Hot News

විදෙස් කටයුතු අමාත්‍යංශය ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ වලට අදාළ සැලැස්ම පිළිබඳ…

Hot News

ඊශ්‍රායල ඉරාන ගැටුම සම්බන්ධයෙන් ‍ ඇමරිකානු ජනපති රටේ ජාතික ආරක්ෂක කණ්ඩායමේ රැස්වීමක් කැඳවයි

ඊශ්‍රායල-ඉරාන හමුදාමය ගැටුම සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(17) පස්වරුවේ ධවල මන්දිරයේදී ජාතික…

Hot News

කාන්තාවන් ශ්‍රම බලකාය වෙත යොමුවීමෙන් රටේ දළ දේශීය නිශ්පාදනය 20% කින් වැඩි කල හැකියි.

කාන්තාවන්ට ශ්‍රම බලකාය වෙත යොමුවීමට වැඩි ඉඩක් ලැබීමෙන් මෙරට දළ දේශීය නිශ්පාදනය 20% ක අගයකින්…

“2025 කතරගම පාද යාත්‍රාව” පරිසර හිතකාමී පා ගමනක් කරගන්නැයි උපදෙස්

යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව 30,000 කට අධික බවයි වාර්තා වන්නේ. පාද යාත්‍රාව හෙට ආරම්භ කිරීමට නියමිතයි.

මේ පිළිබඳව දැනුවත් කරන මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

පාද යාත්‍රාව පරිසර හිතකාමී ගමනක් ලෙස සිදු කිරීම ගැන බැතිමතුන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.


පා ගමන පරිසර හිතකාමව පවත් වන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම පසුගිය වසරවක පැවති පාද යාත්‍රා තුලින් විශාල පරිසර හානියක් සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

සාකච්ඡාවට සහභාගී වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් මාරසිංහ මහතා කියා සිටියේ වන සතුන්ට බාධාකාරී සිදුවීම් සිදුවුවහොත් ඊට වනජීවී දෙපාර්තමේන්තුව මැදිහත්ව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ක්ලීන් ශ්‍රී ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ටත් එයි

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලය මගින් සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රීරෝද ර රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.


එහි මූලික සාකච්චාවක් ඊයේ (18) ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුණා.
පළාත් 9 යම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් 10,000 ක් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.


එක් පළාතක වැඩසටහන් 10 බැගින් සිදු කිරීමට අපේක්ෂා කරයි. ඒ සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ඇස්තමේන්තු කර ඇත.


ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති පිළිබද දැනුම ලබා දීම, ත්‍රිරෝද රථ රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටු වන අයුරින් සේවා සැපයීම සහ සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දීම යන කරුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් (ඉංජිනේරු) එස්.පී.සී. සුගීෂ්වර, මුදල් අමාත්‍යංශය, නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, උතුරු පළාත් සභාව, සබරගමුව පළාත් සභාව, සංචාරක පොලීසිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් එක්වී සිටියා.


සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුන්ගේ වෘත්තීය සමිතිය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය, ජාතික ටැක්සි ඇප් රියදුරන්ගේ එකමුතුව, සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමය, ශ්‍රී ලංකාවේ ඇප් ප්‍රවාහකයන්ගේ සම්මේලනය යන සංගම්වල නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්වුනා.

මෙම වසර තුළදී ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් ඇරඹීමට යයි.

මෙම වර්ෂය තුළදී ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්  අරඹන බව ද එහි ඉදිකිරීම් කටයුතු වසර දෙකයි මාස 6කින් දිවයින පුරා සියලු ඉදිකිරීම්  කටයුතු නිම කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ වැඩමුළුවට සහභාගී වෙමිනි.

මෙය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ  “සංකථනි” ශාලාවේදී පැවැත්වුණා. දිවයින පුරා මෙම ඉදිකිරීම් සිදු කෙරේ.  

වාර්ෂිකව රුපියල් බිලියන 200කට වඩා අඩු මුදලකින් ඖෂධ සහ ශල්‍ය අංශයන්හි ගැටළු විසඳීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ  ප්‍රාථමික සෞඛ්‍ය ව්‍යාපෘතිය පිළිබඳ වැඩමුළුවට සහභාගී වෙමිනි.  

නව බඳවාගැනීම් වලින් සහ දැනට පුහුණුව ලබන කාර්යමණ්ඩල වලින් ප්‍රාථමික අංශයට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල ලබා දීමට නියමිතයි.

දැනට රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් පළමු අදියරේ දී ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

සෞඛ්‍ය පිළිබඳව මහජනතාව සවි බල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

මේ සදහා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

පෙර පාසල් දරුවන් භයානක රෝග වලින් බේරා ගැනීමේ ආරක්ෂිත වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.

පෙර පාසල් දරුවන් භයානක රෝග වලින් බේරා ගැනීමේ ආරක්ෂිත වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.

ඒ සඳහා දරුවන් තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වේ.

මෙය සෞඛ්‍ය වර්ධන කාර්යාංශය අධ්‍යාපන අමාත්‍යංශයේ ද සහාය ඇතිව ක්‍රියාවට නංවයි. මේ සඳහා නවීන සන්නිවේදන මෙවලම් උපයෝගී කර ගනිමින් දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කෙරේ.

යහපත් සෞඛ්‍ය පුරුදු වලට හුරු කිරීම, නිවැරදි ආහාර රටාවන් සහ ක්‍රියාකාරි වැඩ වලට දරුවන් යොමුකිරීම මේ යටතේ සිදු කෙරේ.

විවිධ වූ රෝගී තත්ත්වයන්ගෙන් සමාජ මුදවා ගැනීමේ මූලික පියවරක් ලෙස මෙය ආරම්භ කෙරේ.

දරුවන් ක්‍රියාකාරකම්වලින් ඈත්වී විද්‍යුත් තිරවලට ඇබ්බැහිවීම භයානක තත්ත්වයකි.

විදෙස් කටයුතු අමාත්‍යංශය ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ වලට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. විදෙස් දූත මණ්ඩල සේවා ,දේශීය ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයින් ලබාදෙන සේවා සඳහා විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වාදීම යනාදියට මෙහි වැඩි අවධානයක් යොමු වුණා.


මෙම ප්‍රතිසංස්කරණ මගින් පරිපාලන ප්‍රමාදය අවම කිරීමටත් ,පරිශීලකයින්ගේ පහසුව වැඩි දියුණු කිරීමටත් අපේක්ෂිතයි.


මෙම රැස්වීමට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යය අරුන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුණා.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊශ්‍රායල ඉරාන ගැටුම සම්බන්ධයෙන් ‍ ඇමරිකානු ජනපති රටේ ජාතික ආරක්ෂක කණ්ඩායමේ රැස්වීමක් කැඳවයි

ඊශ්‍රායල-ඉරාන හමුදාමය ගැටුම සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(17) පස්වරුවේ ධවල මන්දිරයේදී ජාතික ආරක්ෂක කණ්ඩායමේ රැස්වීමක් කැඳවීය. ඔහු, ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාර සඳහා ඊශ්‍රායලයට එක්වීම ඇතුළු විකල්ප මාලාවක් සලකා බලමින් සිටින බව එරට මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

“අපගේ ඉවසීම අවසන් වී ඇති” බවත් “කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින” බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(17) සමාජ මාධ්‍යන් හි සටහනක් තබමින් කියා සිටියේය.

වාර්තාවලට අනුව, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් හා සිවිල් වැසියන්ට එරෙහි ගුවන් ප්‍රහාර මෙන්ම, එරට දේශපාලන බලය වෙනස් කිරීමට තුඩු දිය හැකි හමුදා මෙහෙයුම්වලටත් දැඩි ලෙස විරුද්ධ බව කැනඩාවේ G7 සමුළුවට සහභාගී වෙමින් සිටි ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා ප්‍රකාශ කර ඇත. හැකි පමණින් සාකච්ඡා නැවත ආරම්භ කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
-CGTN Sinhala

Clean Sri Lanka කියන්නේ life style එකක්

“සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්, Clean Sri Lanka වැඩසටහන රටේ සියලු දෙනාගේ life style එක විය යුතු බවත්” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.


