්තියට ගැළපෙන අතර සෑමවිටම විදේශ ගැටුම්වලදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන එක්සත් ජනපද භූමිකාවෙන් පසුබැසීමක් එමගින් පෙන්නුම් කරයි.

ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුධමය වශයෙන් උත්සන්න වන තත්වයන් හමුවෙ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත. පිරිහෙන භූ දේශපාලනික තත්ත්වය මධ්‍යයේ ජාතික ආරක්ෂාව සහ ක්‍රීඩක ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් මෙම තීරණය කල බව හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කරයි.


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 58 වන තරගය ඊයේ පැවැත්වූනේ පංජාබ් කිංග්ස් කන්ඩායම හා දිල්ලි කැපිටල්ස් කන්ඩායම් අතරයි.ප්ලේයි ඔෆ් වටයෙ තරගයක් ලෙස තරගය පන්දුවාර 10ක් පමනක් ක්‍රියාත්මක කරන විට කාර්මික දෝශයක් හේතුවෙන් ක්‍රීඩාංගනයෙ ආලෝක පද්දතිය බිද වැටුනු අතර පසුව තරගය අතහැර දමන්නටයි තරග තීරකවරුන් කටයුතු කරනලඩි .කෙසේ වෙතත් indian today වෙබ් අඩවිය පෙන්වා දෙන්නෙ පකිස්තාන බෝම්බ ප්‍රහාරබිය හේතුවෙන් මෙසේ වෙන්නට ඇති බවයි.


කාසිය වාසිය ජයගනිමින් ප්‍රතමයෙන් පන්දුවට පහර දෙමින් සිටි පංජාබ් ක්‍රීඩකයො පන්දුවාර 10ක් වන විට ලකුනු 122 ක දැවැන්ත ලකුනු පුවරුවක් නිර්මානය කලේ ආරම්භක පිතුකරුවන් දෙදෙනාම අර්ධ ශතක සිය කන්ඩායමට ලබාදෙමින්.

දරුවන් පිළිබඳ ගැටලු විසඳීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

කොටහේන ප්‍රදේශයේ සිසුවියක් සියදිවි නසා ගැනීමේ සිද්ධිය වැනි සිදුවීම් යලි වාර්තා වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද(09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

කොටහේන දැරියගේ සිද්ධිය පලමු අවස්ථාවෙිදීම වාර්තා වී නොමැති බවත් එම දැරිය ඉගෙන ගත් පාසලේ විදුහල්පතිවරිය මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් නොදීම ගැන නිදහසට කරුණු විමසා ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. මෙවැනි සිද්ධි වාර්තා වූ විගස ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලීසිය දැනුවත් විය යුතු පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය ඊට අදාල යාන්ත්‍රණයක් ඇති කිරීමට ළමා හා කාන්තා කටයුතු ඇමතිවරිය සාකච්ඡා ආරම්භ කර ඇති බවද සඳහන් කළා.

එම යාන්ත්‍රණය සකස් කර අවසන් වූ වහාම පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ. කොටහේන ප්‍රදේශයේ අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධ පරීක්ෂණ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

පකිස්තාන ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව මැඩලීමට හැකිවූ බව ඉන්දීය හමුදාව පවසයි

ඊයේ රාත්‍රී 11.20 ට පමණ පකිස්තානය විසින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ඩ්‍රෝනයානා සහ යුද උපකරණ භාවිතා කරමින් එල්ල කරන ලද ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වූ බව ඉන්දීය හමුදාව පවසයි. ජම්මු සහ කාශ්මීරයේ පාලන රේඛාව ඔස්සේ පාකිස්තාන හමුදා දේශසීමා උල්ලංඝනයන් සිදු කළ බව ඉන්දීය හමුදාව පවසා සිටී.

පන්ජාබයේ මොහාලි දිස්ත්‍රික් පරිපාලනය විසින් චන්දිගාර් මායිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස උපදෙස් ලබා දීමට චන්දිගාර් පරිපාලනය කටයුතු කර තිබේ. පකිස්ථානය විසින් රාත්‍රියේ එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් බරමුල්ලෙහි ලගමා ගම්මානයේ වෙළඳසැල් සහ නිවාස කිහිපයකට ද හානි සිදු වී ඇත.

VIDEO

පන්ජාබ් රජය විසින් පන්ජාබ් ප්‍රාන්තයේ සියලුම අධ්‍යාපන ආයතන දින තුනක් වසා දමා ඇති අතර, පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පැවසේ.  බ්‍රහස්පතින්දා රාත්‍රියේ පන්ජාබ් දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය විසන්ධි වීමක් ද දක්නට ලැබුණි. පතන්කොට්, අම්රිත්සර්, ජලන්දර්, රූප්නගර්, ෆාසිල්කා, ලුධියානා, හෝෂියාර්පූර් සහ සහිබ්සාඩා අජිත් සිං නගර් ඇතුළු පන්ජාබ් දිස්ත්‍රික්ක කිහිපයක සහ චන්දිගාර් යුනියන් ප්‍රදේශයේ මෙසේ විදුලි විසන්ධි වීමක් සිදුවී ඇත.  

දිල්ලි ගුවන්තොටුපළ විසින් නිකුත් කරන ලද මගී උපදේශනයක සඳහන් වූයේ ගුවන් ගමන් මෙහෙයුම් සාමාන්‍ය බවයි. ආරක්ෂක පියවර හේතුවෙන් ගුවන් ගමන් කාලසටහන්වලට බලපෑම් ඇති විය හැකි බැවින් නිල මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තබන ලෙසද ඔවුන් මගීන්ගෙන් ඉල්ලා සිටී.

සයිබර් ආරක්ෂාව පිලිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERT  වෙතින් දැනුම්දීමක් .

සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා  සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධානවලට සයිබර් ආරක්ෂණ  සුපරීක්ෂාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පුර්ව  ආරක්ෂණ පියවර ගන්නාලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය ඉල්ලා සිටියි . දකුණු ආසියානු කලාපයේ පවතින වර්තමාන තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇත.අලුත්ම වාර්තාවන්ට මෙම උපදේශනය පූර්වාරක්ෂාව සදහාවූ  පියවරක් ලෙස නිකුත් කර ඇති අතර මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට කිසිදු සෘජු තර්ජනයක් නොපවතින  බවත්  අපගේ ඩිජිටල් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාශීලීව සහ අවදියෙන් සිටීම අත්‍යවශ්‍ය බව එම ආයතනය තවදුරටත් සදහන් කරයි. තාක්ෂණික සහාය සඳහා හෝ සිදුවීම් වාර්තා කිරීමට, පහත සදහන්  සබදතා  භාවිතාකරන මෙන්ඉල්ලාසිටියි  :

Sri Lanka CERT – ක්ෂණික දුරකථන අංකය 101 / incidents@cert.gov.lk

212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

හදිසි ගොඩබෑමකදී අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණා.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවට වාර්තා වනවා.

මෙම ගුවන්යානය කඩා වැටෙනවිට එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබුණා.

RIMES දත්ව පද්දතිය ප්‍රයෝජන්වත් – ග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය

2004 වසරේ සුනාමි ව්‍යසනයේදීත් කොවිඩ් 19 වසංගතයේදීත් අපට RIMES (කලාපීය ඒකාබද්ධ බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ) හරහා ගත්ත දත්ත ඉතාමත් ප්‍රයෝජනවත් වුණු බව අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.

අග්‍රාමාත්‍යයතුමිය මෙලෙස පවසා තිබුනේ මැයි 08 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ, පැවති අප්‍රිකා සහ ආසියාතික රටවල් සඳහා වන කලාපීය ඒකාබද්ධ බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (RIMES) සිව්වැනි අමාත්‍ය සමුළුවට සහභාගි වෙමින්.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, තානාපතිවරුන්, RIMES සාමාජික රටවල නියෝජිතයින්, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ අමාත්‍යාංශවල නිලධාරීන් සහභාගි වී සිටියා.

පිලිපීනය, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව දකුණු චීන මුහුදේ සන්ධාන ගොඩනගා ගැටුම් ඇති කිරීම ගැන චීනයේ විරෝධය

පිලිපීනය, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව දකුණු චීන මුහුදේ ඒකාබද්ධව ගමන් කරමින් ප්‍රචාරණය කිරීම පිළිබඳව චීනය තරයේ විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

පසුගියදා මෙම රටවල් තු‍න සිදු කර ඇති ක්‍රියාවන් සම්බන්ධයෙන් Lin Jian මහතා පැවසුවේ, චීනය මුල සිටම තම භූමියේ ස්වාධීනත්වය සහ සමුද්‍ර අයිතිවාසිකම් ස්ථීරව ආරක්ෂා කරමින් දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම සඳහා කලාපීය රටවල් සමඟ එක්ව කටයුතු කරන බවයි. අදාළ රටවල් දකුණු චීන මුහුදේ සන්ධාන ගොඩනගා ගැටුම් ඇති කිරීම සහ කලාපීය සාමය හා ස්ථාවරත්වයට හානි කිරීම නතර කරන ලෙස චීනය අදාළ රටවලින් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා කියා සිටියේය.
-CGTN Sinhala