ප්‍රඥා ප්‍රදීප පෝදා සජීව විකාශය ඔලබොඩුව රාජමහා විහාරයේ සිට

වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී යි.

වප් පොහෝ දින Channel 7 ප්‍රඥා ප්‍රදීප පෝදා සජීව විකාශය මෙවර රයිගම්පුර ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාර පුන්‍ය භූමිය මූලික කරගනිමින් අද දවස පුර දාන ශිල, භාවනා වැඩසටහන් රැසක් පැවැත්විමට කටයුතු කර තිබෙනවා.

පළමුවෙන්ම ශීල සමාදානය, අනුශාසනය හා බුද්ධ පූජාව පැවැත්වූයේ මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පලාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ඔලබොඩුව රජමහා විහාරාධිපති, ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසිනි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *