Hot News

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුව අද

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර හමුවක් අද වොෂින්ටනයේ දි පැවැත්වෙනවා.එදිරිවාදිකම් අවසන්…

Hot News

මාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස…

Hot News

උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක්

ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී…

කොරියානු රජයේ සහයෝගය ශ්‍රී ලංකාවට.

කොරියානු නව පාලනය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන සමීපව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනිය වන මියොන් ලී මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ඇය ඒ බව පැවසුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සමග ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී.

ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවයි කොරියානු තානාපතිනිය මෙහිදී අවධාරණය කර ඇත්තේ.
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ නව නියෝජිතයින්ද මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවූ අතර ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන KOICA ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, KOICA ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ යූලි ලී ඇතුළු මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ලංකා සතොසෙන් ජාතික සතොස සහල් වර්ග දෙකක් අද සිට

“ජාතික සතොස” වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් වලින් නාඩු සහ සුදු කැකුළු සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවනවා.

මෙහි සමාරම්භක අවස්ථාව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදී සිදුකෙරුණා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාව වන අතර එය පසුගිය රජය සමයේ ඈවර කිරීමට යෙදුණු ආයතනයක්.
කෙසේ වෙතත් නව රජය බලයට පත් වීමත් සමඟ එම තීරණය වෙනස් කරමින් එය ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නමින් නව මුහුණුවරක් යටතේ යළි ආරම්භ කිරීමට කටයුතු කලා.
ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක් අදියර වශයෙන් අඛණ්ඩව වෙළෙඳපොළට සැපයීමේ ක්‍රියාවලිය, ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් මේ වන විට ක්‍රියාත්මක කරනවා.

තැපැල් වර්ජනය අසාර්ථකයි. 90% තැපැල් කාර්යාල විවෘතයි

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයුතු කරණ බවයි.
වර්ජනයක් සිදුකලත් දිවයින පුරා තැපැල් කාර්යාල 3147 විවෘතව පැවති බව නියොජ්‍ය තැපැල්පති වරයා සදහන් කළා.

ඉල්ලීම් 19ක් මුල්කරගෙන පෙරේදා සවස ආරම්භ කළ මෙම වැඩවර්ජනය සාර්ථකව සිදුවන බව වෘතීය සමිති පවසනවා.
සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අත්හිටුවීමට පියවර නොගන්නා අතර අද දිනයේ සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයතු කරන බවයි චින්තක බණ්ඩාර සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියොජ්්‍ය තැපැල්පති චමීශා ද සිල්වා සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවයි.

වැඩවර්ජනය නතර කර සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බව ද රුවන් සත්කුමාර සඳහන් කළා.
මේ අතර තැපෑල අකර්මණ්‍යය කරන්න බොරු බිල්ලෙක් මවාපාන බවත් දේශපාලන අවශ්‍යතා මත අසාර්ථක අසාධාරණ වර්ජන උත්සාහයක් බව ලංකා තැපැල් සේවක සංගමයේ සභාපති ජගත් මහින්ද ප්‍රකාෂ කළා.


ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුව අද

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර හමුවක් අද වොෂින්ටනයේ දි පැවැත්වෙනවා.
එදිරිවාදිකම් අවසන් කල යුතු යැයි දැඩි ස්තාවරයෙ සිටින යුරෝපීය රාජ්‍ය නයකයින් කිහිප දෙනෙකුගේ ද මීට සහභාගි වීමට නියමිතයි.

