Hot News

අද අධිකරණ පරිශ්‍රයේ විරෝධතාවය හේතුවෙන් කොළඹ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක්…

Hot News

‍රනිල් වික්‍රමසිංහ තව දුරටත් දැඩිසත්කාර ඒකකයේ අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිච්චිතයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට…

Hot News

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව සිදුකල පෙත්සම් විභාගයේ රහසිගත නිගමනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…

අද අධිකරණ පරිශ්‍රයේ විරෝධතාවය හේතුවෙන් කොළඹ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක් කොළඹ මාර්ග රැසක මාර්ග තදබදයක් හටගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.

‍රනිල් වික්‍රමසිංහ තව දුරටත් දැඩිසත්කාර ඒකකයේ අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිච්චිතයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වන නිර්දේශ හේතුවෙන් බොහෝදුරට ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීම නොහැකිවනු ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ හොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වුණි.

හරීන් අධිකරණයට

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (26) දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.

සරසවි කඩඉම් ලකුණු නිකුත් කෙරේ

ජනාධිපති රනිල්ගේ නඩුව අද

ජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඊයේ (25) ලබාගෙන ඇති බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සෑහීමකට පත්විය හැකි ප්‍රමාණාත්මක සුවයක් නොමැති බවට එහි අන්තර්ගත බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළා.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලොකු ලූණූ සඳහා සාධරණ මිලක් නොමැති කමින් ගොවීන් දැඩි අපහසුතාවයක

ලොකු ලූණූ සඳහා වෙළදපොලේ සාධරණ මිලක් නොමැති කමින් දැඩි අසිරූතාවයට පත්ව ඇතැයි දඹුල්ල ගෝවීන් පවසනවා.
මීට ප්‍රධන හේතුව වී ඇත්තේ පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ලොකු ළූනූ ආනයනයයි.
කෙසේවෙතත් අප කල විමසීමකදී ලොකු ළූණු බෝග සදහා වන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී ආර් කාංචන ප්‍රකාශ කලේ
ආනයනික ළූණු සදහා ඉතා කඩිනමින් බදු පනවා ළූණු ගොවියා ආරක්ශා කර ගැනීමේ වැඩපිළිව්ලටකට යා යුතු බවයි.

දඹුල්ල ආර්තික වෙලද මධ්‍යස්තානයේ ලොකු ළූනූ කොලෝවක් රුපියල් 80ත් 110ත් අතර මිලකට අලවි වන බවයි ගොවීන් පවසන්නෙ.
කිලෝවක්ට රුපියල් 150ක මිලක් හෝ ලැබේනම් මෙම අසීරූතාවයකට මුහුන දීමට හැකියාව ඇතැයි ඔවුන් පවසනවා.
විශාල නිශ්පාදන වියදමක් දැරීමට සිදුවන බැවින් තම අස්වැන්නට තම සාධාරන මිලක් නොලැබෙන බවයි ඔවුන් කියා සිටින්නේ.


මේ වන විට විශාල වශයෙන් ලොකු ලූනූ ආනයනය කර වෙලදපොලට බෙදාහැරීම නිසා දේශීය ගොවියාට අසාදාරනයක් සිදුව තිබෙනවා.
දඹුල්ල ආර්තික මධ්‍යස්තානයේ පාකිස්ථානයයෙන් ආනයනය කරන ලොකු ලූනූ කිලෝවක් රුපියක් 80වත් 90 වත් අතර මිලකට අලෙවි වන බව ගොවීන් පවසනවා.
රුපියල් 90ත් 110ත් අතර මිලකට ඉන්දියාවෙන් ආනනනික ලොකු ලූනූ කිලෝවක් අලෙවි වන බවයි ගෝවීන් පැවසුවේ.

සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වෙනුවෙන් ණය යොජනා ක්‍රමයක්

පරිසර හිතකාමි කාර්මික පරිසරයක් ඇති කිරිමේ අරමුනින් සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වෙනුවෙන් ණය යොජනා ක්‍රමයක් අරම්භකර තිබෙනවා.
කර්මාන්ත හා වණිජ කටයුතු අමාතයංශය විසින් ආරම්භ කල මෙය පරිසර හිතකාමි චක්‍රීය අරමුදල් ණය යොජනා ක්‍රමය ලෙසයි හදුන් වන්නෙ.

කාර්මික නිශ්පාදන ක්‍රියාවලිය තුලින් සිදුවන පරිසර දූශනය සහ අපද්‍රව්‍ය අවම කිරිම ,සම්පත් ප්‍රතිශාදනය සහ සුරැකිම පරිසර දූශනය පාලනය කිරිම සහ අවම කිරිම , පරිසර ගැටලු විසදීම සදහා කටයුතු කිරිම බලශක්ති පරිබෝජනය සහ පරිසරික වැඩි දියුනු කිරිම සදහා අවශ්‍ය මූලික ක්‍රමෝපායන් ආරම්භ කිරිම වැනි කටයුතු සදහා මෙම ණය යෝජනා ක්‍රමය යටතෙ ව්‍යවසායකයින්ට සහන පොලි අනුපාතය යටතෙ ණය මුදල් ලබා දෙනු ලබනවා.
උපරිම ණය මුදල රුපියල් මිලියන 30 ක්වන අතර වාර්ශික පොලි අනුපාතය සියයට 6.5 ක් වන අතර ගෙවිමෙ කාලය වසර 10 කි. ඊට වසර දෙකක සහන කාලයක්ද ඇතුලත්වේ.


පරිසර දුශනය අවම කිරිම සදහා වන ක්‍රියාවලියෙදි අවශ්‍ය පරිසර හිතකාමි යන්ත්‍රොපකරන මිල දි ගැනිම මෙමගින් සිදුකල හැකි වෙනවා.
අවදානම් සහිත ද්‍ර්ව්‍ය සහ ශ්බ්ද සදහා කම්කරුවන් නිරාවරනය විම වනි කරුනු මෙහිදි විශේෂ සැලකිල්ලට යොමුවන බවද ප්‍රකාශ වෙනවා. එමෙන්ම සම්පත් ඉතිරිය බලශක්ති පරිබෝජනය අවම කිරිම දිරි ගන්විම මෙමගින් අපේක්ශා කෙරෙනවා.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව සිදුකල පෙත්සම් විභාගයේ රහසිගත නිගමනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව‍ නිවේදනය කළා.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාල පෙත්සම් අද විභාගයට ගෙන අවසන් කලා.

කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය වන බවත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම් ගොනුකර තිබුණා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශනා තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12.00 පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළා.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකට යොමු කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා.

නව පොලිස්පති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස අභිනවයෙන් පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා සිය ධුරයේ රාජකාරීන් භාර ගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (අගෝ 25) දින නිල වශයෙන් හමුවිය.


ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි පොලිස්පති වීරසූරිය මහතාව ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම සුහද හමුවේදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කළ අතර, ජාතික ආරක්‍ෂාව සහ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා අන්තර් ආයතන සම්බන්ධීකරණය කෙරෙහි අවධානය යොමු කළහ.


එහිදී, නව පොලිස්පතිවරයාගේ පත්වීම පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සිය සුබ පැතුම් එක්කල අතර, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම කෙරෙහි විශ්වාසය පළ කළේය.


මෙම හමුව මඟින් රට පුරා මහජන ආරක්‍ෂාව සුරක්ෂිත කිරීම සහ නැගී එන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්‍ෂක අංශ අතර අඛණ්ඩ සහයෝගීතාවයක් පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍යතාවය යළි අවධාරණය කරන ලදී