සෝමවතී පුදබිමේ කෞතුකාගාරය සහ පර්යේෂණ ආයතනය විවෘත කරයි

පොළොන්නරුව සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත කෙරුණා.

ඒ, වප් පුර පසළොස්වක පොහෝ දිනය මුල්කර ගනිමිනුයි.

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලුදෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *