Hot News

තීරුබදු ප්‍රතිපත්ති සංශෝධනය පිළිබඳ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්

තිරසර, දිගුකාලීන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවයක වැදගත්කම හඳුනා ගනිමින් චීනය…

පුටින් -සෙලෙන්ස්කි හමුව 15 දා

යුක්රේන යුද්ධය සමතයකට පත්කරගනිමෙ දින 30 ක සටන් විරාමයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම පිළිගැනීමට යුරෝපීය රටවල් ක්‍රෙම්ලිනයට බල කිරීමත් සමඟ මෙම සතියේ අගභාගයේදී තුර් කියෙ දි හමුවීමට සැලසුම් කර තිබේ . එම යුක්රේන-රුසියා සාකච්ඡාවලට තමන් ද සම්බන්ධ වන බව අමරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉයේ ප්‍රකාශ කරන ලදි . මෙම ආරම්භක සාම සාකච්ඡා ක්‍රියාවලියට නව ප්‍රවෙශයක් ලබාදෙමින් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඉස්තාන්බුල් වෙත යන බවත් එහිදි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි තම රුසියානු සහචරයා වන ව්ලැඩිමීර් පුටින් හමුවීමට බලා පොරොත්තුවන බවත් පවසා අත.

තීරුබදු ප්‍රතිපත්ති සංශෝධනය පිළිබඳ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්

තිරසර, දිගුකාලීන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවයක වැදගත්කම හඳුනා ගනිමින් චීනය සහ ඇමරිකාව මැයි 14 වන දිනට පෙර පහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇතැයි එම ඒකාබද්ධ ප්‍රකාශය මගින් ප්‍රකාශ කෙරේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් 8වැනි දා පළ කළ අංක 14259 සහ 9 වැනිදා පළ කළ අංක 14266 දරණ විධායක නියෝගවල චීන භාණ්ඩ සඳහා 91% ක තීරුබදු ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර ඇත. පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවීමට ද ඇමරිකාව එකඟත්වය පළ කර තිබේ.

ඒ සමග ම, ඇමරිකාවේ අන්‍යෝන්‍ය තීරුබදු පියවරට එරෙහිව ඇමරිකා භාණ්ඩ සඳහා පනවා ඇති 91% ක තීරුබදු චීනය අවලංගු කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම ඇමරිකාවේ භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදුවලින් 24%ක් දින 90කට චීනය ද අත්හිටුවීමට පියවර ගනු ඇතැයි වාර්තා වේ. ඇමරිකාවට එරෙහි තීරුබදු නොවන ප්‍රති-පියවර චීනය අත්හිටුවා හෝ අවලංගු කරනු ඇත.

ඉහත ක්‍රියාමාර්ගවලින් පසුව ද දෙපාර්ශ්වය ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට නියමිත බව චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
CGTN Sinhala

ඉන්දු- පාකිස්ථාන උණුසුමත් සමඟ කොළඹ වරාය සිරුවෙන්

අමාත්‍ය බිමල් රත්නායක

-ඉන්දීයාව හා පකිස්ථානය අතර මේ වනවිට ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡා පසුගියදා ප්‍රවාහන ,මහමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉන්දු පකිස්ථාන අර්බුදය නිසා වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවල වලට බාධාවක් නොවී එම කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා සාකච්ඡාවට බඳුන්විය.

වරාය මෙන්ම ගුවන්තොටුපොළ ද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සුදානමින් පවත්වා ගතයුතු බවට අවධාරණය කළ අමාත්‍යවරයා ලෝක දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් කර ගනිමින් කාර්යක්ෂම ව වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සිදුකර ගතයුතු බවත් පවසා සිටියා. වරාය අධිකාරියේ නිලධාරීන්,ගුවන්තොටුපල නිලධාරීන්, කොළඹ හම්බන්තොට වරායන් වල පර්යන්ත භාර නිළධාරීන්, නැව් සමාගම් නියෝජිතයින් සහ රේගු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

වෙසක් දින පණිවුඩය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යය

වෙසක් සුභාශිංසන පණිවුඩය​ 

සම්බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පෙළ ගැසෙන මේ වෙසක් සමයේ සමස්ත රටවැසියන් වෙත වෙසක් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

ශ්‍රී ලංකාවාසී අපගේ ජන ජීවිතය ඈත අතීතයේ සිටම බුද්ධ දර්ශනය හා බැඳී පවතී. එය බුදු දහමෙන් අපට ලැබුණු දායාදයකි. අප රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වන අතර සියලුම දෙනා එක්ව වෙසක් උත්සවය වැනි ප්‍රධාන ආගමික උත්සවයක් සැමරීම ඊට හොඳම නිදසුනකි. 

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ අපේ තේමා පාඨය මූලික කරගෙන පිහිටුවාගත් අප රජය යටතේ එළැඹි පළමු වෙසක් උත්සවය මෙයයි. අප දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින මෙවන් අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා සියලුම දෙනා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැඳගනිමුයි මාගේ වෙසක් පණිවුඩය තුළින් ඔබ සැමට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. 

මේ වනවිට ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී  සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි මෙම වෙසක් සමයේ දී සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ මම ප්‍රාර්ථනා කරමි. 

ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!  තුනුරුවන් සරණයි.

වෙසක් දින පණිවිඩය

இலங்கை சனாதிபதி

President of Sri Lanka

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිවාණය යන

ත‍්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා

සුවිශේෂී දිනයකි. සියලූ බුද්ධ කාරක ර්ධමයන් සපුරා, මාර සේනාව පරාජය කොට මධ්‍යම

ප‍්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාය සත්‍යය අවබෝධ කොට, සියලූ කෙලෙසුන් නසා

සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදීය. උන්වහන්සේ සියලූ දුක්

ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාථර්චයාවෙන් අවබෝධ කරගත්

ධමය සියලූ ලෝකවාසීන්ගේආධ්‍යාත්මික හිත සුව පිණිසම හේතු සාධක විය.

බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික

සංර්වධනය ඇති කිරීමයි. එසේම පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක් ගොඩනගා ගත යුතු

ආකාරය පිළිබඳවද බෞද්ධ ර්දර්ශනයේ සඳහන් වෙයි. “සබ්බං රට්ඨං සුඛං සේති – රාජා වේ හොති

ධම්මිකෝ” යනුවෙන් බුදුන් වහන්සේ දේශනාකොට ඇත්තේ රටක පළමු පුරවැසියා වන

පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුව සේ ජීවත් වනු ඇති බවයි.

බුදුරජාණන් වහන්සේගේ අථ ර්ධර්ම මාවත මනා කොට ආර්දශයට ගනිමින් පරාථකාමීත්වය

තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණුරටක් ගොඩනගමින්

” පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම

වෙනුවෙන් අප තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීයයෙන් යුතුව එක්ව පොර බදිමුයි මෙම

පින්බර වෙසක් මංගල්‍යයේදී මම සියලුදෙනාට ඇරයුම් කරමි.

බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැගි පණිවිඩයක් ගෙන දෙන අතර එම

ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම

විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ

අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බවද මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමි.

ධමාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

සටන්විරාම ගිවිසුම උල්ලන්ගනය කරන බවට එකිනෙකාට චෝදනා

දෙරට සටන්විරාම ගිවිසුමට එකගව තිබියදීත්, ඉන් පැය කිහිපයක් ඇතුළත ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පිපිරීම් ඇසුණු බව අල්ජශිරා වාර්තාකර තිබුනි . මෙ අතර දෙරට සටන් විරාමය උල්ලංඝනය කළ බවට එකිනෙකාට චෝදනා කරගනිමින් සිටියි . පාකිස්තානය මෙම උල්ලංඝනය ආරම්භ කළ බව ඉන්දීය නිලධාරීන් වාර්තා කළ අතර, පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සටන් විරාමයට ඇති කැපවීම නැවත තහවුරු කළේය.
අල් ජසීරා

ශ්‍රීපාද වන්දනා සමය හෙටින් අවසන් ‍වෙයි

ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පෝය දින යෙදෙන හෙට (12) දිනයෙන් අවසන්වීමට නියමිතයි.

ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසුදින ශ්‍රීපාද උඩ මළුවේදී සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට ප්‍රථම චාරිත්‍රාණුකූල පුද පූජා පැවැත්වීම සිදු කෙරෙනවා.

ඉන් අනතුරුව සධාතුක කරඬුව, සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැර පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සඳහා ශ්‍රීපාදස්ථානයේ සිට නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත එදින පස්වරුවේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා ඔහු එම ධූරයේ වැඩ භාරගෙන තිබුණා.

යුක්රේනය සමඟ ඍජු සාකච්ඡාවකට පුටින්ගේ කැමැත්ත

යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවත්වීම සදහා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ඍජු සාකච්ඡාව කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්විය යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත් ගැටුමේ මූල හේතු ඉවත් කිරීමට සහ දිගුකාලීන, කල් පවතින සාමයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.