Hot News

ඩිජිටල් සේවා බදු අය කරන රටවලට ඔවුන්ගේ අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවනවා – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩිජිටල් සේවා බදු අය කරන රටවලට ඔවුන්ගේ අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවන බවට එක්සත් ජනපද…

Hot News

අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශව සමඟ එක්ව ක්‍රියා කල යුතුයි – විපක්ශ නායක සජිත් ප්‍රේමදාස

අද විපක්ශ නායක කාර්‍යාලයේ පැවැති විපක්ශ දේශපාලන නායක හමුවේදී විපක්ශ නායකවරයා මේ බව කියා සිටියා.හිටපු…

Hot News

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කරයි

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.අශ්වින් සිය IPL දිවිය අවසන් කරන්නේ…

Hot News

ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතුයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බවත් ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට…

Hot News

කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තබයි

කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තැබීමේ සිද්ධියක් වාර්ථාවී තිබෙනවා.පසුගිය 25 වෙනිදා මෙම…

Hot News

කුලියාපිටියේ රිය අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

කුලියාපිටිය, පල්ලේවෙල ප්‍රදේශයේදී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පාසල් ළමුන් රැගත් වෑන් රථයක්…

අද කාලගුණ නිවේදනය

2025 අගෝස්තු මස 28 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

වයඹ පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (28) දහවල් 12:11 ට නාගදීපය (නයිනතිව්), පුනරීන් , මානෙල්කාඩු , අලියාවලෙයි ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

ඩිජිටල් සේවා බදු අය කරන රටවලට ඔවුන්ගේ අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවනවා – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩිජිටල් සේවා බදු අය කරන රටවලට ඔවුන්ගේ අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ප්‍රකාශ කළා.

මෙම ඩිජිටල් සේවා බදු අය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් වනවා.

බදු පනවමින් ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට පහරදෙන රටවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස නැඟී සිටින බවයි ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ.

ඩිජිටල් බදු, ඩිජිටල් සේවා නීති සහ ඩිජිටල් වෙළෙඳපොළ රෙගුලාසි සියල්ලම ඇමරිකානු තාක්ෂණයට හානි කිරීමට හෝ වෙනස් කොට සැලකීමට නිර්මාණය කර ඇති බැවින්

එවැනි නීති ඉවත් නොකළහොත් දඬුවම් ලැබෙනු ඇතැයි ද ඇමරිකන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශව සමඟ එක්ව ක්‍රියා කල යුතුයි – විපක්ශ නායක සජිත් ප්‍රේමදාස

අද විපක්ශ නායක කාර්‍යාලයේ පැවැති විපක්ශ දේශපාලන නායක හමුවේදී විපක්ශ නායකවරයා මේ බව කියා සිටියා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කර ගැනීම සදහා කැපවූ සියලු දෙනාට ස්තූතිය පල කිරීම සදහායි මේම සාකච්චාව පැවැත්වුනේ.
දේශපාලන පලක්ශ නායකයින්, නීතිඥවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ පොදු ජනතාවට ස්තූතිය පලකිරීම මෙහිදී සිදු වුනා.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ නායකයින් ප්‍රකාශ කර සිටියේ විරෝධතාවට එක් වූ පිරිස් බිය ගැන්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෙදූ බව යි.
තර්ජනයකට ලක්වන පිරිස් සඳහා වහාම නීති ආධාර ලබා දීමට නීතිඥ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට විපක්ෂ නායක කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි නම් කර ඇති අතර
මෙම අවස්ථාවට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය නම් කර තිබෙනවා.

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කරයි

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
අශ්වින් සිය IPL දිවිය අවසන් කරන්නේ එම ලීගයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙසයි.

හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අද ඔහුගේ ‘X’ ගිණුමේ සටහනක් හරහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් විශ්‍රාම යන බව නිවේදනය කළා.
අශ්වින් සිය IPL වෘත්තීය ජීවිතය අවසන් කරන්නේ තරඟ 221 කදී කඩුලු 187 ක් දවා ගනිමින් එම ලීගයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙසයි.
ඔහු තම IPL වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සහ අවසන් කළේ ඔහුගේ උපන් නගරය වන චෙන්නායි සුපර් කිංග්ස් සමගින් වන අතර
2010 සහ 2011 දී එම කණ්ඩායම දිනාගත් IPL ශූරතා ජයග්‍රහණවල අනිවාර්ය සාමාජිකයෙකු බවට පත්වුනා.
පසුගිය වසරේ 2024 දෙසැම්බර් මාසයේදී පැවති බෝඩර්-ගවස්කාර් කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන් ටෙස්ට් තරඟයෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමද සිදු වුනා.
කේසේනමුත් ඔහු ඉදිරියේදී විදේශීය T20 ලීගයන් සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරයි.

ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතුයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බවත් ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට එක්වෙමින්.

ආනයන සීමා ලිහිල් කිරීම මගින් රජය සතු ඩොලර් සංචිතයට සිදු වන බලපෑම වළක්වා ගනිමින් ඩොලර් සංචිත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන ආදායම් වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් රජය සතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
තේ, පොල් සහ රබර් යන වගා ආශ්‍රිත අපනයන සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී එම ක්ෂේත්‍ර තුළ වර්තමානයේ මතු වී ඇති අභියෝග සහ ගැටලු මෙන්ම, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා වන යෝජනාද මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.
ආර්ථිකයට තිරිංග යොදා සීමා කළ නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද මෙහිදී අවධාරණය කළා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, තේ, රබර්, පොල් වගා ආශ්‍රිත කර්මාන්තයන්ට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිල්ලක්

මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බැවින් ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව ඇමති හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනෙකු සඳහා අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත නිදහස්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.

කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තබයි

කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තැබීමේ සිද්ධියක් වාර්ථාවී තිබෙනවා.
පසුගිය 25 වෙනිදා මෙම ගිණි තැබීම සිදුකර ඇති අතර ඒ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ෙවනගල කර්මාන්ත ශාලාවට උක් සපයන ගොවීන්ගේ වගා භූමි මෙලෙස් ගිනි තබා ඇති අතර මෙම ගින්නෙන් උක් මෙට්‍රික් ටොන් 14000ක පමණ වගා භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි සදහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ලංකා සීනි සමාගමේ නිළධාරීන් සෙවනගල පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මොනරාගල දිස්‍ත්‍රික් සම්බධීකරණ කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන ඊයේ දින සෙවනගල කර්මාන්තශාලාවට පැමිණ කර්මාන්තශාලාවේ නිළධාරින් සහ ගොවි ජනතාව සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය ලෙස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාකර තිබෙනවා.

කුලියාපිටියේ රිය අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

කුලියාපිටිය, පල්ලේවෙල ප්‍රදේශයේදී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අද සිදු වූ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර් රථයක් හා පාසල් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද (27) උදෑසන 7.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් සිසුවියන් දෙදෙනෙකු හා වෑන් රථයේ රියදුරු මියගොස් තිබුණා.

එසේම, තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසු වන බවයි සඳහන් වෙන්නේ.

ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය පාර්ලිමේන්තුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ප්‍රකාරව ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

යම් තනි නිෂ්පාදනයකට අදාළ උපරිම සිල්ලර මිල සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය සහ යම් නිශ්චිත ඖෂධයක හෝ යම් නිශ්චිත ඖෂධ කාණ්ඩයක මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවට අදාළ උපරිම ඉහළම සීමා මිල සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙමින්, 2025 අංක 02 දරන ‘ඖෂධ (ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය) නියෝග’ නිකුත් කර ඇති අතර, එම නියෝග, අංක 2446/34 දරන 2025-07-21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.