Hot News

වගා කරන ඕනෑම වගාවක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රක්ෂණාවරණයක් ලබා දීමේ යෝජනාවක්

වෙළෙඳපොළ ඉල්ලුම අනුව වගා කරන ඕනෑම වගාවක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රක්ෂණාවරණයක් ලබා දීමට පසුගියදා…

Hot News

පිරිවෙන් හිමිවරු සහ පාසල් සිසුහු ජනපති ලේකම් කාර්යාලය නරඹති

ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය නරඹති…

Hot News

ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ…

Hot News

දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිල ගණන්වලට පානීය ජල බෝතල් අළෙවි කළ ආපනශාලා හිමිකරුට වැඩ වරදී

විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට දෛනිකව පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිළ ගණන් වලට භාණ්ඩ අළෙවි…

Hot News

ජනතා විමුක්ති පෙරමුණේ අයට මෙය හොඳින් පුරුදුයි – නාමාල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවට මැතිවරණ කාලයේදී පොරොන්දු වූ දේවල් සිදුකළ නොහැකි වන විට, ජනාධිපතිවරයෙක් විසින් ජනාධිපති ධුර…

වගා කරන ඕනෑම වගාවක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රක්ෂණාවරණයක් ලබා දීමේ යෝජනාවක්

වෙළෙඳපොළ ඉල්ලුම අනුව වගා කරන ඕනෑම වගාවක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රක්ෂණාවරණයක් ලබා දීමට පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී යොජනා වී තිබේ.

කෘෂිකාර්මික අවදානම් කළමනාකරණ හා සමාජ සුභසාධනය අරමුණු කර ගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ලංකාව තුළ වගා කරන ඕනෑම වගාවක් සඳහා වෙළඳපොළ ඉල්ලුම අනුව මෙම රක්ෂණාවරණය ලබාදීමට යෝජනා කර ඇත. මෙහිදී නව රක්ෂණ යෝජනා ක්‍රම කිහිපයක් හඳුන්වා දී ඇත. කුරුඳු වගා රක්ෂණ යෝජනා ක්‍රමය, රබර් වගාරක්ෂණ යෝජනා ක්‍රමය, බඳුන්ගත මඤ්ඤොක්කා වගා රක්ෂණ යෝජනා ක්‍රමය, කෙසෙල් වගාරක්ෂණ යෝජනා ක්‍රමය, බිම්මල් වගාව සඳහා රක්ෂණ යෝජනා ක්‍රමය, පොල් වගාව සඳහා රක්ෂණ යෝජනා ක්‍රමය මේ යටතේ හඳුන්වාදී ක්‍රියාත්මක කෙරේ.
මෙයට අමතරව ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමය,වගා ණය රක්ෂණ යෝජනා ක්‍රමය,ව්‍යාපෘති හා ගොවිපළ සඳහා විශේෂ යෝජනා ක්‍රම ක්‍රියාත්මකය . මෙහිදී විශේෂ යෝජනා ක්‍රමය යටතේ ආවරණය වන අවදානම් තත්ත්ව ලෙස කාළගුණික අවදානම් ,කෘමි හානි,රෝග පළිබෝධ ,වන අලි හානි,සත්ව හානි හඳුන්වා දිය හැකිය.
එමෙන්ම පශු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගවයන්, එළුවන් හා සුරතල් සතුන් සඳහා අවම රක්ෂණ වාරිකයක් යටතේ රක්ෂණාවරණයක් හඳුන්වාදී ඇත.
එමෙන්ම තෙවන පාර්ශවීය රථ වාහන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ටැක්ටර්, ලොරි රථ, යතුරු පැදි, තීරෝද රථ, මෝටර් රථ, මෝටර් කාර් සඳහා ද රක්ෂණාවරණයක් හඳුන්වාදී ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම පොල් , තල් හා කිතුල්කර්මාන්තයේ යෙදෙන කෘෂිකාර්මිකයන් සඳහා වෛද්‍යාධාර හා හදිසි අනතුරු ආවරණ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම ධීවරයන් සඳහා හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක්, කෘෂි උපකරණ රක්ෂණ යෝජනා ක්‍රමයක්, ගබඩාරක්ෂණ යෝජනා ක්‍රමයක්, හරිතාගාර හා ආරක්ෂිත ගෘහ රක්ෂණ යෝජනා ක්‍රමයක් යන රක්ෂණ යෝජනා ක්‍රම සාමාන්‍ය රක්ෂණ යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම කෘෂි, වැවිලි, සත්ව පාලන හා ධීවර ආශ්‍රිත කටයුතුවල නියැළෙන්නන් සඳහා දායකයාගෙන් පසු කාලත්‍රයාටත් අවම වාරික මුදලක් යටතේ රක්ෂණයක් ලබාදීමට විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ යෝජනා වී ඇත.

පිරිවෙන් හිමිවරු සහ පාසල් සිසුහු ජනපති ලේකම් කාර්යාලය නරඹති

ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය නරඹති


ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යාතන පිරිවෙන් හිමිවරුන්ට, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට ඊයේ (22) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.


ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා විසින් නීතියේ ආධිපත්‍යය මෙන්ම ආකල්ප සංවර්ධනය, පාසල් අධ්‍යාපනය තුළින් ලබාගත හැකි ජයග්‍රහණ සම්බන්ධවද මෙහිදී පාසල් සිසුන් වෙනුවෙන් හරවත් දේශනයක් සිදුකරනු ලැබීය.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.


ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල මහතා සහ එම විද්‍යාලවල විදුහල්පතිවරු, ගුරු මහත්ම මහත්මීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.


මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි.
මෙහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම රජයක වගකීම බවත්, ජනාධිපති අරමුදල මේ වන විට එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් සිටින බවත්ය.
එමෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගත් අනාගත පරපුරක් රටට අවශ්‍ය බවත්, වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බිහි කිරීමට අපේක්ෂා කරන්නේ එවන් පරපුරක් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාද සිසු දරු දැරියන් ඇමතූ අතර දුෂ්කර ගමනකින් පසු සුවිසල් සමාජ පරිවර්තනයක් සමග රට භාරගත් වත්මන් රජය විශිෂ්ට අධ්‍යාපන පරිවර්තන යෝජනාවලියක්ද ඉදිරිපත් කර තිබෙන බවත්, එම අධ්‍යාපන පරිවර්තනයන් යතාර්ථයක් කර ගැනීමෙන් රටේ දරුවන්ට සුන්දර අනාගතයක් උරුම කර දිය හැකි බවත් පැවසීය.
සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද උත්සව සභාව ඇමතූහ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිල ගණන්වලට පානීය ජල බෝතල් අළෙවි කළ ආපනශාලා හිමිකරුට වැඩ වරදී

විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට දෛනිකව පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අධික මිළ ගණන් වලට භාණ්ඩ අළෙවි කළ විල්පත්තුවත්තුව ජාතික වන උද්‍යානයට ප්‍රවිෂ්ට වන ප්‍රධාන දොරටුව අසල පිහිටි ආපනශාලාව වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වි තිබෙනවා. ‎ ‎මෙසේ වැටලනු ලැබුවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ප්‍රවිෂ්ඨ වන ප්‍රධාන දොරටුව අසල ඇති එකම ආපන ශාලාවයි. ‎ ‎විදේශීය සංචාරකයින් පිරිසකට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැපයූ අනුරාධපුර එස්.එස්. කැබ්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂ සුනන්ද ධර්මසිරි මහතා මධ්‍යවේදියෙකු මගින් පාරිභෝගික පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ප්‍රියන්ත මහතා දුරකථනයකින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබුවා. ‎ ‎ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ප්‍රියන්ත මහතාගේ විශේෂ නියෝගයක් මත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපති එල්.එම්.එස්.නාවිමන මහතා ඇතුලු විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල වැටලීම සිදුකර කර තිබෙනවා. ‎ ‎මෙම ආපණ ශාලාව පරීක්ෂා කිරීමේදී විමර්ශන නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ රුපියල් 130යේ පාලන මිළට අලෙවි කළ යුතු ලීටර් එක හමාරේ පානීය ජල බෝතලය රුපියල් 200 ක අධික මිළකට අළෙවි කරන බවයි. ලීටර් එක හමාරේ පානීය ජල බෝතලයක මිල රුපියල් 130 කි. ඒ අනුව ලීටර් එකහමාරයේ පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 70ක මුදලක් මෙම ආපන ශාලාව වැඩිපුර අය කරගන්නා බවද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. ‎ ‎ඊට අමතරව මෙම ආපනශාලාවෙන් දෙස් විදෙස් සංචාරයකින්ට අළෙවි කරන සියලුම ආහාර කෙටි අහාර සහ බීම මෙන්ම පානිය ජල බෝතල්වල මිළ වෙළඳපොලේ පවතින සාමාන්‍ය මිලට වඩා වැඩියෙන් අළෙවි කරන බවද විමර්ශන නිලධාරීන්ට දැන ගැනීමට හැකි විය. ‎ ‎ඒ අනුව මෙම ආපනශාලාවේ කළමණාකරවරයා බැඳුම්කරයක් මත මුදා හැර ඇති විමර්ශන නිලධාරීන් ඔහුට සැප්තැම්බර් මස 11 වන දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියම කර තිබෙනවා. ‎ ‎පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් එම අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

‍රට තුල ඖෂධ හිගයක් ඇති වීමට හේතුව සෞඛ්‍ය ඇමති රටට හෙලි කරයි

පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු පවසන්නේ මේ වන විට පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීම සදහා ප්‍රදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 3,500ක මුදලක් රෝහල් සදහා වෙන්කර ඇති බවයි

හත් වන දිනටත් ක්‍රියාත්මක තැපැල් වර්ජනයේ නවතම තත්වය

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වෙනවා.
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා

අද පෙරවරු 9ට එම සාකච්ඡාව ආරම්භ වූ අතර ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවයි සඩහන් වන්නේ
විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වෙනවා
වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්ව තිබෙනවා


කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා
මේ අතර ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසුවේ වර්ජනයේ නිරතව සිටි සාමාජිකයින් රැසක් මේ වන විට සේවා කටයුතු සදහා සහභාගී වී ඇති බැවින් හෙට දිනය වන විට තැපැල් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකියාව පවතින බව

රුපියල් බිලියන 10.08ක හෙරෝයින් පසුගිය වසරේ වැටලීම් වලින් අත්අඩංගුවට

රුපියල් බිලියන 10.08ක් වටිනා හෙරොයින් ප්‍රමාණයක් මේ වසරේ ගත වූ කාලය තුළ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් මහතා පවසනවා.
ඊයේ පොලිසිය විසින් සිදු කළ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබද කරුණු දැක්වීමක් සිදු කළා.

අද අලුයම බොරලැස්ගමුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක්

බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද (24) අලුයම වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් 21 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

හිටපු ජනපති රනිල් ජාතික රෝහලට මාරු කරයි

හිටපු ජනපති රනිල් ජාතික රෝහලට මාරු කරයි

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුව මෙලෙස හිටපු ජනධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ අයට මෙය හොඳින් පුරුදුයි – නාමාල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවට මැතිවරණ කාලයේදී පොරොන්දු වූ දේවල් සිදුකළ නොහැකි වන විට, ජනාධිපතිවරයෙක් විසින් ජනාධිපති ධුර කාලය තුළ සිදුකළ දේවල් ගැන පරීක්ෂණ කරන බවත්, ඒවාට පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ අයට මෙය හොඳින් පුරුදු දෙයක් බවයි ඔහු පවසා සිටියේ.

අවසානයේදී මෙයින් සිදුවනු ඇත්තේ, කිසිදු රාජ්‍ය නායකයෙක් තමන්ගේ ධුර කාලය තුළ කිසිදු තීන්දුවක් නොගැනීම බවත්, ගත යුතු ක්‍රියාමාර්ග ගැන දේශපාලඥයන් හැටියට තමන් සියළු දෙනාම ඉදිරියේදී කල්පනා කර බැලිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ.