ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (23) පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්ථානය සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා.
එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් ලබා ගැනීමට සමත්වුණා.