Hot News

දිළිඳුබව තුරන් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමර්ග ඉන්දුනීසියානු තානාපතිනියගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං ( Dewi Gustina Tobing ) මහත්මිය සහ ග්‍රාමීය…

Hot News

“දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

දකුණු පළාතේ සුව විරුවන්ගේ අමිල මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන්නට යෙදුණූ “දක්ෂිණ සුව විරුවෝ – 2024”…

දිළිඳුබව තුරන් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමර්ග ඉන්දුනීසියානු තානාපතිනියගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං ( Dewi Gustina Tobing ) මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක්  පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපාය, අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමර්ග සහ ශ්‍රී ලංකාවේ දිළිඳුබව තුරන් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳව අගය කළ ඉන්දුනීසියානු තානාපතිතුමිය ඉදිරියේදී අඛන්ඩව රජයේ වැඩපිළිවෙලට සහය ලබාදෙන බව ද සඳහන් කළාය.

එහිදී අමාත්‍යවරයා , සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවත් ඉන්දුනීසියාවත් අතර ඇති රාජතාන්ත්‍රික සබඳතවන්හි වැදගත්කම පිළිබඳව හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සහ සවිබලගැන්වීමේ ව්‍යාපෘති පිළිබඳව තානාපතිතුමිය දැනුම්වත් කළේය.

ඉන්දුනීසියානු ජනරජයේ 80 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු කොමසාරිස් කාර්යාලය සංවිධානය කරන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට අමාත්‍යවරයාට ඇරයුම් කිරීමද එහිදී සිදුවිය.

මෙම අවස්තාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ දේශපාලන සම්බන්ධීකාරක Laial K. Unniarti මහත්මිය ද එක්ව සිටියාය.

ඇමති සමග සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ස්ථාවරය කියයි

අද (24) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් පැවසුවේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තුර වර්ජනය සම්බන්ධයෙන් නිෂ්චිතව කිව නොහැකි බවය.

“සාකච්ඡාව පිළිබඳ අවසන් තීන්දුවක් තාම කියන්න බැහැ. තැපැල්පතිවරයා ලිඛිතව අපිට දෙන්න ඕනේ. යම් යම් කාරණා ගැන එකඟතාවයන් තියෙනවා. හැබැයි අපිට ඒක පිළිගන්න වෙන්නේ ලියවිල්ලක් ඉදිරිපත් වුණාට පස්සේ. ඒ ලියවිල්ලත් එක්ක අපි වැඩවර්ජනය ගැන අවසන් තීන්දුවක් ගන්නවා.”

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

“දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

  • සුව සේවාවේ මානව සම්පත සංවර්ධනයේ දී සියලු කාර්ය මණ්ඩල තුළ සමගිය සහ වෘත්තීමයභාවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්පුහු වැඩ වර්ජන තුළින් පද්ධතීන් කඩාවැටීමට ලක්වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

දකුණු පළාතේ සුව විරුවන්ගේ අමිල මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන්නට යෙදුණූ “දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වසරකට වරක් පැවැත්වෙන මෙම “දක්ෂිණ සුව විරුවෝ” අභිසෙස් උළෙල මගින් දකුණු පළාතේ ලක්ෂ 27 ඉක්ම වූ ජනතාවකට රෝග නිවාරණය හා ප්‍රතිකාර සේවා සපයමින් එම ජනතාව සුවපත් කිරිම සඳහා කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය ආයතන 203 ක 9000 කට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අධීක්ෂණයට ලක් කරමින් තෝරාගත් විශිෂ්ටයින්ට සහ විශිෂ්ට සෞඛ්‍ය ආයතන සඳහා සම්මාන සහ සහතික පත්‍ර පිරිනමනු ලබයි. 2011 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන මෙවර පැවැත්වූයේ 11 වන වරටය.

සෞඛ්‍ය සේවාවේ ඉදිරි ගමන වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් සැපයීමට අමතරව සුව විරුවන් හඳුනාගෙන ඇගයීමට ලක් කිරිම අතිශය වටිනා කර්තව්‍යයක් බව මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සියවස් ගණනාවක් තිස්සේ මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සෞඛ්‍ය වෘත්තිකයි‍න්ගේ කැපවීමේ සහ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ පිළිගත් සෞඛ්‍ය සේවාවක් බවට මෙරට සෞඛ්‍ය සේවාව පත්ව ඇති බව ද පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ දී බිලියන ගණනින් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ ද වැගත්ම සම්පත මානව සම්පත බව පෙන්වා දුන් අමාත්‍යවරයා මානව සම්පත සංවර්ධනය කිරීමේ දි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනා අතර සමගිය සහ වෘත්තිමයභාවය යන  ප්‍රධාන කරුණු 02 ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. මූලික සරල කරුණු, සාකච්ඡා කර විසදාගත හැකි කරුණු හෝ දේශපාලන අවශ්‍යතාව මත වෘත්තිය සමිති සිදු කරන වැඩවර්ජන තුළින් පද්ධතීන් කඩා වැටිමට ලක්වන බව ද කාර්ය මණ්ඩලවල වෘත්තියමයභාවය ඉහළ නැංවීමට රජය නිරතුරුව කටයුතු කරන බව ද අවධාරණය කරන ලදි.

මෙරට සෞඛ්‍ය සේවාව එක් එක් කාලයන් හි පැවැති අභියෝග ඉතා හොදින් ජයග්‍රහණය කර ඇති බවත්, සෞඛ්‍ය සේවාවේ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව සෘජුව ආඩම්බරයෙන් කථා කළ හැකි වුව ද වයස්ගත ජනගහණය, බෝනොවන රෝග, මානසික සෞඛ්‍ය, පෝෂණය වැනි ඉදිරි අභියෝග හදුනා ගැනීම ඉතා වැදගත් වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා පුරවැසියාගේ වගකීම රජය විසින් බාරගන්නා විධිමත් ක්‍රමවේදයක පරිවර්ථනයක් සඳහා සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සහාය ලබාගැනීමට අදහස් කරන බවද පෙන්වා දෙන ලදි. මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ වඩා වේගවත් ශක්තිමක් පරිවර්ථනයක් සිදු කිරිම ඉතා වැදගත් බව ද සෞඛ්‍ය හා ජනමාධය අමාතය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුටත් පැවසීය.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් දකුණු පළාතේ “බී” කාණ්ඩයේ විශිෂ්ටතම රෝහල ලෙස වලස්මුල්ල මූලික රෝහලටත්, “ඒ” කාණ්ඩයේ විශිෂ්ටතම රෝහල ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මුලික රෝහලටත්, දකුණු පළාතේ විශිෂ්ටතම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  කාර්යාලය ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  කාර්යාලයටත් හිමි සමරු තිළිණ, සම්මාන සහ සහතික පත්‍ර පිරිනමන ලදි.

මව් සෞඛ්‍ය සමාජ, පාසල් දන්ත චිකිස්සාගාර කාණ්ඩය, වැඩිහිටි දන්ත සායන කාණ්ඩය, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක කාණ්ඩය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාණ්ඩය, විශේෂිත ව්‍යාපාර ඒකක කාණ්ඩය, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල කාණ්ඩය, දිස්ත්‍රික් රෝහල් ඒ,බී සහ සී කාණ්ඩය, මුලික රෝහල් ඒ සහ බී කාණ්ඩය වශයෙන් අදියර 09 ක් යටතේ පළමු දෙවන සහ තෙවන ස්ථාන වශයෙන්  සමරු තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරිමට මෙහිදී කටයුතු කෙරිණි.

 “දක්ෂිණ සුව විරුවෝ – 2024” අභිසෙස් උළෙල දකුණු පළාත් රෝහල් කාර්ය මණ්ඩල විසින් ඉදිරිපත් කරන ලද කලා විශේෂාංගයන්ගෙන් ද අලංකාරවත් විය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පී.ඩී විමලසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරින්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් ක්‍රීෂාන්ත ඩබ්.මහේන්ද්‍ර, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ ධර්මසිරි, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දේවිකා පටබැදිගේ, හිටපු දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වත්මන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග, දකුණු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු දකුණු පළාතේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් එක්ව සිටියහ.

