Hot News

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක්ම පෙනී සිටියි

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්…

Hot News

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අධිකරණයට නොපැමිනෙන ලෙස වෛද්‍ය නිර්දේශය

රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු…

අගෝස්තු වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට

අගෝස්තු වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට යොමු කර තිබෙනවා.
අද දිනයේ සිට බැංකු ගිණුම්වලින් අදාළ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

අගෝස්තු මාසයට අදාළව, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, රුපියල් කෝටි 299ක මුදලක්, ප්‍රතිලාභීන් 599,730 ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජයේ අවදානය

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය පහසුකම් ලබා දීමට කඩිනමින් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින්.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ තිබෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ස්කෑන් යන්ත්‍රයක් නොමැති බව නීර්ක්ශණ චාරිකාවේ දී දැනගන්නට ලැබුණු බවයි.
ලබන අවුරුද්දේ මුල් කාලසීමාව ඇතුලත ස්කෑන් යන්ත්‍රයක් රෝහලයට ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ.
රෝහලේ අධ්‍යක්ෂක පුෂ්පා ගම්ලද්ද හා රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සංවිධානය කර තිබුණා.
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද මෙම නිරීක්‍ෂණ චාරිකාවට එක්වු ණා.

මහජනතාවගේ ධනය කෝටී, ප්‍රකෝටී ගණනින් විනාශ කිරීමට ඉඩ නොදෙන බව ජනපති කියයි

මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කිරීමට ලැබෙන වරමක් ලෙස දේශපාලන බලය භාවිතා කිරීමට මින් මතු ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
කුමන ඝෝෂා තිබුණත් එම ගමන නැවතත් හැරවිය නොහැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරියේ පැවති ජාතක භික්‍ෂු දින සැමරුම් උත්සවය අමතමින්. කාලෝ අයං තේ මේ ඔබට කාලයයි තේමාවෙන් පැවති මෙම සැමරුම සඳහා දිවයිනන පුරා සිටින භික්ෂූන් වහන්සේ පනස් දහසකට ආසන්න පිරිසක් වැඩම කර සිටියා.
තමන්ට තිබෙන බලය අසීමිත ලෙස ධනය එක් රැස් කර ගන්නා මෙවලමක් ලෙස භාවිතා කළ සහ මහජනතාවගේ මුදල් හිතුමතේ වැය කළ විනාශකාරී ගමන නැවත හැරවීම සඳහා පෙර අදිටනෙන් යුතුව කටයුතු කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා කුමන ඝෝෂාවක් තිබුණද එම ගමන ආපසු හරවන්නේ නැති බවත් තම රජය එම වගකීම ඉටු නොකරන්නේ නම් කිසිදු රජයක් විසින් එය සිදු නොකරනු ඇති බව ප්‍රකාශ කළා.
අප්සවුන්ඩ්
ජනාධිපතිතුමා

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි 3ක් ජීවිතක්ෂයට

කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

අද පළාත් කිහිපයකට තරමක වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු ජනපති රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප 3ක් මත මුදා හැර

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක්ම පෙනී සිටියි

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබේ.

මේ අතර ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්වීමට නියමිතය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අධිකරණයට නොපැමිනෙන ලෙස වෛද්‍ය නිර්දේශය

රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගෙන තිබේ.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබුණි.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස වෛද්‍ය නිර්දේශ ලැබී තිබේ.

හිටපු ජනපති රනිල්ට අදාළ නීති කෘත්‍ය ඇරඹෙයි

රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මීට සුළු වේලාවකට පෙර යළි විභාගයට ගැනුණි.

මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබේ.

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අගෝස්තු 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණි.

පසුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණි.

එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ අනුව අද දිනයේදි යළි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍ය වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණ ද ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බවට වෛද්‍යවරු පෙන්වා දුන්නේය.

මේ අතර, විපක්ෂයේ පාක්ෂිකයින් මාර්ග බාධක බිඳ දමා අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ දරන අයුරුද දක්නට ලැබේ.