Hot News

ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් වුණා.

ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් වුණා.මෙමගින් ශ්‍රිලංකාවේ ධීවර…

Hot News

වානහ ආසන පටි පැළදීමේ අවශ්‍යතාවය පිළිබදව රියදුරන් දැනුවත් කිරීමට වැඩසටහනක්.

ආරක්‍ෂාව සඳහා වාහන ආසන පටි පැළඳීම පිළිබඳ රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහනේ…

Hot News

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් හා අගමැතිනිය අතර සාකච්චාවක්

රැකියාවක් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවාට වඩා එහා ගිය පුලුල් දැක්මක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය බව…

ආසියානූ යෝගාසන ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ලෝකඩ පදක්කම් දෙකක්

යෝගාසන ක්‍රීඩා
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 06 වන ආසියානූ යෝගාසන ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ චන්දන බණ්ඩාර සහ චලිත බාලසූරිය ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන තිබෙනවා.
එම තරගාවලියේ හොදම යෝග ගුරු විශිෂ්ඨතා සම්මානය අර්ජුන වික්‍රමාරච්චි හිමි කර ගෙන තිබුණු අතර ඔවුන් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාව වෙත පැමිණියා.


ආසියානූ යෝගාසන ක්‍රීඩා සම්මේලනය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 16 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුනා.
ඒ අගෝස්තු 09 සහ 10 දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුජයිරා නුවර දී.


මෙම තරගාවලිය මැදපෙරදිග කළාපයේ පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙවැනි යෝගාසන තරගාවලියකින් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමට හැකි වීම ද පළමු වරට සිදු වූ බවයි ශ්‍රී ලංකා යෝගාසන කණ්ඩායමේ කළමනාකරු අර්ජුන වික්‍රමාරච්චි කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවේ.

දණ්ඩමුක්තිය අවසන් කරන ලෙස මානව හිමිකම් සංවිධානයෙන් ඉල්ලීමක්

යුද අපරාධකරුවන්ට නඩු පැවරීමට සහ දශක ගණනාවක ප්‍රමාදව ඇති දණ්ඩමුක්තිය අවසන් කිරීම තවදුරටත් ප්‍රමාද නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීනවා. රටේ සිවිල් යුද්ධසමයෙ යේදී සිදු කරන ලද අපරාද සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම සඳහා නිසි පියවර ගන්නා ලෙස ඉල්ලාසිටිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සන්විදානය නිකුත්කල නවතම වර්තාවෙන් මෙබව කියා සිටිනවා. මෙ මොහොත ශ්‍රී ලංකාවට දන්ඩ මුකතිය අවසන් කිරිමෙ චක්‍රය නවතා දැමිමට සහ දිගු කලක් තිස්සේ ප්‍රමාද වී තිබූ පද්ධතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික අවස්ථාවක් උදාවි ඇතැයි මෙම නිවෙදනයෙ සදහන් .
2024 මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය (NPP) බලයට පැමිණි අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යටතේ නව ආණ්ඩුව ව්‍යවස්ථානුකූල, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණවලට පොරොන්දු වු නමුත්, මෙම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම පොරොන්දුවලින් බොහෝ දේ තවමත් වචනවලට පමනක් සීමා වී පවතින බවයි.
අතුරුදහනුවූවන්ගේ කාර්යාලවලට සිද්ධින් 15,000 ක් වූ වාර්තා වූ නමුත් අතුරුදහන් වීම් වලින් සොයාගෙන ඇත්තේ 18ක් පමණකි. කීත් නොයර්, රවීන්ද්‍රනාත්, ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන්, එක්නැළිගොඩ වැනි නඩු කිහිපයක ප්‍රගතියක් ඇතත් බොහෝ නඩු එක තැන පල්වෙයි. ත්‍රස්ත විරොධි පනත .මාර්ගගත ආරක්ශාව පිලිබද පනත වැනි නීති යටතේ නිදහස් අදහස් පළ කිරීම, සංගම්වල ක්‍රියාකාරිත්වයට සහ විරෝධතාවයන්ට බාධා ඇති වේ. වැනි උදා හරන රැසක් මෙහිදි උපුටා දක්වා තිබෙනවා.
මහජන විශ්වාසය නැවත ගොඩනැගීමට, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ කල් පවතින සංහිඳියාවක් කරා ගමන් කිරීමට අර්ථවත් වගවීමක් සහතික කිරිමටනම් – විශේෂයෙන්ම යුද අපරාධකරුවන් නිතිය හමුවට ගෙනා යුතුව ඇති බව එක්සත් ජාතීන්ගේ මනව හිමිකම සංවිධානය අවධාරණය කර තිබෙනවා.
” වින්දිතයින් බොහෝ කාලයක් යුක්තිය ඉටුවනතුරු බලා සිටියි.. යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස දක්වන මෙම නිවෙදනයෙන් පෙන්නාදෙන්නෙ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ වධහිංසා පැමිණවීම් ඇතුළු චෝදනා එල්ල වන යුද අපරාධවලට අදාළ පරීක්ෂණ සහ නඩු පැවරීම්වල මන්දගාමී ප්‍රගතිය පිළිබඳ මානව හිමිකම් සන්විදානය සිය කනස්සල්ල නැවත අවධාරණය කරනබවයි .

උත්තමාචාර මධ්‍යයේ නව පොලිස්පති වැඩ අරඹයි

මෙරට 37 වන පොලිස්පති ලෙස, නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද සිය ධූරයේ රාජකාරී අරම්භ කළා. ඒ පොලිස් මූලස්තානයේදී. මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය කොලඹ පොලිස් මූලස්තානයේදී රාජකාරී ආරම්භ කලා. ඒ පොලිස් විශේශ උත්තමාචාර මධ්‍යයයේ.


පොලිසියේ ජේයශ්ට නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියා.
1988.05.20 දින පොලිස් කොස්තාපල් තනතුරෙන් පොලිස් සේවාවට එක්වූ වීරසූරිය 1992 වසරේදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක් උනා . කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයෙන් නීතී උපාධිය ලබා ගෙන අනතුරුව 1999 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස රාජකාරි සිදුකර තිබෙනවා


මෙරට පොලිස් ඉතිහාසයේ සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කරමින් පොලිස් සේවාවට ඉදුරාම බදවා ගනු ලබන ක්‍රම ත්‍රිත්වයෙන්ම ශ්‍රි ලංකා පොලිසියට බැදුනු එකම නිලධාරියා ලෙසද නව පොලිස්පති වීරසුරිය වාර්තා පොතට එක්වෙනවා

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක්

රටේ සියලුම සම්පත් රටේ ජනතාවට අයිති බවත් බලශක්තිය යනු එක් ප්‍රදේශයකට සීමා වන දෙයක් නොව සමස්ත රටේ ජනතාවගේ අයිතියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
බලශක්තිය යනු රටේ ජාතික සම්පතක් බවත්, විදුලිය ප්‍රශ්නය රටේ නිෂ්පාදන පිරිවැය, විදෙස් ආයෝජන සහ සමස්ත ආර්ථිකය සමඟ බැඳී පවතින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
ජනාධිපතිවරයා මේබව ප්‍රකාෂකළේ මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු පිලිබදව සොයා බලා ඒ සඳහා විසදුම් ලබා දීමට අවශ්‍ය ව්‍යුහයක් ඇති කිරීමටද මෙහිදී තීරණයවී තිබෙනවා. එසේම ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කර තිබෙනවා.
මෙම ව්‍යාපෘති මඟින් ජනතාවගේ ජීවන වෘත්තියට, ආර්ථිකයට හා ජීවිතය පවත්වාගෙන යාම සඳහා වන බලපෑම් සහ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රජය ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම බවද සඳහන් කළා.
එම නිසා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශ්ව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන ප්‍රදේශයේ ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
මෙහිදී මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් ඇතුළු ජනතාව කියා සිටියේ ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් සිදුවන බවයි.
එල්ල වන බවය. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ ඇගයීම් වාර්තා අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව අවධාරණය කළේය.
පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්වත් කරන ලදී.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවයි.

අදානි සමාගම මඟින් විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 8.26 කට මිලදී ගැනීමට තිබූ අතර එය ලංකාවේ මුදලින් රුපියල් 25කි. නමුත් මෙම සුළං විදුලි ව්‍යාපෘතියේ නිෂ්පාදිත විදුලි ඒකකයේ මිල ඇමරිකානු ඩොලර් ශත 4.65ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් 13ක්වේ. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය මිල රුපියල් 13ක අවස්ථාවරයකට පවත්වාගෙන යාමට රජය සැලසුම් කර තිබෙනවා.

ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් වුණා.


ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් වුණා.මෙමගින් ශ්‍රිලංකාවේ ධීවර කර්මාන්තයට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා විසින් නීති විරෝධී වාර්තා නොවූ අවිධිමත් ධීවර කටයුතු සඳහා දායක වන සහනාධාර මෙන්ම අධි අස්වනු ලබන මත්ස්‍ය සම්පත් සඳහා ලබා දෙන සහනාධාර තහනම් කිරීමට පියවර ගැනේ.


මෙම සම්මුතිය සමඟ එක්වීම ශ්‍රී ලංකාවට හිමිවන පිළිගැනීම සහ විශ්වාසනීයත්වය ඉහළ යාමක් සිදුවේ.
අපනයන වෙළඳපොළ තව තවත් අවස්ථා විවෘත වන අතර ලෝක වෙළඳ සංවිධානයේ විශේෂිත ධීවර අරමුදල මගින් ධීවර ප්‍රජාවගේ හැකියාවන් ගොඩනැගීමට මෙන්ම තාක්ෂණික සහය ලබාගැනීමටද අවස්ථාව උදාවේ.


ලෝකයේ රටවල් එකසිය හයක් මේ වන විට මෙම ගිවිසුමට එක් වී තිබෙනවා.

නිජබිම සටන ” හොකී තරගාවලිය මේ මස 16 හා 17 වන දිනයන්හීදී පැවැත්වීමට නියමිතයි.

මාතලේ විජය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් 23 වන වරටත් සංවිධානය කරනු ලබන “නිජබිම සටන ” හොකී තරගාවලිය මේ මස 16 හා 17 වන දිනයන්හීදී පැවැත්වීමට නියමිතයි.


තරගාවලිය මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘතිම හොකී ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
ඒ සදහා දිවයිනේ දක්ෂතම හා ප්‍රධානතම පිරිමි හා කාන්තා හොකී කණ්ඩායම් සහභාගි වීමට නියමිතයි.

වානහ ආසන පටි පැළදීමේ අවශ්‍යතාවය පිළිබදව රියදුරන් දැනුවත් කිරීමට වැඩසටහනක්.

ආරක්‍ෂාව සඳහා වාහන ආසන පටි පැළඳීම පිළිබඳ රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් කටුනායක දී පැවැත්වුණා.
පසුගිය ජූලි පළවනදා සිට සියලුම රියැදුරන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ අතර
එළැඹෙන සැප්තැම්බර් මස පළමුවනදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. ආසන පටි පැළඳීම පිළිබඳ නීතිය යළි බලාත්මක කිරීම හා ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් රථවාහන රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පුද්.) සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.


එහිදී දැනුම්වත් කිරීම සඳහා මුද්‍රිත පත්‍රිකා බෙදාදීම සිදුවූ අතර, මෙම වැඩසටහන සම්බන්ධයෙන් රියැදුරන් සහ මගී ජනතාව සිය ප්‍රසාදය ද පළකර සිටියා.