කුන්ඩසාලේ බස්නැවතුම්පොලේ නාඳුනන මළ සිරුරක්

පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස්නැවතුම්පොලේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

බස් නැවතුම්පොලේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

රනිල්ට උසාවි එන්න බෑ – ජාතික රෝහලේ නි. අධ්‍යක්‍ෂ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන්න දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වනු ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

රනිල් මේ වන තෙක් වරදකරුවෙක් නොවේ – ලාල් කාන්ත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තෙක් වරදකරුවෙන් නොවන බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය

2025 සහ 2026 යන වසරවලදී ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙයි.

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනය  සිදු කිරීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මෙම කැබිනට් පත්‍රිකාව යොමුකර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට 2013/14 වසරවල ආර්ථික සංගණනයක් පවත්වා තිබේ.

එම සංගණනයේදී රැස් කළ දත්ත යාවත්කාලීන කිරීම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර 2කින් ආවරණය වන පරිදි 2025 සහ 2026 යන වර්ෂයන්හීදී ආර්ථික සංගණනය පැවැත්වීමට සැලසුම් කර ඇත.

රියදුරු අනතුරු වැලැක්විමට නව ඒ.අයිතක්ෂණය හදුන්වාදෙයි

ලංගම බස් රථ වල සිදු වන අනතුරු අවම කිරිමේ අරමුණ ඇතිව ලංකාවේ ලංගම බස්රථ සදහා නව ඒ.අයි. තක්ෂණ කැමරා සවි කිරිම ආරම්භ කිරිම අද(12) වැනි දින ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් කතරගම දිි සිදු කරන ලදි.
මෙම නව තාක්ෂණය කැමරා පද්ධතියක් හරහා අන්තර්ජාලය උපයෝගි කරමින් .
රියදුරු ට නින්ද යන විටදි සිදුවන ක්‍රියාකාරකම්. බසයේ වේගය. ඇතුළු රියදුරු ගේ වැරදි ක්‍රියා කාරකම් මෙන්ම බස් රථයේඅඩු පාඩු හා පරිපාලනය මෙම තක්ෂණ කැමරාව මගින් බලාගත හැකිය.
පළමු අධිරියේ බස් රථ 02 ක් සදහා මෙම තාක්ෂණය භාවිතා කරන බව අමාත්‍යාය බිමල් රත්නායක මහතා සදහන් කරන ලදි.
කතරගම ඩිපෝවට අයත් බස් රථයක් ගැරඩි ඇල්ල දි අනතුරට ලක්විය.එම සිදුවිම මුල් කරගෙන කතරගම ඩිපෝව මෙම වැඩ සටහනට සංවිධානය  කරන ලදි

වසර 03 කට පසු වනයෙන් එලියට ආ භානු

අලි ඇතුන්ද වනාන්තර තුළ සැගවීයන කාල අනන්තය ඒ ආකාරයට මිනිස් ඇසට නොගැටී වසර 03 කට පමන පසු වනයෙන් එලියට ආ වනරජදහනේ ඇත්පන්තියේ තවත් සද්දන්තයකු වු භානු නමින් නම්පටබැදුනු ඇත්‍ රජු නැගෙනහිර කලාපයේ වන උයන් තුලින් මේදිනවල දකින්නට ලැබෙයි.

ජනශුන්‍ය භූමි කලාපයක් තුල කිසිවකුටත් කරදරයක් නොවි එමසත්වයාගේ නිජබිම් තුල මදවැහෙන කාලය ගතකරමින් සිටි.

වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන උස අඩි 09 ක් පමනවු මෙම සද්දන්තයාගේ තේජමානත්වය වනරජ දහනට සුන්දරත්වයක් ගෙනදේ.වනඅලි රංචුපිටින් සිටින භූමියක එම සතුන් සමග නිදහසේ සැරිසරන අතර මෙම දිනවල නිරන්තරයෙන් දකින්නට ලැබේ.

ලංකා බැංකුවේ වාර්ෂික ලාභාංශය ලෙස රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරයට

රටේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ (BOC) අධ්‍යක්ෂ මණ්ඩලය , එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 05 ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර ඇත.

මෙම දායකත්වය පිළිබඳ නිල දැන්වීම ඊයේ (03) මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදි.

පසුගිය වසර තුළ පෙන්නුම් කළ සුවිශේෂි මූල්‍ය කාර්යසාධනයෙන් පසුව ,ජාතික ආර්ථිකයට සහාය වීම සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම මෙම තීරණය මඟින් පිළිබිඹු වේ.