අග්‍රාමාත්‍යවරිය අරලියගහ මන්දිරයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචනයකට එක් වෙමින් මේ බව කියා සිටියා.


අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවේ “මෙය කළ යුතුව තිබුණේ වසර පනහකට පමණ පෙර බවත්,අපට කල් තිබෙන බවයි. Clean Sri Lanka කියන්නේ නිකම්ම නිකං Clean කිරීමක් නෙවෙයි.

ඒ වගේම මේ වැඩසටහන යටතේ පාසල් වලින් ඇති කරමින් යන වැසිකිලි කැසිකිළි පහසුකම් වලදී ආබාධිත ප්‍රජාවන්ගේ පහසුව සහ අවශ්‍යතා පිළිබඳ අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු බවයි” සඳහන් කළේ.


මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශය සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් පිරිසක් එක්වුණා.

ඩෙංගු රෝගීන් 26,775 ක් සහ ඩෙංගු මරණ 14 ක් වාර්තා වේ.

අද වන විට ඩෙංගු රෝගීන් 26775 සහ ඩෙංගු මරණ 14 ක් වාර්තාවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර පවසනවා.


වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඊට අමතරව අනෙකුත් දිසිකවලින් රෝගීන් වාර්තා වෙනවා.


ඇතිවී තිබෙනවා මෝසම් වර්ෂාව නිසා මදුරු ඝනත්ව වැඩි වී තිබෙනවා.
දින දෙකකට වැඩියෙන් උන තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා.


ඩෙංගු ව්‍යාප්තිය අඩු කර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාල මගින් වැඩසටහන් දියත් කර තිබෙනවා.


ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ජුනි මස තිස් වැනිදා සිට ජූලි මස පස් වැනිදා දක්වා දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111 ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ.
ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන විනාශ නොකරන අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

කාන්තාවන් ශ්‍රම බලකාය වෙත යොමුවීමෙන් රටේ දළ දේශීය නිශ්පාදනය 20% කින් වැඩි කල හැකියි.

කාන්තාවන්ට ශ්‍රම බලකාය වෙත යොමුවීමට වැඩි ඉඩක් ලැබීමෙන් මෙරට දළ දේශීය නිශ්පාදනය 20% ක අගයකින් වැඩි කළ හැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.


“ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ආර්ථික සහභාගිත්වය වර්ධනය කිරීම” යන තේමාව යටතේ ලෝක බැංකු සමූහය මඟින් සංවිධානය කරන ලද වැඩසටහනක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුනා.
ඒ කොළඹ cinnamon Life හෝටලයේ දී.


ළමා රැකවරණය තහවුරු කර කාන්තාවන් වැඩි වශයෙන් රටේ ආර්ථිකයට සම්බන්ධ වීමේ අවස්ථා පුළුල් කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන පැවැත්වුනා.


ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ළමා ආරක්ෂණය කිසිසේත්ම කාන්තාවන්ට පමණක් වෙන් වූ වගකීමක් නොවන බවයි.


රටේ ආර්ථික ප්‍රගතිය සදහා කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ වීමේ අවස්ථා පුළුල් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය පවසනවා.


සංඛ්‍යා ලේඛන අනුව 32%ක් වන මෙරට කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය 74% ක් වන පිරිමින්ගේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු අඩු අගයක් ලෙස පෙන්වූව ද මෙරට ආර්ථිකය වෙනුවෙන් කාන්තාව දක්වන අසීමිත මෙහෙය එලෙස සංඛ්‍යා ලේඛන මඟින් ලඝු කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.


ළමා ආරක්ෂණ සේවා සපයන ව්‍යාපාර සඳහා බදු දිරිගැන්වීම් ලබා දීම, වැඩකරන පවුල් සඳහා ආර්ථික සහනාධාර ලබා දීම සහ එම සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක රාමුවක් දැනටමත් ක්‍රියාත්මක වේ.


ඒ වෙනුවෙන් ලෝක බැංකු සමූහය මගින් ලබා දෙන සහයෝගය ද අග්‍රාමාත්‍යවරිය විසින් විශේෂ ඇගයුමට ද ලක් කර තිබෙනවා.