Hot News

පක්ෂ පාට නැති මාතර යූත් වර්ක් පා ගමනට තරුණ තරුණියෝ උද්‍යෝගයෙන් අකුරැස්සට එක් වෙයි

අගොස්තු 12 පැවැත්වෙන ජාතික තරුණ සම්මේලනය ගැන දැනුවත් කිරිමේ පාගමණක් අද අකුරුස්ස නගරයේ දි පැවැත්විය.…

Hot News

ධුරකාලය අවසන් කර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර හමුවක්

ධුරකාලය අවසන් කරන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර…

Hot News

විදේශීය මත්පැන් තොගයක් හා අන්සතු ගමන් බලපත්‍ර තිස් පහක් සමග සැකකරුවන් අත්අඩංගුවට

විදේශීය මත්පැන් තොගයක් හා අන්සතු ගමන් බලපත්‍ර තිස් පහක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක පොලිසිය විසින්…

පක්ෂ පාට නැති මාතර යූත් වර්ක් පා ගමනට තරුණ තරුණියෝ උද්‍යෝගයෙන් අකුරැස්සට එක් වෙයි

අගොස්තු 12 පැවැත්වෙන ජාතික තරුණ සම්මේලනය ගැන දැනුවත් කිරිමේ පාගමණක් අද අකුරුස්ස නගරයේ දි පැවැත්විය.

මේ සඳහා ජාතික තරුණ සේවා බලමණ්ඩලයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ටී.එල්.එල්. ජයසේකර ඇතුළු නිලධාරින්, youth club දිස්ත්‍රික් බලමණ්ඩල නියෝජිතයන් ඇතුලු විශාල තරුණ පිරිසක් එක්ව සිටියහ.

මාතර දිස්ත්‍රික්කයේ යෞවන සමාජවල බලමණ්ඩලවල තරුණ පිරිස් එක්‍ රොක්වූ මෙම පා ගමන අකුරැස්ස යෝජිත බස්නැවතුම්පොළ සිට අකුරැස්ස නගරය හරහා කිලෝමීටර් දෙකක් දුරක් පැවැත්විණි.

පෝස්ටර් කටවුට් බැනර් කොඩි රැගත් පාගමනට එක්වූවෝ ප්‍රජාව දැනුවත් කරමින් සිටින යෞවන සමාජ නියෝජිතයන් පාගමන අතරතුර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් එව්වා 

2025.08.06 ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රී

ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) රාත්‍රී වීදි සංචරයට එක්වේ.
දළදා පෙරහැර වීදි සංචාරයට එක්වීමට නියමිතව ඇත්තේ රාත්‍රී හත පසුවී මිනිත්තු හයට යෙදෙන සුබ මොහොතිනි.
දළදා වීදියෙන් ගමන් අරඹන පෙරහැර කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් විත් ඉහළට ගෙවැදීමට නියමිතය.
ඊයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පෙරහැර ගමනට එක්විය.

වැටුප් සහ වේතන වෙනුවෙන් වැය වූ මුදලේ වැඩිවීමක්

2024 පලමු මාස 6 තුල වැටුප් සහ වේතන වෙනුවෙන් වැය වූ රුපියල් බිලියන 352ක මුදල මේ වසරෙදී රුපියල් බිලියන 380 දක්වා වර්දනය වී ඇතැයි කැබිනට් ප්‍රාකාශක වෛද්‍ය නලින් ද ජයතිස්ස පවසනවා. 2024 සහනදාර වෙනුවෙන් වැය කල රුපියල් 570 ක් වූ මුදල රුපියල් බිලියන 680 දක්වා වර්දනය වී ඇතැයි ද අද ප්‍රවෘත්ති දෙපාර්තුපෙන්තුවෙ පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේදී සාකාචාවේදී අමාත්‍යවරයා වැඩි දුරටරත් කියා සිටියා.

සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන වර්ධනයක්

මෙ වසර අවසන්වනවිට විට සංචාරකයින් මිලියන 3 ක් ස්‍රි ලන්කාවට ගෙන්වා ගැනිම අපෙක්ශාව බව සන්චාරක සන්වර්දන අදිකාරිය පවසනවා. ඒ සදහා ආකර්ශනිය වැඩසටහන් රැසක් මෙවන්විටත් ගෙන අති අතර රටවල් හතකට පමන සිමාවිතිබු නිදහස් වීසා රටවල් හතලිහක් දක්වා වඩි කිරිම වනි ක්‍රියාවන් ඒ අතර වැදගත් පියවරයන් ලෙසයි සදහන් වන්නෙ .
පසුගිය සතිය වනවිට මෙරටට සන්චාරකයන්ගෙ පැමිනිම මිලියන 1.31 ක් වාර්තා වී ඇති අතර, අපෙක්ශිත ඉලක්ක කර යාමට ඉතිරි මාස පහ තුළ රටට තවත් සංචාරකයින් මිලියන 1.7 ක් පමණ ගෙන්වා ගැනීමට අවශ්‍යවි තිබෙනවා. මේ සඳහා මාසික පැමිණීම්වල සැලකිය යුතු වැඩිවීමක් අවශ්‍ය වනු ඇති අතර, අගෝස්තු සිට දෙසැම්බර් දක්වා මසකට සංචාරකයින් 340,000 ක් පමණ ඉලක්ක කර තිබෙනවා. 2025 දී මේ දක්වා එක් මාසයකදී වැඩිම පැමිණීම් සංඛ්‍යාව ජනවාරි මාසයේදී වර්‍ර්තාවු අතර එය 252,761 ක් වි තිබුනා. සාම්ප්‍රදායිකව සංචාරකයන්ගෙ පැමිනිමෙ ඉහලම අගයක් වාර්තාකරන ජුලි මාසයෙ යම් පසු බැමක් දක්නට ලැබිම අභියොගයක් වුවත් එය ජය ගනිම සදහා අව්ශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සන්චාරක සන්වර්දන අදිකාරිය පවසන්නෙ.
2025 මැද භාගය වන විට, ඉන්දියාව මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ සාදකයක් වි ඇති ඇතර , වසරේ මේ දක්වා ඉන්දියානු සංචාරකයින් 269,780 ක් පැමිණ තිබෙනවා. එක්සත් රාජධානිය සංචාරකයින් 124,652 ක් පැමින ඇති ඇතර රුසියාවනු සංචාරකයින් 114,644 ක් පැමිනිමත් සමඟ තුන්වන ස්ථානයට පමින තිබෙනවා. මෙරට සංචාරක ව්‍යාපාරයට කැපී පෙනෙන දායකත්වයක් දකවන අනෙකුත් රටවල් අතරට ජර්මනිය සහ චීනය ඇතුළත් වන අතර, පිළිවෙලින් සංචාරකයින් 82,096 ක් සහ 75,081 ක් එම රටවලින් මෙ වසරෙ පැමිණ තිබෙනවා.

COVID-19 වසංගතය සහ ආර්ථික උච්චාවචනයන් වැනි අභියෝග ජය ගනිමින් කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් සහ අනුවර්තනය වීමේ හැකියාවක් මෙරට සංචාරක අංශය පෙන්නුම් කරනු ලැබුවා. එ අනුව 2024 දී, සංචාරකයින් 2,053,465 ක් පැමින ඇති අතර එය 2023 ට සාපේක්ෂව 38.07% ක වැඩිවීමක්, 2025 දි එය තවදුරටත් ඉදිරියට යමින් මෙවනවිට සංචාරකයින්ගේ පැමිණීම් 2,676,596 ක් වි ඇති ඇතර එමගින් වසර අවසානයෙ මිලියන තුනක ඉලක්කයන් ඉටුකරගැනිමට හැකිවනු ඇතැයි අපෙක්ශාකෙරෙනවා. . එම අපේක්ශාව්න් කරා යාමට් . සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ආකර්ශනිය පහසුකම් විවිධාංගීකරණය කිරීම සහ ඵලදායී අලෙවිකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව මෙම වර්තාව්න් ත්වදුරටත් පෙන්වාදෙනවා

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජන

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ මත අයකෙරෙන තීරුබදු සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවට ඊයේ නැවතත් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකලා. ඉන්දියාව රුසියාවේ තෙල් මිලදී ගෙන යළි විකිණීම සිදුකිරීම මිට හේතු ව ලෙසයි ඔහු සදහන් කරන්නෙ .

