අද දින පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වෙත මාධ්‍යට අදහස් දක්වමින්
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් පැවසුවේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තුර වර්ජනය නැවැත්වීම සම්බන්ධයෙන් නිෂ්චිතව කිව නොහැකි බවයි
ඒ අනුව ඔවුන් කියා සිටියේ “සාකච්ඡාව පිළිබඳ අවසන් තීන්දුවක් පැවය සිය නොහැකි බවත් . තැපැල්පතිවරයා ලිඛිතව ඔවුන් ට දැනුම් දිය යුතු බවත් . යම් යම් කාරණා ගැන එකඟතාවයන් තිබිය යුතු බවත් . ලිඛිතව ලියවිල්ලක් ඉදිරිපත් වුණාට පස්සේ. ඒ ලියවිල්ලත් එක්ක ඔවුන් වැඩවර්ජනය ගැන අවසන් තීන්දුවක් ගන්නා බවත් ය “
විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක උනා
වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්ව තිබේ
තැපල් වර්ජය අවසන්