යුද්ධය ආරම්භවිමෙන් පසු යුක්රේන අර්බුදය පිළිබඳ මෙ දක්වා පැවැති වඩාත්ම වැදගත්ම ජාත්‍යන්තර හමුව බවයි මෙය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරන්නෙ.
මෙම සාකච්චාවෙදි අමරිකාව විසින් යුක්‍රෙනයෙ ආරක්ශාව සතික කිරිම සදහා විශෙශ වැඩ පිලිවලක් ඉදිරි පත් කන බවට සහතික විතිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රවලට අනුව, මෙහිදි අඛණ්ඩ මිලිටරි ආධාර, ලබාදිමටත් වඩාත් වැඩිදියුණු කළ බුද්ධිමය සහයෝගීතාව සහ දිගුකාලීන ආරක්ෂක ගිවිසුම් ඇතුලත් වනු ඇතිබවට අපෙක්ශා කරනවා. රුසියාව සමඟ පවතින ගැටුම් තවදුරටත් දිග්ගැස්ස්සිම වැලැක්විම සදහා එක්සත් ජනපදයෙ සහයෝගය සහතික කිරීම මෙමගින් බලා පොරොත්තුවෙනවා.


රුසියාව නැගෙනහිර යුක්රේනයේ භූමිය අල්ලාගෙන සිටින අතර, යුක්රේනය අහිමි වූ භූමිය නැවත ලබා ගැනීම සඳහා ශක්තිමත් සහායක් අපෙක්ශා කරමින් සිටිනවා. මෙ අතර එලෙබෙන ඔනෑම තිරනයක් යුක්රේනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂක අවශ්‍යතාවලට ගරු කළ යුතු බව වොෂින්ටනයේ අදහසවි තිබෙන බවයි දවල මන්දිර වාර්තාවන් දක්වන්නෙ .කෙසේ වෙතත්, මෙම කැපවීම්වල ප්‍රමාණය – සහ රුසියාව ප්‍රතිචාර දක්වන ආකාරය අවිනිශ්චිත තත්වයක යි පවතින්නෙ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සහ ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි – එක්සත් රාජධානියේ අගමැති සර් කීර් ස්ටාර්මර් ඇතුලු රාජ්‍ය නායකයන් මෙම හමුවට එක්වනු ඇති ඹවයි වර්තාවන්නෙ.

සමුද්‍රදේවී නිසා සිදු වූ අපහසුතාවය අවසන්

සමුද්‍රදේවී දුම්රිය පිලි පැනීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ පැවති බ්දා ඉවත්ක‍ර යතා තත්වයට පත්කල බව දුම දෙපර්ත මෙන්තුව පවසනවා. ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍ර දෙවී සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දි මෙම පිලී පැනීම සිදුවි තිබුනෙ.


ඉන් කොලබ කොටුව දුම්‍රිය ස්තානයෙ පලමුවන සහ දෙවන වේදීකාවලට දුම්රිය පැමිණීමට බාධා ඇතිවි තිබෙනවා. පිලි පැනීම සිදුව ඇත්තේ උදෑසන 8.40 ට පමණ බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසුවේ.


තවද කොළඹ කොටුව බලා ධාවනය වන ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ සියළුම දුම්රියයන් කොටුව දුම්රිය ස්ථානයට ගැනීමට මේ වනවිට පියවර ගෙන ඇත් අතර අනෙකුත් සෙවාවන්ද යතා තවයට පට්ව තිබෙනවා .


දුම්‍රිය දෙපර්තමෙන්තුවෙ මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් යොදවා පිලි පැන තිබෙන දුම්රිය පීලි ගතකොට දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කොට තිබුනා .

A-9 මාර්ගයේ මාරක අනතුරක් දෙදෙනෙක් මරුට

A-9 මාර්ගයේ (යාපනය මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුරට ලක්ව ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

ඔවුන් ගමන්ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඕමන්තේ පොලීසිය අසල ඉන්දින පිරවුම්හලක් ආසන්යේ දී පෙරළීගොස් ගොස්ගොස් තිබේ.

ඒ හේතුවෙන් එහි සිටි අය පාරට විසි වී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත.

අනතුර සිදුවන විට කැබ් රථයේ රථයේ 15 දෙනෙකු සිට අතර, තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක කාන්තාවක් හා අවුරුදු 30ක පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය හෙට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෙට (18)  දැනුම්දෙනු ඇති බවය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය හෙට දිනයේදී පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැලසුම් කර තිබුණි.

මෙම නිලවරණය සම්බන්ධයෙන් අභියාචනා 04ක් ඉදිරිපත්වී ඇති අතර, එම අභියාචනා පිළබදව සිදුකළ විභාගයෙන් අනතුරුව එක් අභියාචනයක් පිළිගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාල ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නීත්‍යානුකූලව නොහැකි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර අද

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර අද රාත්‍රි 7 සිට විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පෙරහැර සජීව විකාශය අද රාත්‍රි 7 සිට Channel ඔස්සේ නැරඹීමට ඔබට හැකියාව තිබෙනවා.

බෙල්ලන්විල රජ මහා විහාරයේ රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී 07.00 සිට අලුයම දක්වා බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අවට ප්‍රධාන මාර්ග මූලික කරගෙන වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.


පෙරහැර වීථී සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කළා. .


පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දකුණු වාහල්කඩින් පිටත්ව බෙල්ලන්තර හන්දියෙන් කීල්ස් වටරවුම දක්වා ගමන් කර මාර්ග අංක 117 විහාර මාවත හන්දියෙන් විහාර මාවතට ගමන් කර මාර්ග අංක 119 විහාර මාවත දක්වා විහාරයේ දකුණු වාහල්කඩින් විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.


බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර පිළිබඳ සජීව විකාශය Channel 07 ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙනවා.

මාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කොට ඇති අතර මිය යන විට ඔහු 58 වන වියේ පසු වුණා.


රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීම සදහා මහනුවර ජනතාව මේ වන විටත් පැමිණෙමින් සිටින අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ,ව්‍යාපාරිකයින් සහ සමාජ ක්‍රියාකාරින් ද ඒ අතර වනවා.


දේහය පිළිබද අවසන් කටයුතු හෙට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ ලොහාන් රත්වත්තේ, 2010 වසරේදී පර්ලිමේන්තුවට තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසින්.


2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වු ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරුවා. 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.


ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර දැරු අතර 2024වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වුවා.


දේහය පිළිබද අවසන් කටයුතු හෙට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක්

ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර, 160 දෙනෙකු මිය ගොස් දහස් ගණනක් අවතැන් වී ඇති බව ඉන්දිය මාධ්‍ය වර්තා කරනු ලැබුවා.


බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ ඇසෑම් ඇතුළු ප්‍රාන්ත වඩාත් බලපෑමට ලක් වූ ඒවා අතර වන අතර, ගංගා සහ බ්‍රහ්මපුත්‍ර වැනි ගංගා උතුරා යමින් තිබෙනවා. ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් දියත් කර ඇති අතර, ජාතික ආපදා ප්‍රතිචාර බලකාය සහ ප්‍රාදේශීය ආපදා කණ්ඩායම් යොදවා අවතැන්වු පදිංචිකරුවන් ඉවත් කරමින් සිටිනවා. . මහාමාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර , දුම්රිය සේවා අඩාල වී, දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය ඇනහිටීම් ද වාර්තාවෙනවා.
ඇසෑම් හි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් 200,000 කට අධික පිරිසක් තාවකාලික සහන කඳවුරුවලට යොමු කර ඇති අතර, බිහාර් හි අධික වර්ෂාපතනය හේතුවෙන් බැමි කැඩී ගොස්, ගොවිබිම් සහ ජනාවස ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි වාර්තාවන්නෙ.
බලපෑමට ලක් වූ ප්‍රදේශවල ඉදිරි පැය 48 තුළ තවදුරටත් අධික වර්ෂාපතනයක්ඇතිවිය හැකිබව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, කඳුකර ප්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බවට අනතුරු අඟවවනවා.
ප්‍රාන්ත ආණ්ඩු පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ උස් බිම්වලට යන ලෙසත්, ගංවතුරෙන් යට වූ මාර්ග හරහා යාමෙන් වළකින ලෙසත්ය.