Hot News

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායම අතර හමුවක්.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අභිවෘද්ධිය වෙනුවෙන් චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් සහ මෙරට ඊට…

Hot NewsSport News

අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන් බවයි.

අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන්…

අපරාධ මැඩලීමට පොලීසියෙන් නව මෙහෙයුමක්

අපරාධ වැඩියෙන් සිදුවන පොලිස් ස්ථාන 52ක් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම පොලිස් ස්ථාන 52 ආවරණය කරමින් විශේෂ බලකා කණ්ඩායම් 15ක් යොදවා මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි අමත්‍යවරයා ප්‍රකාශ කළේය.
දිවා රාත්‍රී මුර සංචාර, ජංගම සංචාර, හදිසි මාර්ග බාධක, බුද්ධි තොරතුරු එක් රැස් කිරීම වැනි පොලිස් රාජකාරී විශේෂ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.


ඊට අමතරව සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැලැක්වීමට බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්යාංශය, කොළඹ අපරාධ කොට්ඨාශය ඒකාබද්ධ වී විශේෂ කාර්ය සාධක බලකා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.

ත්‍රිවිධ හමුදාවේ දොලොස් දහසකට අධික පිරිසකට උසස්වීම් ප්‍රදානය කෙරේ

ජාතික රණවිරු සැමරුමේ කොටසක් ලෙස ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 217 දෙනෙකුට සහ සෙසු නිලයන් 12,217 කුට මෙලෙස උසස්වීම් ප්‍රදානය කර ඇත. මෙම උස්ස්වීම් ඊයේ (19) සිට ක්‍රියාත්මක වන බව ආරක්ශක අමාත්‍යංශය පැවසීය.
නාවික හමුදාව විසින් නිලධාරීන් 22 ක් සහ සෙසු නිලයන් 1256 දෙනෙකු මෙලෙස උසස් කර ඇත. නිලධාරීන් 9 දෙනෙකු සහ අනෙකුත් නිලයන් 868 දෙනෙකු ගුවන් හමුදාව විසින් උසස් කර ඇති අතර යුද්ධ හමුදාවේ නිලධාරීන් 186 දෙනෙකු සහ අනෙකුත් නිලයන් 10,093 දෙනෙකු ද උසස් කර ඇති බව පැවසේ.

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායම අතර හමුවක්.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අභිවෘද්ධිය වෙනුවෙන් චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් සහ මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධව අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ සහ දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණෙන් මෙම හමුව පවත්වන ලදී.
වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ (China International Communications Group – CICG) සභාපති ඩූ ෂැන්යුවාන් මහතා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම සකච්චාවට එක්විය.
මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ශක්තිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය වන මානව සම්පත් සංවර්ධනය සහ ඊට අදාළ විශේෂඥ දැනුම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මුල්‍ය ආධාර ලබාගැනීම, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සහ නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ භාවිතය, රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය මෙන් ම සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය උදෙ‍සා සන්නිවේදන ක්ෂේත්‍රයේ භාවිතාවන් වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහි දී දීර්ඝ ව සාකච්ඡා සිදු කෙරිණි.

අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන් බවයි.

අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන් බවයි.

මානුෂීය ආධාර ලබාදීම සඳහා ගාසා තීරයට ඇතුල්වීමට එක්සත් ජාතීන්ට ඊශ්‍රායලය ඉඩ ලබාදෙයි.

දරිද්‍රතාවය හා බෝම්බ බියෙන් වෙලී මාස හතරක් හුදෙකලාව සිටි ජනතාව සඳහා මානුෂීය ආධාර රැගත් රථ පෙළක් ගාසා තීරය වෙත ලඟාවනා අයුරු බටහිර මාධ්‍ය වාර්තා කලා.

මිලියන 2.1 ක් වන පලස්තීනුවන් සඳහා මෙම ආධාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ.

මෙරට ප්‍රථම මී මැසි උයන විවෘත කෙරේ

ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ සභාපති , බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බිඟුසම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාරගේ සහ BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ ලේකම් නිලනොලත් මහෙස්ත්‍රාත්, නීතිඥ ලක්මල් වික්‍රමආරච්චිගේ සහභාගිත්වයෙන් පසුගියදා බිංගිරිය, විහාරගම BLESS Nature Park හිදී විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ මී පැණි අවශ්‍යතාවය සඳහා විද්‍යාත්මකව මී මැසි පාලනය දියුණු කිරීම අවශ්‍ය වී ඇත. දැනට විදෙස් රටවලින් පවා මීපැණි මෙරටට ගෙන්වන අතර ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීම මී මැසි උද්‍යානයේ ප්‍රධාන අරමුණ වේ. ඒ සඳහා ජනතාවට විද්‍යාත්මකව මී පැණි පාලනය පිළිබඳව ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම අවශ්‍ය වේ.

බිංගිරිය මී මැසි පාලන උද්‍යානය අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආධුනික සහ ප්‍රවීණ මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව ලබා දීමට නියමිතය. ප්‍රථම අදියර යටතේ වනාන්තරය පුරා ශාකවල මැටි කලගෙඩි රඳවන අතර එම කලගෙඩිවලට පැමිණෙන මී මැස්සන් පෙටිට් ගත කිරීම දෙවන පියවර වේ. තුන්වන පියවර ලෙස මී මැස්සන් බෝ කිරීම හා සංරක්ෂණය කිරීම සිදුවන අතර ඒ සඳහා අත්‍යාවශ්‍ය බොහෝ ගෝචර ශාකයන් මෙම උද්‍යානය තුල පිහිටා ඇත. එම රමණීය භූමිභාගය අනාගතයේදී දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් වනු ඇතැයි නීතිඥ ලක්මල් වික්‍රමාරච්චි සඳහන් කළේය.
ආධුනික මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, තාක්ෂණික උපකරණ, ලිපි ලේඛන, පොත්පත් සියල්ලම මෙම ස්ථානයේදී ලබා ගැනීමට හැකියාව පවතී. මෙලෙස ආරම්භ කරන වැඩසටහන අනාගතයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය අපූරු දායාදයක් වනු ඇත. මෙම මී මැසි උද්‍යානය සංවර්ධනය කර අවසන් කළ පසු දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනයක් සිදු කිරීමට නියමිතය.

වෙනස්කොට සැලකීමේ පියවර නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

චීන චිප් නිෂ්පාදන ඉලක්ක කරගත් අපනයන පාලන පියවර අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව චීනය ඇමරිකාවේ ක්‍රියාකලාපය හෙළා දකියි. එම වැරදි ක්‍රියාව වහාම නිවැරදි කර චීනයට එරෙහිව සිදු කරන වෙනස් කොට සැලකීමේ පියවර නතර කරන ලෙස චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (19) ඉල්ලීමක් කළේය.

ඇමරිකාව, චීන චිප් නිෂ්පාදන සම්බන්ධයෙන් සංශෝධිත පාලන පියවර සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ, නිවේදනයේ සාරාංශයක් ලෙස වෙනස්කම් කිරීමේ පියවර තවමත් අඩංගු වන බවයි. එය වෙළඳපොල විකෘති කරනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ඇමරිකාව චීන අපනයන පාලන පියවර අනිසි ලෙස භාවිතා කර ඇති අතර පදනම් විරහිත චෝදනා මත පදනම්ව චීන චිප් නිෂ්පාදන සඳහා දැඩි සීමාවන් පනවා ඇති බව ප්‍රකාශකයා පැවසීය. චීනය එවැනි ඒකපාර්ශ්වික හිරිහැර කිරීම්වලට දැඩි ලෙස විරුද්ධ වේ.

ඇමරිකාවේ මෙම පාලන ක්‍රියාමාර්ග චීන සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා බරපතල ලෙස උල්ලංඝනය කරන අතර කාර්මික සහ සැපයුම් දාමවල ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයකි. එමෙන්ම ගෝලීය තාක්ෂණික නවෝත්පාදනයට බාධා කර ඇති බව ද ප්‍රකාශකයා සඳහන් කළේය.

ජිනීවාහි පැවති ඉහළ මට්ටමේ සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතාවය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා සහ තිරසර, දිගුකාලීන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ කටයුතු කරන ලෙස ප්‍රකාශකයා ඇමරිකා පාර්ශවයෙන් ඉල්ලා සිටී.

ඇමරිකාව චීනයට සැලකිය යුතු හානියක් සිදු කිරීම අඛණ්ඩව සිදු කරන්නේ නම්, චීනය එහි නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨානශීලී පියවර ගන්නා බව ද ප්‍රකාශකයා පැවසීය.
-CGTN Sinhala

ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම් දීමක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ හේතුවෙන් මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඔවුන් වැඩිදුරත්ත් ඉල්ලා සිටිනු ලැබේ.

මේවන විට දිනකට 4000ක් පාස්පෝට් නිකුත් කරනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

මේවන විට දිනකට 4000ක් පමණ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මීට පෙර දෛනිකව 1200කට වඩා අඩුවෙන් ගමන් බලපත්‍ර නිකුත් කර තිබූ බවත් මේවන විට දෛනික නිකුත් කිරිම් වඩා කාර්යක්ෂම කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වව්නියාව කාර්යාලයේ දෛනික ගමන් බලපත්‍ර නිකුත් කිරිම 50 සිට 200 දක්වා වැඩි කර ඇති බවත් මහනුවර, කුරුණෑගල, මාතර කාර්යාලවලත් දෛනික නිකුත් කිරීම් වැඩි කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොළඹට නොපැමිණ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය වැඩපිලිවෙල සකස් කර ඇති බවත් මේවන විට සේවක හිඟයට පිළියමක් ලෙස ආගමන විගමන නිලධාරීන් 180ක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඊ පාස්පෝට් නිකුත් කිරීම සඳහා මේවන විට ටෙන්ඩර් කැඳවීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තිදෙනෙක් අද බොක්සිං වළල්ලට

ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේ 8 වන දින වන අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 3 දෙනෙකු තරග වැදීමට නියමිතය. ඒ කිලෝ ග්‍රෑම් 75, 54 සහ 57 යන බර පන්ති නියෝජනය කරමිනුයි. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දින සිට ආරම්භ වේ.
මෙම තරග අද දහවල් 12 ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය එලබෙන 23 දායින් අවසන් වීමට නියමිතයි.

අද (මැයි 20) දින කාලගුණ අනාවැකිය

අද දින නිරිත දිග මෝසම් තත්වය දිවයින පුරා ස්ථාපිතව පවති. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇතිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලීමිටර් 75ක් පමණ තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරුමැද පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර පළාත තුළ හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

වයඹ, උතුරුමැද, උතුරු, මධ්‍යම සහ දකුණු පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විටින් විට පැයට කිලෝමීටර් 30 සිට 40 ත් අතර වේගයෙන් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සෑම ආරක්ෂිත පියවරක්ම ගන්නා ලෙස මහජනතාවගෙන් කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුව ඉල්ලා සිටියි.