තැපැල් සේවකයින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා පසුගියදා කළ ප්‍රකාශයට තැපැල් වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය දක්වනවා.
ලබන 09 වැනිදා කළුපටි පැළඳ සේවයට වාර්තා කරන බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.
මේ අතර තැපැල් සේවයේ තවත් ස්ථිර පත්වීම් 731 පිරිනැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ තුන්වැනි ශ්‍රේණියේ තැපැල් සහායක තනතුරට පත්වීම් ලිපි ප්‍රධානය ප්‍රධානය අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා..
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රධානය කළ අතර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ,තැපැල්පති රුවන් සත්කුමාර ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙහිදී ස්ථිර පත්වීම් 731ක් පිරිනැමුවා