ජනපති සහ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *