‘පහල්ගම්’ ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩ නියම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්චාවේදී ඉන්දීය නායකයා පවසා සිටියේ, එම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකරන අතර විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග බෙදාගන්නා බවයි.
පාකිස්තානය ඊට එරෙහිව පැමිණිළි කිරීමෙන් අනතුරුව කමිටුවක තීරණයකට අනුව දඩ නියම කිරීම සිදුකර තිබෙනවා.
ඊට එරෙහිව ඉන්දියාව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන පහල්ගම් වෙත අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් 26 ක් මරණයට පත්වූ අතර ඉන්දියාව චෝදනා කළේ මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවටයි.