Foreign News

හමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් අවසාන අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධවව හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීම…

Sport News

ශ්‍රී ලංකාව නමින් ලියවී තිබූ අමිහිරි වාර්තාව දකුණු අප්‍රිකාව නමින් ලියවේ

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම…

Foreign News

ලන්ඩන් නුවර දී විරෝධතා දැක්වූ 900ක පමණ පිරිසකට අත්වූ ඉරණම

ලන්ඩන් නුවර දී පලස්තීනයට සහාය දක්වමින් පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 900කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

Hot News

අයිස් අමුද්‍රව්‍ය බවට සැකකෙරන තවත් තොගයක් හමුවේ

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ තංගල්ල, නෙටොල්පිටිය…

රථ වාහන නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි

රථ වාහන නීතිය අද (08) සිට දැඩිව ක්‍රියාත්මක වනවා.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන , අමතර පහන් සවිකර ධාවන කරන වාහන, නීති විරෝධී සවිකිරීම් කර ඇති වාහන ආදියට නිතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේ.

හමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් අවසාන අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධවව හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සියල්ලන්ටම අවශ්‍ය මෙම යුද්ධය අවසන් වනු දැකීම බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙය තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සඳහන් කර තිබෙනවා.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඊයේ (07) සිදුවුණා

ඊයේ රාත්‍රී 8.58 සිට අද (08) අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවුණා.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වුණා.

2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට යළි අවස්ථාව නොලැබෙනවා.

මෙම විශේෂ දුර්ලභ සිද්ධිය භාවිතා කරමින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු පාසැල් මට්ටමින් පැවැත්වුණා.

ශ්‍රී ලංකාව නමින් ලියවී තිබූ අමිහිරි වාර්තාව දකුණු අප්‍රිකාව නමින් ලියවේ

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මෙය ජාත්‍යන්තර එක්දින තරග බිමේ කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයක් සහිත ලැබූ එක්දින ජයග්‍රහණයයි.

මීට පෙර එම පරාජිත වාර්තාව ශ්‍රී ලංකාව නමින් ලියවී තිබුණ අතර එහිදී ඔවුන් ඉන්දියාව හමුවේ ලකුණු 317ක පරජයක් ලබා තිබුණා.

එංගලන්තයේ දී පැවති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 415ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස්කළේ සියලු දෙනා දැවී ලකුණු 72ක් පමණයි.

තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට සමත් වූයේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි

ලන්ඩන් නුවර දී විරෝධතා දැක්වූ 900ක පමණ පිරිසකට අත්වූ ඉරණම

ලන්ඩන් නුවර දී පලස්තීනයට සහාය දක්වමින් පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 900කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය තුළ විරෝධතා සංවිධානය කිරීම තහනම් කර ඇති ‘පලස්තීන ඇක්ෂන් ගෘෘප් නම් සංවිධානය’ මෙය සංවිධානය කර තිබුණා.

විරෝධතාවක දී එරට ගුවන් හමුදා කඳවුරකට කඩාවැදීම නිසා මෙම සංවිධානය බ්‍රිතාත්‍ය තුළ තහනම් සංවිධානයක් ලෙස නම්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජපාන අගමැති ඉල්ලා අස්වේ

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා අද (07) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා.

ජපාන මැතිවරණයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පරාජය ලැබීමත් සමග ඔහුගේ ඉල්ලා අස්වීම ඉක්මන් වූ අතර ඔහු පවසා ඇත්තේ, තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම තමන් භාරගන්නා බවය.

සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව තරගාවලිය දිනයි

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් වුණා.

තරගාවලිය තරග 2-1ක් ලෙස දිනාගැනීමට ද ශ්‍රී ලංකාවට ඒ අනුව හැකිවුණා.

සිම්බාබ්වේ කණ්ඩායමෙන් ලකුණු 192ක ඉලක්කයක් හිමිවූ අතර එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ශ්‍රී ලංකාවට සමත් වුණා.

කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කිරීමට සමත් වූ අතර කුසල් ජනිත් නොදැවී ලකුණු 46ක් රැස්කළා.

ලංකාවට ලකුණු 192ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් වුණා.

විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.

අයිස් අමුද්‍රව්‍ය බවට සැකකෙරන තවත් තොගයක් හමුවේ

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගෙන තිබෙනවා.

තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබුණේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි.

එහිදී රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුන අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බව පොලිසිය පවසනවා.

මහියංගනයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට එක්වූ ජනපති

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ඊයේ (06) පස්වරුවේ මහියංගන පුද බිම වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.