අද (21) දිනයේත් බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.