ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වුණා.
ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.