Hot News

ලුම්බිණියට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73ක් ආරක්ෂිතව ඉන්දියාවට

නේපාලයේ ලුම්බිණියට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73ක් දේශ සීමාව ඔස්සේ ඉන්දියාවට රැගෙන පැමිණි බව…

Hot News

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව නිසා කථානායකට වෙච්ච දේ

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර…

Hot News

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විසිවේ

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන…

Hot News

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක්

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ,එංගලන්තය සහ කැනඩාව ඇතුළු රටවල් 5ක…

Hot News

නේපා­ලයේ සිටින ශ්‍රී ලාංකි­ක­යන් කිසි­වෙ­කුට හානි­යක් නැහැ

නේපා­ලයේ සිටින ශ්‍රී ලාංකි­ක­යන් කිසි­වෙ­කුට හානි­යක් නැතැයි විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරනවා. එම ශ්‍රී ලාංකික­යින්…

නේපාලයේ සිරකරුවන් 1500 කට අධික පිරිසක් පලා ගිහින්

නේපාලයේ නොසන්සුන්තාවය නිසා සිරකරුවන් 1500 කට අධික පිරිසක් බන්ධනාගාරවලින් පලා ගොස් ඇති බව වාර්තා වනවා.

විරෝධතාකරුවන් සහ සිරකරුවන් එක්ව බන්ධනාගාර තාප්පය කඩා දැමීමෙන් පසු මහෝතාරි හි ජලේෂ්වර් බන්ධනාගාරයෙන් රැඳවියන් 572 දෙනෙකු පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ලුම්බිණියට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73ක් ආරක්ෂිතව ඉන්දියාවට

නේපාලයේ ලුම්බිණියට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73ක් දේශ සීමාව ඔස්සේ ඉන්දියාවට රැගෙන පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අතර නේපාලයට යන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.

නේපාලයේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

ඇල්ල – වැල්වාය මාරක අනතුරට ලක්වූ බස් රථයේ රියදුරු අත්අඩංගුවට

ඇල්ල – වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූබස්රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන්.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව නිසා කථානායකට වෙච්ච දේ

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායක තීරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විසිවේ

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නොගැලපෙන බැවින් සහ නිසි පිළිවෙලකට නොමැති වීම නිසා පිළිගත නොහැකි බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා එම තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටියද කථානායකවරයා පවසා සිටියේ, මෙය විවාදයක් නොවන නිසා ඊට අවස්ථාව ලබදිය නොහැකි බවයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක්

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ඒ,එංගලන්තය සහ කැනඩාව ඇතුළු රටවල් 5ක අනුග්‍රහයෙන්

නේපා­ලයේ සිටින ශ්‍රී ලාංකි­ක­යන් කිසි­වෙ­කුට හානි­යක් නැහැ

නේපා­ලයේ සිටින ශ්‍රී ලාංකි­ක­යන් කිසි­වෙ­කුට හානි­යක් නැතැයි විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරනවා.

එම ශ්‍රී ලාංකික­යින් සම්බ­න්ධ­යෙන් එරට ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය අඛ­ණ්ඩව තොර­තුරු සොයා බල­මින් සිටින බවයි අ­මා­ත්‍යාං­ශය පෙන්වා දෙන්නේ.

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කතාබහට ලක්වූ iPhone 17 අද සිට වෙළඳපලට

ඇපල් සමාගම අද iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නා.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී මේවා හඳුන්වා දුන් අතර iPhone 17 Air ඔවුන් හඳුන්වන්නේ දැනට නිකුත් කර ඇති සිහින්ම iPhone මාදිලිය ලෙසටයි

*ජයග්‍රාහීව ඇෆ්ගනිස්තානය ආසියානු කුසලාන ගමන අරඹයි

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 94ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා.

ඒ,හොංකොං කණ්ඩායම පරදවමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 188ක් ලබාගත් අතර හොංකොං කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 94ක් පමණයි.