Hot News

SPAවලට පනින පොලිසියට ‘ SPA අයිතිකරුවන් ‘ දැළ එලන්න හදන හැටි

තම ආයතනයේ ලියාපදිංචි සම්බාහන ආයතන කිහිපයකට අනීතිකව නඩු පැවරීම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාශයේ රාජකාරි කරන පොලිස්…

Foreign NewsHot News

ඕස්ට්‍රේලියාවේ බිලියනපතියෙක් වූ ‘පළමු ලාංකිකයා’ රොෂ් ජලග්ගේ ගැනයි මේ

ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ඕස්ට්‍රේලියාවේ බිලියනපතියෙකු වූ පළමු ලාංකිකයා බවට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා…

Foreign News

කෘතිම බුද්ධියෙන් ඇමති කෙනෙක් හදයි – ආණ්ඩුවේ ටෙන්ඩර් අධීක්ෂණය පවරයි

ඇල්බේ­නි­යාව ලොව පළ­මු­ව­රට කෘත්‍රිම බුද්ධි­යෙන් ඇමැ­ති­ව­ර­යෙක් නිර්මා­ණය කර­මින් ඉති­හා­ස­යට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා…

සම්මානයක් දිනූ ලාබාලතම නළුවා

එමි සම්මාන උළෙලේ දී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට 15 හැවිරිදි ඕවන් කූපර් සමත්ව තිබෙනවා.

ඒ,ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාව සඳහායි.

පිටකොටුව බස් නැවතුම විධිමත් වෙන හැටි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹුණා.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක්.

1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ අවුරුදු 60කට පසු නවීකරණය කිරීමේදී බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන ස්ථාපිත කිරීමට නියමිතයි.

වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසෙල් පෙට්ටිවලින් රට පුරා ආයුධ ප්‍රවාහනය කරන හැටි

බැකෝ සමන් නැමැති පාතාල නායකයා දකුණු පළාතේ සිදු කළ මිනිස් ඝාතන රැසකට යොදාගත් බවට සැක කරන ටී අසූ එක වර්ගයේ ගිනි අවියක් ඇතුළු තවත් කීපයක් ඇඹිලිපිටියත් ගඟේදර ප්‍රදේශයේ තිබියදී පසුගියදා සොයාගත්තා.

මෙම ආයුධ සඟවා ගෙන සිටි පුද්ගලයාද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ආයුධ ප්‍රවාහන කිරීමේ යෙදුණු පුද්ගලයා බවයි විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ.

කෙසෙල් ප්‍රවාහනය කරන පෙට්ටිවල අසුරා මෙම ආයුධ දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ බවයි ඔහු අනාවරණය කර ඇත්තේ


(WAKE UP TO 7 – දිවයින )

SPAවලට පනින පොලිසියට ‘ SPA අයිතිකරුවන් ‘ දැළ එලන්න හදන හැටි

තම ආයතනයේ ලියාපදිංචි සම්බාහන ආයතන කිහිපයකට අනීතිකව නඩු පැවරීම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාශයේ රාජකාරි කරන පොලිස් නිලධාරිනියකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ලංකා සම්බාහන ආයතනයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා පවසනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කර ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
සම්බාහන ආයතනවලට ඇතුල් වී එහි සේවය කරන තෙරපිවරියන් අනීතිකව අත්අඩංගුවට ගනිමින් මෙම නිලධාරිනිය කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ
(WAKE UP TO 7 – මව්බිම )

ඕස්ට්‍රේලියාවේ බිලියනපතියෙක් වූ ‘පළමු ලාංකිකයා’ රොෂ් ජලග්ගේ ගැනයි මේ

ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ඕස්ට්‍රේලියාවේ බිලියනපතියෙකු වූ පළමු ලාංකිකයා බවට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඔහුට එඩිත් කොවාන් විශ්වවිද්‍යාලය මගින් පසුගිය කාලයේ දී ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනැමුවා.

නිලවරණයට දින නැතත් ‘මහනුවර දියවඩන නිලමේ තනතුරට එන බව ‘දැන්ම කියන හය දෙනා

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව හය දෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, තවමත් නිලවරණය සඳහා දින නියමවී නොතිබියදීයි.

මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , මහනුවර කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන , මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිලක් සුභසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ගාමිණී කළුහෙන්දිවල සහ ගෝනුත්තර විහාරයේ භාරකාරත්වය දරන රොෂාන් පස්සර මුදලිගේ යන අයයි.

(WAKE UP TO 7 – මව්බිම )

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ පසුගියදා කොළඹ දී පවත්වනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරුණු අතර, එම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී වුණා.

මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය මාර්තා ටෙස්ෆේ වොල්ඩෙමිචෙල් මහත්මිය, IMF නේවාසික නියෝජිත, විසින් සිදු කළ අතර මෙම උත්සව අවස්ථාවට තුර්කියේ තානාපතිවරයා, ඉරානයේ තානාපතිවරයා, ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශක,වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා තේ පර්යේෂන ආයතනයේ සභාපති, තේ අපනයනයකරුවන් හා නියෝජිතයන් රැසක් ද සහභාගී වුණා.

කෘතිම බුද්ධියෙන් ඇමති කෙනෙක් හදයි – ආණ්ඩුවේ ටෙන්ඩර් අධීක්ෂණය පවරයි



ඇල්බේ­නි­යාව ලොව පළ­මු­ව­රට කෘත්‍රිම බුද්ධි­යෙන් ඇමැ­ති­ව­ර­යෙක් නිර්මා­ණය කර­මින් ඉති­හා­ස­යට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ කෘත්‍රිම බුද්ධි ඇමැ­ති­ව­රයා ඇල්බේ­නි­යානු බසින් සූර්යයා අරුත දෙන ඩියේලා නමින් හඳුන්වා ඇති අතර, එරට දූෂ­ණය තුරන් කිරීම ඩියේ­ලාගේ රාජ­කා­රිය බව ඓති­හා­සික නිර්මා­ණය එළිදක්ව­මින් අග­මැති එඩී රාමා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබෙනවා.

රජයේ ප්‍රස­ම්පා­ද­නය අධී­ක්ෂ­ණය කිරීම කෘත්‍රිම බුද්ධි ඇමැ­ති­ව­ර­යාගේ කාර්ය­භා­රය බවත්, රජයේ ටෙන්ඩර්, කොන්ත්‍රාත්තු සහ පෞද්ග­ලික සමා­ග­ම්වල විවිධ ව්‍යාපෘති විනි­වි­ද­භා­ව­ය­කින් යුතු සිදු­ව­න්නේ­දැයි අධී­ක්ෂ­ණය කිරීම ඩියේලා වෙතින් අපේක්ෂා කරන බවත් ඇල්බේ­නි­යානු අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය සහ ටෙන්ඩර් පටි­පා­ටිය ඔස්සේ ජන­තා­වගේ සෑම මුද­ලක්ම 100%ක්ම නිවැ­ර­දිව භාවිත කිරීම රජයේ අර­මුණ වී ඇතැයි ද, ඒ සඳහා ඩියේ­ලා­ගෙන් විශාල දාය­ක­ත්ව­යක් ලැබෙනු ඇතැයි ද අග­මැ­ති­ව­රයා විශ්වා­සය පළ කර තිබෙනවා.

තරු­ණි­යක් ලෙස නිර්මා­ණය කර ඇති ඩියේලා සාම්ප්‍ර­දා­යික ඇල්බේ­නි­යානු කාන්තා ඇඳු­මින් සැර­සුණු රුව­කට හිමි­කම් කියන අතර, කැබි­නට් මණ්ඩල රැස්වී­ම්ව­ලදී වීඩියෝ තාක්ෂ­ණය ඔස්සේ ඊට සම්බන්ධ වනු ඇතැ­යිද, සාක­ච්ඡා­ව­ලදී සිය අද­හස් පළ කරනු ඇතැයි ද වැඩි­දු­ර­ටත් වාර්තා වනවා.


(WAKE UP TO 7 – දිනමිණ)

මරදාන අලුත් කරන්න ජනපති අද වැඩට බහින හැටි

ඓති­හා­සික වශ­යෙන් වැද­ගත් දුම්රිය ස්ථාන­යක් සහ මෙරට දෙවැනි විශා­ල­තම දුම්රිය ස්ථානය වන මර­දාන දුම්රිය ස්ථානය නවී­ක­ර­ණය කට­යුතු සහ පිට­කො­ටුව මධ්‍යම බස් නැව­තු­ම්පොළ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (15) ආරම්භ වීම සම්බන්ධයෙන් ශ්‍රිලංකාවේ පළ වන පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය වැඩි ඉඩක් ලබාදී තිබෙනවා.

සිහින ගම­නා­න්තය, ව්‍යාපෘ­තිය යටතේ පෞද්ග­ලික අංශයේ දාය­ක­ත්ව­යෙන් දුම්රිය ස්ථානයේ පෞරා­ණි­ක­ත්ව­යට හානි නොවන පරිදි මේ නවී­ක­රණ කට­යුතු සිදු කිරී­මට නිය­මි­තයි.

1964දී ස්ථාපිත කරන ලද පිට­කො­ටුව මධ්‍යම බස් නැව­තු­ම්පොළ රුපි­යල් මිලි­යන 424ක විය­ද­ම­කින් වසර 60කට පසුව ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම විශේ­ෂ­ත්ව­යක්.

මධ්‍යම බස් නැව­තු­ම්පො­ළෙන් දෛනි­කව ක්‍රියා­ත්මක වන බස් රථ ගමන් වාර ගණන 1500කට අධි­කයි.

මෙරට බස් නැව­තු­ම්පොළ 50ක් නවී­ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ මෙහි අලු­ත්වැ­ඩියා කට­යුතු ද සිදු කෙරේ. ප්‍රවා­හන, මහා­මාර්ග හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි මේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක වනවා.