Hot News

“කප්රුක් සවිය” උතුරේ පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 02 වැනිදා

“කප්රුක් සවිය” උතුරේ පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 02 වැනි දින පුදුකුඩුඉරිප්පු නගරයේදී ජනාධිපති අනුර…

Hot News

ගාසා තිරයේ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල මානුෂීය තත්ත්ව විනාශකාරී මට්ටමක

ගාසා තිරයේ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල මානුෂීය තත්ත්වය මහා විනාශකාරි මට්ටම් කරා ළඟා වී තිබෙන…

Foreign NewsHot NewsSport News

දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ අවසන් තරගයේ ජය ඕස්ට්‍රේයාවට

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන්…

Hot News

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ශ්‍රාවස්තිපුර…

Hot News

කෝට්ටේ රාජමහා විහාර භූමියේ අභිනවයෙන් ඉදිකරන ලද, සදාතුක ධාතු මන්දිරය බුදු සසුනට පුද කරයි

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාර භූමියේ අභිනවයෙන් ඉදිකරන ලද, සදාතුක ධාතු මන්දිරය මහා සංඝරත්නයයේත්,…

Hot News

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති…

අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත්  හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක්  බව දන්වමින් අග්‍රාමාත්‍යතුමිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙරට රජයේ රෝහල් 20 කට අති නවීන ගිලන් රථ 20 ක්

  • එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257 ක්

 මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත්  ඉහළ නැංවීමට අති නවීන තාක්ෂණයෙන් යුත්  ගිලන් රථ 20 ක්  රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද (25) සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝ‍හල් සදහා බෙදාදෙන ලද මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට අධික වේ.

මෙම නව ගිලන් රථ තුළ අති නවීන පහසුකම් රැසක් පවතින අතර රෝගීයා වෙනත් රෝහලක් කරා ගෙනයන අතරතුර ද ප්‍රතිකාර රැසක් එමඟින් සිදු කිරීමේ හැකියාව පවතී.

ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ, යන දිස්ත්‍රික් මහ රෝහල් දහය සඳහා  ද පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා ද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය, යන  මූලික රෝහල් සඳහා ද අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලට ද මෙම අති නවීන  ගිලන් රථ 20 බෙදා දෙන ලදී.

මෙරට මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් පද්ධතියට අවශ්‍යවන  ගිලන්රථ අවශ්‍යතාවය පරිදි  ඉදිරි කාලය තුළ දී අදියරෙන් අදියර ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සදහා මධ්‍යම රජයේ, සෞඛ්‍ය සංවර්ධනය සදහා වෙන්වූ විශේෂ ව්‍යපෘතිවල මෙන්ම විදේශ රාජ්‍යන්ගේ සහාය ද ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.

එමෙන්ම රෝහල් පද්ධතියෙහි සිදුකළ යුතු භෞතික සම්පත් සංවර්ධනයට මේවන විට පියවර ගෙන ඇති බව සදහන් කළ අමාත්‍යවරයා  එය ක්‍රමාණුකූලව නිසි සැලසුමකට අනූව සිදුකරන බව ද අවධාරණය කර සිටියේ ය.  මෙරට ජනතාවට ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතුරුවම කැපවන බව ද  අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,  අතිරේක ලේකම්වරුන්වන චාමික ගමගේ, සුනිල් ගලගම, ජනක කිත්සිරි ගුණවර්ධන,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, අධ්‍යක්ෂ (ප්‍රවාහන) නිලංග දිල්හාන් සෝමපාල, ආසියානු සංවර්ධන බැංකුවේ  මෙරට සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක යන මහත්වරුන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා සේවක පිරිසක් ද එක්ව සිටියහ.

“කප්රුක් සවිය” උතුරේ පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 02 වැනිදා

“කප්රුක් සවිය” උතුරේ පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 02 වැනි දින පුදුකුඩුඉරිප්පු නගරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , කප්තුරු සවිය විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
උතුරු පොල් ත්‍රිකෝණයේ වැඩකටයුතු නව අදියරකින් ආරම්භ කිරීමට බලාපොරෝත්තු වන බවත් 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමටත් 2027 වර්වෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා වැඩි කිරීමට සුදානම් බවත් හෙතෙම පැවසීය.
යාපනය , මුලතිව් , මන්නාරම උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට මෙන්ම උතුරේ පළමු බීජ ගොවිපල පලෙයි නගරයේ ආරම්භ කිරීමටද සැළසුම් යොදා ඇතැයි ද එහිදී අමාත්‍යවරයා පැවසුවේය.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය උතුරු ප්‍රදේශයට රැගෙන යාමට හේතුවක් වූයේ එම ප්‍රෙද්ශවල සංවර්ධනය අඩු මට්ටමෙන් පැවතීමත් , පොල් වගා කිරීමට යෝග්‍ය ඉඩම් සහ දේශගුණය තිබීමත් , ජනතාව වගා කිරීමට කැමැත්තෙන් පසුවීමත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම කුඩා ප්‍රමාණයේ වගාකරුවන් මෙන්ම මහා පරිමාණයේ වැවිලිකරුවන්ටත් ආධාර ලබා දී පොල් වගාව උතුරේ ආරම්භ කරන බවත් වගා කිරීම සඳහා අවශ්‍ය බීජ පැළ ලබා දීමත් පොහොර ලබා දීමත් , බිංදු ජල සම්පාදනය , ක්ෂද්‍ර ජල සම්පාදනය සඳහා ගොවීන් සූදානම් නම් ඒ සඳහා අක්කරයට රුපියල් 30000ක් ලබා දී මෙය ක්‍රමානුකූල වගාවක් බවට පත් කිරීමට සූදානම් බවද පැවසීය.
එමෙන්ම පොල් සහ අනෙකුත් වැවිලි ක්ෂේත්‍රවලට උපාය මාර්ගික සැළසුම් සකස් කර ඇති බවත් පොල් වගාවෙන් අපනයන ආදායම විශාල වශයෙන් රටට ගෙන ඒමට හැකි බවත් මේ වන විට යුනෙටෝ ආයතනය සමඟ එක්ව ඊට අදාළව පස් අවුරුදු සැළැස්මක් සකස් කර ඇති බවත් 2030 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක් දක්වා අපනයන අදායම ඉහළ නැංවීමට බලාපොරොත්තුව වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගාසා තිරයේ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල මානුෂීය තත්ත්ව විනාශකාරී මට්ටමක

ගාසා තිරයේ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල මානුෂීය තත්ත්වය මහා විනාශකාරි මට්ටම් කරා ළඟා වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා නගරය සහ ඒ අවට ප්‍රදේශ පුරා ආහාර සහ පිරිසිදු ජලය හිඟ වෙමින් පවතින අතර, මිලියන භාගයකට ආසන්න ජනතාවක් සාගතයකට මුහුණ දෙන බව ජාත්‍යන්තර ආධාර ආයතන අනතුරු අඟවා තිබෙනවා.

සෞඛ්‍ය සෙවකයන්ට අනුව ඉරිදා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ළමුන් හා සහනා ආධාර පතන්නන් ඇතුළු අවම වශයෙන් 51 දෙනෙකු මියගොස් තිබෙන බවයි වාර්තාවන්නෙ .
මිට අමතරව, ඇසින්දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශකර ඇත්තෙ සහනාදාර ආහාර බෙදා හැරීමේ ස්ථාන වෙත ළඟා වීමට උත්සාහ කරන අතරතුර පලස්තීන ජාතිකයින් හතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවයි.
වෛද්‍ය සේවා බිඳ වැටීමට ආසන්නව ඇති අතර, ප්‍රමාණවත් විදුලිය, ඖෂධ හෝ සැපයුම් නොමැති තත්වයන් යටතෙ රෝහල් ක්‍රියාත්මක වේ.


ජනාකීර්ණ සහන කදවුරු තුළ පාචනය සහ හෙපටයිටිස් වැනි බෝවන රෝග පැතිරෙමින් පවතින බවයි වාර්තාවන්නෙ.
2023 ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට, මේ වනවිට පලස්තීන ජාතිකයින් 62,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් සියයට 80 කට වැඩි පිරිසක් සිවිල් වැසියන් බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
ඊශ්‍රායලය පවසන්නේ තමන් සටන් කරන්නෙ තම ප්‍රහාර හමාස් සංවිධානය ඉලක්ක කරගෙන බවයි. ඔවුන් දරුනු දේශසීමා ප්‍රහාර එල්ල කරන බ්වත් ප්‍රාණ ඇපකරුවන්විශාල ප්‍රමානය රදවාගන සිටින බවත්ය.
මේ අතර, ලොව පුරා ගාසා තිරයෙ සිදුවන බිහිසුනු තත්වය සමතයකට පත්කිරිමට , වහාම සටන් විරාමයක් සහ අසීමිත මානුෂීය ප්‍රවේශයක් ඉල්ලා සිටිමින් සිදුකෙරෙන ජාත්‍යන්තර බල පෑම් වැඩිවෙමින් පවතිනවා.
අයර්ලන්තය, ඊජිප්තුව සහ අනෙකුත් ජාතීන් මෙය “මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම්” ලෙස විස්තර කරන අතර ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් කරමින් සිටී.

