තානාපති සහ මහකොමසාරිස් කාර්යාල 07ක නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අද අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුවිය. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී. මෙම හමුවේ දී විජිත හේරත් මහතා රජයේ ඉලක්ක සහ අභිලාෂයන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට පෙන්වා දෙන ලදී. තමන්ගේ සේවා කාලයේ ඉදිරි සැලසුම්, වැඩපිළිවෙල් පිළිබඳව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අමාත්‍ය තුමා හමුවේ ඉදිරිපත් කිරීමකද සිදුකළා. මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය සහ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
Related Posts
රනිල්ට හෙටත් ඇප ලබාගන්න බැහැ
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු…
ශ්‍රී ලංකාවට අනන්‍ය ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ දී
ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා හා ඉලක්ක හඳුනා ගනිමින්…