එළඹෙන 7 වනදා සිට ඇමරිකාවට ආනයනය කරන ඉන්දියානු භාණ්ඩ මත සියයට 25ක තීරුබදු අයකරන බව පසුගිය ජුලි 31 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝයෙ සදහන්. එමෙන්ම රුසියාවේ තෙල් මිලදී ගැනීම් සමබන්ධයෙන් ඉන්දියාවෙන් දඩයක් අය කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබේනවා . පසුගිය අප්‍රේල් මාසයේ දී සියයට 10 ක මූලික තීරුබදුවලට අමතරව ඉන්දියානු භාණ්ඩ සඳහා සියයට 26 ක අන්‍යෝන්‍ය තීරුබදු අය කෙරන බවට ප්‍රකාශයට පත් කළ ද එය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
ට්‍රම්ප්ගේ නව තර්ජනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙලෙස ඉන්දියාව ඉලක්ක කිරීම අයුතු හා අසාධාරණ බවයි. ඉන්දියාවේ තෙල් ආනයනයකිරිමෙ පිලිවෙත වන්නෙ සිය පාරිභෝගිකයින් සඳහා සාධාරණ මෙන්ම දැරිය හැකි මිලකට බලශක්ති ලබා ගැනීම සහතික කිරිම බවයි. වෙනත් ප්‍රබල ආර්ථිකයන් ඇති රටවල් මෙන් ඉන්දියාව ද සිය ආර්ථික පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය සියලු ප්‍රති-පියවර ගනු ඇති බව ද ඉන්දියාව සඳහන් කර තිබේනවා. ඉන්දියාවට ඉහළ තීරුබදු පනවන බවට ඇමරිකාවෙ තර්ජනවලට මුහුන දිමට , ඉන්දියාවත් අවශ්‍ය ප්‍රති-පියවර ගැනීමට සූදානමින් සිටින බවයි ප්‍රකාශ කර ඇත්තෙ. ඇමරිකාවේ මෑතකාලීන ඒකපාර්ශ්වික තීරුබදු පිලිබදව ඉන්දියාව මෙන්ම බොහෝ රටවල් දැඩි විරෝධය පළ කර තිබෙනවා

කණ්ඩලමේ හැඩකාරයා සුව කර ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක්

කණ්ඩලම ජලාශයේ අසාධ්‍ය තත්ත්වයේ ජලය මත සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියා සුව කර ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරමින් සිටිනවා.
මේ වන විට අලියාගේ සෞඛ්‍ය තත්ත්වය යම් මට්ටමකින් හොඳ අතට හැරෙමින් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ගීරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය කණ්ඩායම සහ වනජීවීන් නිලධාරීන් කණ්ඩායම පසුගිය තුන්වැනි දා සිදුකරන ලද ප්‍රතිකාර සමග වන අලියා කණ්ඩලම වැව් දියෙන් ගොඩට ගැනීම සඳහා ඔවුහු දැඩි වෙහෙසක් සහ උපක්‍රමශීලීව පියවර ගැනීම විශේෂත්වයක්.
ඒ අනුව පශු වෛද්‍ය කණ්ඩායම සහ වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක් දරමින් ජලයේ සිටි වන අලියා සිටුවා කොස් කැබලි පෝලිමට තබා ජලයෙන් ගොඩට ගෙන ප්‍රතිකාර කිරීම් සිදු කර තිබුණා.
වෛද්‍ය කණ්ඩායමක් මෙන්ම වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙම කණ්ඩලමේ අලියාට දිගින් දිගටම ප්‍රතිකාර කළ ද ඔහුගේ පාදවලට දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවයි.
ඉදිරි පාද දෙකේම මේ වන විට තුවාල සිදුවී තිබෙන බවත් සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල දැක ගැනීමට හැකි වී ඇති අතර එම තුවාලවලට වෙනමම ප්‍රතිකාර කටයුතු සිදුකළ බවද වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.
ඉදිරියේ දී මෙම වන අලියාට දීගින් දිගටම ප්‍රතිකාර කටයුතු සිදුකිරීම අවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ධුරකාලය අවසන් කර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර හමුවක්

ධුරකාලය අවසන් කරන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර හමුවක් ඊයේ පැවැත් වුනා.හමුව සිදුවුනේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී .
ද්විපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීම වෙනුවෙන්,ලබා දුන් දායකත්වයට අග්‍රාමාත්‍යතුමිය ,මහ කොමසාරිස්තුමට තම ස්තුතිය පලකලා.මහ කොමසාරිස්වරයා රජය මෑත කාලින වශයෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග අගය කල අතර,ශී ලංකාවේ සංවර්දනයට ඔස්ට්‍රේලියාවේ සහාය අඛණ්ඩව ලබා දෙන බවයි.
අද්‍යයාපන ප්‍රතිසංස්කරන පිලිබදව,හා ලංකාවේ ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘති කෙරේ අවධානය යොමුකළ මහ කොමසාරිස්වරයා තම රටෙහි සහාය ඊට ලබා දෙන බවයි පවසා සිටියේ

රන්දෝලි පෙරහැර ආරම්භයත් සමඟ මහනුවර ආරක්ෂාව තර කිරීමට පියවර

රන්දෝලි පෙරහැර ආරම්භ වීමත් සමඟ මහනුවර නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක පවසනවා.
ඒ අනුව දැනට යොදවා ඇති 6000ක් වන පොලිස් බල ඇණියට තවත් නිලධාරීන් 500ක් යොදවා තිබෙනවා.
මේ බව පැවසුවේ ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ දී පැවැති මාධ්‍ය හමුවකදී
පෙරහැර ගමන් කරන මාර්ග ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කරන බව කී ඒ මහතා මහනුවර නගරය මඟහැර ගමන් කිරීම සඳහා දැනට නම් කර ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.
අත්‍යවශ්‍ය නොවේ නම් මහනුවර නගරයට පැමණීම අවම කරන ලෙසත් පෙරහැර නැරඹීමට පැඹිණෙන්නේ නම් ප්ලාස්ටික්, පොලිතීන් ආදිය රැගෙන ඒම හැකිතරම් අවම කරන ලෙස ත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කුඹල් පෙරහැර පැවැත්වුණු දින 05 තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සිද්ධි වාර්තා නොවුණත් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන්නන් ඇතුළු සැක සහිත යම් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක වැඩිදුරටත් පවසා සිටියා

අනුරාධපුර තලාව ප්‍රදේශයේ උග්‍රව තිබෙන අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම පිළිබද බොහෝ දේ මේ දිනවල කතා බහට ලක්වනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙම ගැට්ළුවට මුහුන දෙමින් දැඩි පීඩාවකට ලක්ව සිටින අනුරාධපුර තලාව ප්‍රදේශයේ උග්‍රව තිබෙන අලි මිනිස් ගැටුමක් පිළිබදව පුවතක් අපට වාර්තා වුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මාවත වැව සහ හෝනාව පෝස්පේට් රක්ශිතයේ වනා අලි මාරුවන ස්තානය හර්ස් කරමින් වන අලීන්ට වෙන් කර ඇති භූමි ප්‍රදේශය විනාශ කරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
එම ප්‍ර්දේශයේ වන අලි ජලය පානය කිරීමට පැමිණෙන ස්තානය සහ ඒ අවට ප්‍රදේශයේ ඇති දැවැන්ත ගස් කපා දමමින් දැඩි පරිසර විනාශයක් සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ. ප්‍රදේශයේ ව්‍යාපාරකයින් පිරිසක් මෙම වන විනාශය සිදු කරමින් සිටින අතර එම භූමියේ ගොඩනැගිලි ඉදිකරමින් පවතින බවයි ගම්වැසියන් ප්‍රකාශ කලේ.
ඔවුන් එම රක්ශිත ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකර වගා කටයුතු ආරම්භ කර ඇති බවද ප්‍රදේශවාසීන් චෝදනා කලා.
මේ හේතුවෙන් වන අලීන් ගැවසෙන ප්‍රදේශ අවහිර වී ඇති අතර වන අලීන් ගම් වැදීම සිදු ව්න බවයි ඔවුන් සදහන් කලේ.
මේ නිසා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ වගා බිම් නිරන්තරයෙන් හානි ව්න අතර රාජ්‍ය ආයතන මේ පිළිබදව දැනුවත් කලත් කිසිදු පියවරක් ගෙන නැහැ.
අදාල රක්ශිත ප්‍රදේශයේ ඉඩම් කැබලි විවිධ පිරිස් විසින් අත්පත් කරගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.
මේ පිළිබද අවධානය යොමු කර ගැටලුවට නිසි විසදුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නේ

විදේශීය මත්පැන් තොගයක් හා අන්සතු ගමන් බලපත්‍ර තිස් පහක් සමග සැකකරුවන් අත්අඩංගුවට

විදේශීය මත්පැන් තොගයක් හා අන්සතු ගමන් බලපත්‍ර තිස් පහක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළින් එම මත්පැන් වාහනයකින් රැගෙන පලා යමින් සිටියදි පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තියෙනවා
මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ශ 5 පමනවන බවයි පොලිසිය පවසන්නේ.
අවුරුදු 22 වන ප්‍රදාන සැකකරු දියතලාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.මිය ගිය කාන්තාවන්ගේ,බික්ශුන් වහන්සේගේ,හා ශිශ්‍යයන්ට අයත් ගුවන් බලපත්‍ර ඔහු සතුව තිබු බව පොලිසිය කියා සිටිනවා.ඒ අතර කල් ඉකුත් හා අවලංගු ගුවන් බලපත්‍රද ඇතුළත්. ප්‍රදාන සැකකරුට අයත් ගමන් බලපත්‍ර 06 තුඹු බවයි පොලිය කියා සිටියේ.
අනෙක් සැකකරු වත්තල ප්‍රදේශ්යේ පදිංචි කරුවෙක් වන අතර සිද්දිය පිලිබද කටුනායක පොලිසිය පරීකශන පවත්වනු ලබනවා