තිස් හය වන ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතා තරගාවලිය

තිස් හය වන ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතා තරගාවලිය ඊයේ රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩාගාරයේදී නිමාවට පත්වුණා.
නැගී එන ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ කෙමිත් හපුආරච්චි ශූරතාවය දිනා ගත් අතර නැගිඑන ක්‍රීඩිකාව ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ චනුමි නිම්තරා තෙබුවන ශූතාවය දිනා ගනු ලැබුවා.

දින අටක් පුරා පැවති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් පමණ සහභාගී වී සිටියා.
මෙම තරගාවලියේ වයස අවුරුදු නමයෙන් පහළ, එකොළහෙන් පහල, දහතුනෙන් පහළ, පහලවෙන් පහල, දාහතෙන් පහළ සහ දහනවයෙන් පහළ ලෙස තරඟ පැවැත්වුණා.
කනිෂ්ඨ ශූරයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ මතිෂ විජේසේකර ශූරතාවය දිනා ගත් අතර ශූරිය ලෙස කොළඹ කාන්තා විද්‍යාලයේ නෙත්මි වික්‍රමසිංහ ශූරතාවය දිනා ගත්තා.
බාලක අවසන් තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයේ මතීෂ විජේසේකර ජයග්‍රහණය කල අතර
බාලිකා අවසන් තරඟයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයේ නෙත්මි වික්‍රමසිංහ හිමි කර ගත්තා.


ශ්‍රී ලංකා ස්කෝෂ සභාපති ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදාන උත්සවය පැවැත්වුණා.

දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ අවසන් තරගයේ ජය ඕස්ට්‍රේයාවට

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ජය ඕස්ට්‍රේයාව හිමි කර ගත්තා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 431ක දැවැන්ත ලකුණු පුවරුවක් ලබා ගැනීමට සමත් වුනා.
පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 155ක් පමණයි.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන්ට අවස්තාව හිමි වුණා.

ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 276ක ජයක් හිමිවුණු අතර


ඕස්ට්‍රේලියාවේ දැවැන්ත ඉලක්කය සදහා මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම ශතක රැස්කිරීම ද විශේෂත්වයක්.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් සමග නායක මිෂෙල් මාෂ් ඉනිම ඇරඹූ අතර එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 250ක ඉහළ සබඳතාවක් ඔවුන් දෙදෙනා ලබා ගැනීම්ට සමත් වුණා.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 142ක් සහ නායක මිෂෙල් මාෂ් ලකුණු 100ක් ලබාගත් අතර දෙදෙනාගේම ඉනිමට හයේ පහරවල් 5ක්  ඇතුලත් වුනා.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාලවයි.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා ලැබී තිබූ තොරතුරක් අනුවයි.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්තිපතිවරයා වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කිරීමේ සිදුවීමක් සම්බන්ධවද තොරතුරු වාර්තා වූ අතර එම කරුණු අනාවරණය කර ගැනීම සඳහා සියලු සැකකරුවන්ගේ දුරකතන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලීසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණි.

කෝට්ටේ රාජමහා විහාර භූමියේ අභිනවයෙන් ඉදිකරන ලද, සදාතුක ධාතු මන්දිරය බුදු සසුනට පුද කරයි

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාර භූමියේ අභිනවයෙන් ඉදිකරන ලද, සදාතුක ධාතු මන්දිරය මහා සංඝරත්නයයේත්, බැතිමතුන්ගේත් වන්දනාමානය පිණිස බුදු සසුන වෙත පූජා කිරීම ඊයේ දින අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ සභාගිත්වයෙන් සිදුකෙරුණා.

ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ නායක මාහිමිපාණන් වහන්සේ විසින් සමරු ශිලාලේඛනය නිරාවරණය කිරීමෙන් අනතුරුව, එම මන්දිරයේ පහත මාලයේ ස්ථාපිත කර තිබෙන නව විහාරස්ථ කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ද එක්වුනා.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහව හෙට අධිකරණයට රැගෙන යා හැකිද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයක් බව විපකෂය පවසනවා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කරමින් මේබව සදහන්කළා.

එම නිවේදනයේ දැක්වෙන්නේ රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියදම් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කළ නොහැකි බවත් එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියක් බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව ඔවුන්ගේ නිරීක්ෂණය වන බවද එහි වැඩිදුරටත් සඳහන්.
රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියඳම් සම්බන්ධයෙන් පැහැදිලි ඉරක් ඇඳ වෙන් කිරීම පහසු නැත. එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලයක් බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (25) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියි.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ඇතුළු පිරිසක් විසින් පෙත්සම් හයක් ඉදිරිපත් කර ඇත.