ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබා ගත්තා.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක ලිටන් දාස් සමත් වූ අතර ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගත් අතර බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ජය වාර්තා කළා.