Hot News

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළැඹෙන සැප්තැම්බර් මස…

Hot News

ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ

රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය…

Hot News

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට මාර්ගය හරස් කර නවතා පහරදී ඝාතනය කරලා

මකුළුගස්වැව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන්…

Hot News

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතුයි

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ…

Hot News

⁠රේජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තුමේන්තුවට ප්‍රථම වරට ජනරාල්වරියක්

රේජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙස සසිදේවී ජලදීපන් ඊයේ නව ධුරයේ වැඩ ආරම්භ කරා.ඒ…

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණී පවසනවා.

ඒ අනුව, මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශ සඳහා ඔහුට අවසර ලබාදී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් මාධ්‍යයට අදහස් දැක්වීම සිදු කර තිබුණා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයට ආධාරක සැපයුම් පද්ධතියක්

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ආරක්ෂාකාරීව අක්‍රිය කිරීම සඳහා එම බලාගාරය තුළ සහායක විදුලි සැපයුමක් නොමැති වීම හේතුවෙන්, රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතියේ සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියේ ආධාරක විදුලි සැපයුම අක්‍රීය වන අතර, සිසිලනය සඳහා දින 4 ක් හෝ 5 ක කාලයකට බලාගාරයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදුවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදුවන බවයි සඳහන් වන්නේ.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා තාක්ෂණික වශයෙන් යෝග්‍ය විසඳුමක් සොයා බැලීම පිණිස පත් කරන ලද කමිටුව විසින් අත්‍යවශ්‍ය පද්ධති සඳහා කෙටි කාලයක් තුළ ක්‍රියාවට නැංවිය හැකි, නොකඩවා ක්‍රියාත්මක වන ආධාරක උප විදුලි බල සැපයුමක් හඳුන්වාදීම සුදුසු බවට යෝජනා කර ඇති අතර, ඒ අනුව එසේ ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළැඹෙන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔහු අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

2010 අගෝස්තු 26 හෝ ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටියදී අතුරුදහන් වූ පුද්ගලයකු සම්බන්ධ නඩුවක් සඳහා, එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ආනයනික අල සහ ලූනු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමයි

ආනයනය කරනු ලබන අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

මෙම බදු සංශෝධනය ඊයේ (26) දින සිට බලපැවැත්වෙන අතර, එය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් තහවුරු විය.

අලුතින් සංශෝධනය වූ බදු අනුව, ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා වූ බද්ද රුපියල් 60 සිට රුපියල් 80 දක්වා වැඩි කර ඇති අතර, බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වූ බද්ද රුපියල් 10 සිට රුපියල් 50 දක්වා ඉහළ දමා ඇත.

මෙම බදු වැඩි කිරීම ඉදිරි මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ අතර, පිටකොටුවේ ලූනු ආනයනකරුවන් ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, දැනටමත් ආනයනය කර ඇති ලූණු ටොන් 1450ක් ඇති බවයි.

මේ නව බදු යටතේ රේගුවෙන් නිදහස් කර එම ලූණු තොගයේද මිල රුපියල් 40කින් පමණ ඉහළ යනු ඇත. ඒ අනුව, රජයට රුපියල් මිලියන ගණනක බදු ආදායමක් අහිමි වනු ඇත.

රනිල්ට හෘද සැත්කමක් කරන්න වෙයි

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෘද සැත්කමක් අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මෙම සැත්කම කඩිනමින් සිදුකිරීම වඩාත් සුදුසු බවත් ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍ය බෙල්ලන මහතාට අනුව, රනිල් වික්‍රමසිංහ මහතාට මෙම සැත්කම රජයේ රෝහලකදී කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවේ.

එසේ නොමැති නම්, ඔහුට පෞද්ගලික රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව තිබේ.

“ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒ්කට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ් නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා.එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි.”

ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ

රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා සෙසු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝ: 27) පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ ය.

මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වග උත්තරකරුවන්ට මෙතෙක් නොතීසි ලැබී නොමැති බව සඳහන් කළේ ය.

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ, මෙම නඩුව සලකා බැලීම සඳහා ඉක්මනින් දිනයක් ලබා දෙන ලෙස ය.

ඒ අනුව, වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී.

ඉන් අනතුරුව මෙම පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස 17 වන දා යළි කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේ ය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කරනු ලැබ තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමග මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බව ය.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජූනි මස 02 යන දිනයන්හි අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් මහ ජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත්, එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු තොරතුරු ඉන්දියාව අතට පත් වන බවත් ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

දේශීය වශයෙන් ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන් ම ස්වාධීනත්වයට අත පෙවීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත්, මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉන්දියාව සමග ඇති කරගෙන ඇති මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට මාර්ගය හරස් කර නවතා පහරදී ඝාතනය කරලා

මකුළුගස්වැව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, පහරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

එහිදී අනාවරණය වී ඇත්තේ, පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු විසින් මාර්ගය හරස් කර නවතා පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලක පටන් මරණකරු සමඟ පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතුයි

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමිනි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදනවලින් එක් එක් අංශ විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩෙට් නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකඡාකර තිබෙනවා.
ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ලබා දෙන විදෙස් පුහුණුවීම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර එම පුහුණුවීම් අනෙකුත් රාජ්‍ය අංශවල නිලධාරීන්ට ලබා දෙන පුහුණුවීම්වලට වඩා සුවිශේෂී බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
යුද සමයේ මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන්ද, අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙනුවෙන් දැනටමත් රජය විශාල පිරිවැයක් දරන බැවින් ඉන් ලබා දෙන සේවාව තවදුරටත් වඩා කාර්යක්ෂම සහ ඵලදායීව මහජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.
ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ ඉදිකිරීම්, ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 24 සහ 25 යන වර්ශවල ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk සහ www. results.exams.gov.lk යන වෙබි වෙත පිවිස ලබා ගත හැකියි.
ප්‍රතිඵල නිකුත් කළ අවස්තාවේ සිට පැය 24කට පසුව ප්‍රතිඵල ලබා ගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
සියලුම පාසල් සහ පවුද්ගලික අයදුම්කරුවන් හට සිය විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් ප්‍රතිපල ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

⁠රේජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තුමේන්තුවට ප්‍රථම වරට ජනරාල්වරියක්

රේජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙස සසිදේවී ජලදීපන් ඊයේ නව ධුරයේ වැඩ ආරම්භ කරා.
ඒ වසර 160කට වැඩි ඉතිහාසයක් ඇති රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පළමු කාන්තා රෙජිස්ටාර් ජෙනරාල්වරිය ලෙස ඉතිහාසයට එක්වෙමින්.

රේජිස්ට්‍රාර් ජනරාල් ධුරයට පත්වන විට ඇය රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියා.
2003 වසරේ රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ඇය 2006 වසරේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසත් 2015දී දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ලෙසත් සේවය කර තිබෙනවා.
2018 වසරේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරයේත්, 2019 වසරේ ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරයේත් , 2020 වසරේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසත් සේවය කළා.
2021 වසරේදී ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලෙස ද සේවය කර ඇති ඇය කැබිනට් මණ්ඩලය අනුමත කිරීමට පෙර රාජ්‍ය පරිපාලන, පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස සේවය කළා.
සසිදේවී ජලදීපන් සිය ධුරයේ වැඩ භාරගන්නා අවස්ථාවට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීහු විශාල පිරිසක් එක් වි සිටියා.