ජනපති අනුර අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවේ

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතයි.

අද (28) උදෑසන Shin- Osaka දුම්රියපොළින් ටෝකියෝ බලා පිටත් වූ ජනාධිපතිවරයා අද පස්වරුවේ ටෝකියෝහිදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතව තිබෙනවා.

සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *