Hot News

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා…

Hot News

රාත්‍රියේ බන්ධනාගාරයට පැමිණි හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට ඇතුල්වීමට අවසර නොදෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග…

දේශපාලනය කරන්නේ නම් මෙවැනි දේවල් උරුමයි – මහින්ද රාජපක්ෂ

සුළු වැරදි නිසා දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදි දෙයක් බවත්, ඒ ගැන තමා කනගාටුවට පත්වෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව පවසා සිටියා.

රනිල් වික්‍රමසිංහ විසින් මෙම කාරණය එතරම් ගණන් නොගන්නා බවද, දේශපාලනය කරන්නේ නම් මෙවැනි දේවල් උරුම බවද, හිටපු ජනපති රනිල් එයට හොඳින් මුහුණදෙන බවද මහින්ද රාජපක්ෂ පවසා සිටියා.

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත්, මෙවැනි ක්‍රියාවන් පළිගැනීම් වන බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“රුබිකන් නදිය තරණය” සිදුකළේ මීට මාස 11 කට පෙර – ඇමති බිමල්

“රුබිකන් නදිය තරණය” සිදුකළේ මීට මාස 11 කට පෙර ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ශ්‍රී ලංකාව සැබෑ ජනරජයක් බවට පත් කිරීමේ ගමනේදී එහි ගාමක බලවේගය වූයේ මෙරට මහජනතාව බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ.

‍ක්‍රි.පූ. 49 දී ජූලියස් සීසර් විසින් “රුබිකන්” නදිය තරණය කිරීම පිළිබඳ ඓතිහාසික සඳහනක් උපුටා දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් සිය Facebook ගිණුමේ පළ කරන ලද සටහනකට ප්‍රතිචාර වශයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

දේශපාලනයේ දී හෝ, පාලන තන්ත්‍රයේ දී හෝ, ඇතැම් අවස්ථාවලදී නැවත ආපස්සට හැරවිය නොහැකි තීරණ ප්‍රඥාවෙන් සහ රටේ දිගුකාලීන අවශ්‍යතා මනසේ තබාගෙන ගත යුතු බවයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එම සටහන තබා තිබුණේ.

ඔවුන් තැබූ එම සටහන් පහතින්.

මහින්ද රනිල්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා.

අද (23) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසා බැලීම සඳහා මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.

රනිල්ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි පැමිණ තිබෙනවා.

ඒ අනුව, අද (23) උදෑසන 9.30ට පමණ සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළ අතර, ඉන් අනතුරුව ඔහු ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් වෙයි

www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගුරු විද්‍යාල අවසාන විභාගය 2025.05.19 දින සිට 2025.05.25 දින දක්වා පැවැත්වුණු අතර,  අයදුම්කරුවන් 238ක් ඒ සඳහා පෙනී සිටියා

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්වුණා.

එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය නන්දා මාලිනී මැදිරිය ලෙස නම් කිරීම ද, ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇයගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු කෙරුණා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යන මහත්ම මහත්මීහු ද, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ රැසක් ද සහභාගී වුණා.

අද සහ හෙට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගුයි

අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.

එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී, රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසන්නේ.

ඒ අනුව 2025.08.24 දින අවලංගුවන දුම්රියන් පහත පරිදි වේ

01. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.15 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8319 දුම්රිය

02. මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව.12.10 ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 8788 දුම්රිය

2025.08.24 දින ආරම්භක වෙලාව සංශෝධනය කර ධාවනය කරන දුම්රියන්

01. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8327 සමුද්‍රදේවී දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයෙන් පැය 1ක් පමණ ප්‍රමාදකර පෙ.ව.06.30 ට ගමන් ආරම්භ කිරීම.

02. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.04.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8320 දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08.50 ට ගමන් ආරම්භ කිරීම.

මීට අමතරව අද (23) කොළඹ කොටුවෙන් ප.ව.07.30ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට නියමිතයි.

තැපැල් වර්ජනය හයවන දිනටත් ක්‍රියාත්මකයි

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනයටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක වනවා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගසා තිබුණු තැපැල් මලු ආරක්ෂක අංශ යොදවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.

සිය ඉල්ලීම්වලට නිසි පිළිතුරු ලබා නොදීම ගැන විරෝධය පළ කරමින් තැපැල් වාත්තීය සමිති විසින් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ඊයේ (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ද ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත්, සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුරු අතහැර ගියා සේ සළකා කටයුතු කරන බවට තැපැල්පතිවරයා විසින් නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

රාත්‍රියේ බන්ධනාගාරයට පැමිණි හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට ඇතුල්වීමට අවසර නොදෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසක් ඊයේ (22) රාත්‍රියේ නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් බන්ධනාගාරය වෙත පැමිණිය ද, ඉන් ඇතුළුවීමට අවසර නොලැබුණු බවත්, ඔවුන් පසුව බන්ධනාගාරය පිටත රැඳී සිටි බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළ අතර, ඉන් අනතුරුව ඔහු ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

comment loading image මහජන ප්‍රතිචාර

රනිල්​ව අධිකරණයට රැගෙන එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදා ගත් බවට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව, අද (22) දහවල් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ වන විට කොළඹ කොටුව උසාවිය අසල හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයන් රැසක් එක්රැස් වී සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.