ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා අද රාත්‍රී (22) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා 24වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත අතර ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව තිබෙනවා..