ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (21) පැවති තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.
කාසියේ වාසිය ඉන්දියාව දිනා ගත් අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
පාකිස්ථානය කඩුලු 5ක් දැවී ලකුණු 171ක් ලබාගත් අතර ඉන්දියාව පන්දුවාර 18.5කදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.