සමහර නීති නිසා සෞඛ්‍ය සේවාවේ හදිසි ගැටළුවලට විසඳුම් සොයන්න බෑ

රටේ පවතින සමහර නීති එලෙසම අනුගමනය කරමින් සෞඛ්‍ය සේවාවේ හදිසි ගැටළුවලට විසඳුම් සෙවීමට නොහැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.

කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 68ක්.

මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 45ක මුදලක් ලබා දී ඇති අතර ඉතිරි මුදල රෝහල් සේවා මණ්ඩලය විසින් වැයකර තිබෙනවා.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ලෝකයේ විවිධ රටවල වෙසෙන ජනතාවගෙන් උදවි උපකාර ලබාගෙන මෙරට ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමට පුජ්‍ය රජවැල්ලේ සුභූති හිමි ඇතුළු කණ්ඩායම සිදුකරන මැදිහත්වීමට, මගපෙන්වීමට තම ගෞරවය පිරිනැමුවා

ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති ඊති වෙනස් කිරීමට නොහැකිද යන්න කෙනෙකුට ගැටළුවක් සේ පැනනැගිය හැකි බව ද කියා සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *