ඩක්කුවක් කඩාවැටී හිමිවරු හත්නමක් අපවත් වෙති

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත් දෙනෙකු අපවත්වී තිබෙනවා.

ඉන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු බවයි වාර්තා වන්නේ.

ඊයේ (24) රාත්‍රී 9.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර භික්ෂූන් වහන්සේලා 13ක් අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ ගමන් ගෙන තිබුණා.

බරපතළ තුවාල ලැබූ හිමිවරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *