ඒකාබද්ධ කාලසටහනට බස් රථ ධාවනය කිරීම සදහා සාකච්ඡා

                  රජය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත පුත්තලම් මාර්ගයේ , කොළඹ සිට යාපනය දක්වා සහ ආපසු ගමන් වාර සටහන් ඒකාබද්ධ කිරීම පිළිබඳ මාධ්‍ය හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙම මාධ්‍ය හමුවට. ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සභාපති ඉංජිනේරු පි. ඒ. චන්ද්‍රපාල ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක සහභාගි වුණා.


මෙය බහුවිධ ප්‍රවාහන වැඩසටහනේ මූලික ආරම්භයයි.
අනාගතයේදී බස් රථය, දුම්රිය සහ අනෙකුත් බහුවිධ ප්‍රවාහන අවශ්‍යතා එක ස්ථානයකින් ඒකාබද්ධ කාල සටහනකින් ක්‍රියාත්මක වීම තුලින් මගී ජනතාවට ඉතාමත් පහසු සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීම රජයේ ප්‍රමුඛ අරමුණ වේ.

මෙම වැඩසටහනෙහි පසුබිම සහ මෙම තත්ත්වයට රැගෙන ඒම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංගමය (SLTB) සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පුද්ගලික අංශයේ බස් හිමියන් ඒකාබද්ධව සිදුකළ කාර්ය භාරය.
  • 2.1 මාර්ග අවශ්‍යතාවය සොයා බැලීම සහ ඒ අනුව බස් රථ අවශ්‍යතාවය සහ කාල සටහන් අවශ්‍යතාවය හඳුනා ගැනීම.
  • 2.2 එම ඉහත මාර්ග අවශ්‍යතාවය ඒකාබද්ධ කාලසටහන් ගත කිිරීම.
  • 2.3 එම කාලසටහන් අනුව ඒකාබද්ධ බස් ධාවනය සඳහා සිදුකළ යුතු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම් හඳුනා ගැනීම.
  • 2.4 මාර්ග පර්යන්තය, බස් නැවතුම් සහ කාලසටහන් ක්‍රියාන්විතය සඳහා නිලධාරින් හඳුනාගැනීම.
  • 2.5 ඉහත වැඩසටහන ස්ථිරසාර කිරීම සඳහා සැලසුම.
  • 2.6 සමස්ථ වැඩපිළිවෙල ඒකාබද්ධව නියාමනය (NTC, SLTB, රථ වාහන පොලීසිය)
  • 2.7 රියදුරාට විවේකය සැලසීම.
  • 2.8 ආපනශාලා, පිරිසිදු ආහාර, සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ නියාමනය.
  • 2.9 ඉහත සමස්ථ වැඩපළිවෙල තුළින් මගියාගේ විශ්වාසය ඛන්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ශව අතර සන්නිවේදනය.
  1. NTC, CTB (SLTB) ඉහත අංක 2 යථාර්ථයක් කිරීම සඳහා සිදුකළ යුතු කාර්ය භාරය
  • 3.1 SLTB, NTC අතර සාකච්ඡා සහ එකඟතාවය මඟින් ඒ සඳහා සූදානම් කිරීම.
  • 3.2 LTB,NTC සහ පුද්ගලික බස් හිමියන් අතර එකඟතාවය සඳහා සංවාද පැවැත්වීම.
  • 3.3 ක්ෂේත්‍ර සමීක්ෂණ සඳහා.
  • 3.4 දළ කාලසටහන් නිරමාණය.
  • 3.5 එම කාලසටහන් SLTB ආයතනයේ ඩිපෝ කළමනාකරුවන් සහ පුද්ගලික බස් හිමියන් සමඟ එකඟතාවය සිදු කර ගැනීම.
  • 3.6 NTC,SLTB ආයතන ප්‍රධානීන් සහ SLTB සිටින කළමනාකරුවන් සමඟ සහ පුද්ගලික බස් හිමියන් සමඟ අවසාන එකඟතාවය වෙනුවෙන් සාකච්ඡා සඳහා එකඟතාවය.
  • 3.7 එම කාලසටහන් හාපර්යන්ත NTC ආයතනය සහ SLTB ආයතනය ඒකාබද්ධව ක්ෂේත්‍ර වැඩසටහනක් තුළින් Bastion Mw (බැස්ටියන් මාවත) බස් පර්යන්තයේ ප්‍රදර්ශනය කිරීම.
  • 3.8 මෙම ඒකාබද්ධ කාලසටහන් සදහා භූමියේ සිදුකළ යුතු යටිතල පහසුකම් සැකසීම. NTC, SLTB, CMC සහ රථ වාහන පොලීසිය ඒකාබද්ධව සිදු කිරීම.
  • 3.9 ඉහත ක්‍රියාන්විතය සඳහා NTC සහ SLTB ඒකාබද්ධව නිලධාරින් සේවයේ යෙදවීම.
  • 3.10 මෙය අනාගත සැලසුමේ මූලික පියවරක් ලෙස හුදෙක්ම මගී පහසුව පෙරදැරිව ක්‍රියාත්මක කිරිම.
  1. අනාගත සැලසුම්
  • 4.1 GPS තාක්ෂණය මඟින්මෙම ඒකාබද්ධ කාලසටහන් භූමියේ ක්‍රියාත්මක වීම මධ්‍යගත මැදිරියක සිට නිරීක්ෂණ්‍ය කිරීමත් එමඟින් මෙම වැඩපිළිවෙල සාර්ථක දිසාවට මෙහෙයවීමත් සිදු කරනු ලබයි.
  • 4.2 මෙම තාක්ෂණික මෙවලම් වල දිගුවක් මගී ජනතාව වෙත ලබාදීමෙන් ඔවුන් මෙම ක්‍රියාවලියේ සක්‍රීය කොටස් කරුවන් කර ගැනීම.
  • 4.3 මගියා සහ සියළු පාර්ශව අතර සන්නිවේදන වැඩපිළිවෙලක් නිර්මාණය සහ ස්ථාපනය.
  • 4.4 කාලසටහන සහ එය හොදින් ක්‍රියාත්මක වීමේ ඵලය අත්විදීම සහ ඒ තුළින් ගුණාත්මක භාවය ඉහළ නැංවීම.
  • 4.5 ඵලදායී ලෙස බස්රථ ධාවනය තුළින් ජාතික ආර්ථිකය සහ සමපාත වන ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම.

Comments (0)

Your email address will not be published. Required fields are marked *