‘මාර්ග ආරක්‍ෂණ ක්‍රියාකාරී සැලැස්ම’ යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වසර දෙකක ක්‍රියාකාරී සැලැස්මට අනුව දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් හා අගමැතිනිය අතර සාකච්චාවක්

රැකියාවක් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවාට වඩා එහා ගිය පුලුල් දැක්මක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය ඒ බව පැවසුවේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී.මෙම අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ධාරිතා සංවර්ධන පුහුණුවක් වෙනුවෙන් පසුගිය ජුනි 8 දින සිට 21 දින දක්වා ඉන්දියාවේ පැවති පුහුණු සැසිය නිමාකර මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙසේ අග්‍රාමාත්‍යවරියව හමුවුණා.
දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි නිලධාරීන් දෙදෙනෙකු බැගින් මෙම පුහුණුව සඳහා තෝරාගෙන පැවති අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ආසියානු ඉගෙනුම් මාධ්‍ය කේන්ද්‍රය විසින් මෙම පුහුණුව පවත්වා තිබුණා.
මෙතෙක් කිසිදු විදේශ පුහුණුවක් නොලත් දිවයින පුරා සේවයේ නියුතු අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මෙම පුහුණුව සඳහා තොරා ගෙන තිබීම විශේෂත්වයක්.
ඉන්දියාවේදී ලද පුහුණුව අනුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෙනස්කම් සහ එම පුහුණුව ලත් නිලධාරීන්ගෙන් ගුණාත්මක සේවාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනය සඳහා යොදා ගැනීම පවත්වන ලද පුහුණුවේ අරමුණයි.

මාරඹ වැවේ සංවර්ධනය ඇරඹේ

මාතර, අකුරැස්ස දෙනියාය ඒ ශ්‍රේණියේ මාර්ගයට මුහුණලා මනරම් පරිසරයක පිහිටි මාරඹ වැව දකුණු පළාත් සභාවේ රුපියල් මිලියන 7.5ක ප්‍රතිපාදන මත සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා.


මෙමගින් ගොවි පවුල් 194ක ආර්ථිකය සවිමත් වී පුරන් කුඹුරු අක්කර 20ක් යලි වී වගාවට එක් කිරීමට අපේක්ෂා කරයි.මාරඹ වැව සංවර්ධනය කිරීම සදහා දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 6.1 ක් හා දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ රුපියල් මිලියන 1.4ක ප්‍රතිපාදන වෙන් වී තිබෙනවා.


දකුණු පළාත් වාරිමාර්ග දේපාර්මේතුවේ අධීක්ෂණය යටතේ පේද්දපිටිය දකුණ ගොවි සංවිධානය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
සංචාරක කර්මාන්තය හා වී ගොවිතැනට ඇවැසි වාරි ජලය සැපයීම අරමුණෙන් මාරඹ වැව සංවර්ධනය කොට වැව් ඉස්මත්තේ ඇති පළතුරු වත්තක අක්කර 10ක් පවරාගෙන හොටල් සංකීර්ණයක් ඉදිකිරීමට ද යෝජනා වී තිබෙනවා.


කුඹුරු අක්කර 264කට අඛණ්ඩව යල මහ දෙකන්නයේම ජලය සැපයීමට අපේක්ෂිතයි.
මාරඹ වැව සංවර්ධනය කිරීමෙන් සෘජු රැකියා 250 ක් නිර්මාණය කිරීමටත් රජය අපේක්ෂා කරනවා.


ධීවර කර්මාන්තයට මෙන්ම නෙළුම් මල් කර්මාන්තය ජීවිකාව කර ගත් පිරිස්ද වැවෙහි පවතින අක්‍රමණික ජලජ ශාඛ නිසා දැඩි පීඩාවට පත්ව තිබෙනු දක්නට ලැබෙනවා.


අක්කර 30 ක වපසරියකින් යුත් වැව මේ වන විට දැඩි ලෙස වල් බිහිවී ඇති අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවන සේ සකස් කිරීම ඇරඹීම පිළිබදව නව රජයට සහ ජනාධිපතිවරයාට ගොවීන් සිය සතුට ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරිය එන් පී පී ආන්ඩුවේ වටිනාම සම්පතක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවේ වටිනාම සම්පතක් බව අමාත්‍ය බිමන් රත්නායක මහතා පවසනවා.
ආණ්ඩුව තුළ කිසිදු අර්බුදයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවයි හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍යයට අදහසක් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.


අමාත්‍ය බිමල් රත්නායක


ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසබංග යෝජනාව සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා.