Foreign NewsWeather News

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පන තත්ත්වය නිසා පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පන තත්ත්වය නිසා පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද ආරාධනා කර ඇති බව පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා channel 7 සමග සඳහන් කළා.

නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද(02) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවත්සරයත් සමගම ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලද්දේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ දී යි.

අද සවස 2න් පසුව තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

අද දිනයේ (02) දහවල් 12:10 ට ආඬිගම, බලල්ල, මීගස්වැව, බඹරගස්වැව, බකමූණ, අරලගංවිල, චෙන්කලඩි, එරාවුර් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාලය ජනපති අතින් විවෘත කෙරේ

ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කර ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු කර ගත යුතු කාර්ය ඉතා සමීපව ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවද ජනාධිපතිවරයා .පැවසුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමිනුයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.

මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදු ව තිබුණා.

උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරුණා.

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පන තත්ත්වය නිසා පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පන තත්ත්වය නිසා පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රික්ටර් මාපක 6.0ක ප්‍රබලත්වයෙන්ව ඇති වූ භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත‍.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පළමු භූ කම්පන තත්ත්වය සිදුව පසු කම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර ඒවා පිළිවලින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසය පවතින බවය.
භූ කම්පන තත්ත්වයෙන් දැඩි හානි සිදුව ඇත්තේ පාකිස්ථානය සමග දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් පවසා සිටින්නෙ.
මේ අතර ඇති වූ හදිසි තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල ගලවා ගැනීම් කටයුතු සඳහා සහාය වන ලෙස තලේබාන් රජයේ නිලධාරීන් විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇති බවද වාර්තා වේ


භූ කම්පන තත්ත්වයෙන් පසුව ඇති වූ ගංවතුර සහ පසු කම්පන තත්ත්වයන් හේතුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් භූ කම්පන තත්ත්ව ඇති වූ ප්‍රදේශයන් වෙත ගමන් කිරීමේ මාර්ග අවහිර වී ඇති බවත් ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් මගින් පමණක් බවද එම ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් පවසයි.
මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇත්තේ සීමිත සම්පත් ඇති බැවින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟ වීමට ගුවන් යානා ලබා ගැනීමට සහාය වන ලෙසයි.

යාපනයට නව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවති බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටි බව වැඩිදුරටත් සඳහන්.

ගෑස් මිල සංශෝධනය වේද?

මාසික මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ඒ අනුව, මේ වන විට වෙළඳපොළ තුළ පවතින මිල ගණන් අනුව ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම සඳහන් කළේ.

මේ වන විට පවතින මිලට අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,645 ක් වනවා.

මා වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනාටම ස්තූතියි – රනිල්

තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තුතිවන්ත වෙමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඒ වෙනුවෙන් පෙනී සිටී සමාජ මාධ්‍යවලට ස්තූතිවන්ත වන බවයි සිය ප්‍රකාශය මඟින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

එමෙන්ම පසු අවස්ථාවකදී එම සියලු පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද ඔහු පවසා සිටියා.

ඉෂාරා සෙව්වන්දි රටින් පළා ගිහින්ද?

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම කියැවුණු ඉෂාරා සෙව්වන්දි නම් තැනැත්තිය රටින් පලාගොස් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු අනාවරණය වී තිබේ.

ඒ පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිස මේ වනවිට පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.

ඔවුන් අතරින් මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා මේ වනවිට රඳවා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය.

ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ කොළඹ වරාය පොලිසිය තුළ රැඳවුම් භාරයේ පසු වේ.

එම පිරිසකගෙන් මෙතෙක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය වී ඇත.

එහිදී ඔවුන් අනාවරණය කර ඇත්තේ අදාළ ඝාතනයට ආධාර අනුබලදුන් ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව එම ඝාතන සිදුවීමෙන් පසු විදේශ රටකට පලාගිය බවය.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ වූ අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 28ක් ද ඉන්දුනීසියානු පොලිසිය භාරයට ගෙන තිබේ.

පසුව අදාළ ජංගම දුරකථන ශ්‍රී ලංකා පොලිසියට භාරදීමට ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒවා භාවිතයෙන් ලබාගත් දුරකතන ඇමතුම් පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
 

සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කෙරේ

සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද යාපනයේ 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.

යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර ඇත.

ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකටද ජනාධිපතිවරයා එක් වනු ඇත.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු ඇත.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය. උතුරු පළාතෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින හෙයින්, වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ.

මේ අතර, යාපනය පුස්තකාලයේ ඊ-පුස්තකාල (E Library) වැඩසටහනද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, මේ සමඟ ලොව ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව උදා වෙයි.

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා එක්වනු ඇත.