Hot News

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විශ්වාස භංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද…

Hot News

37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්වේ

ෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය…

Hot News

ඉන්දියානු මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමිය අතර හමුව

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.නව…

“සෙවනගල සීනි ගැන රජයට කිසිදු තැකීමක් නෑ” විපක්ෂ නායක පවසයි

ෙවනගල සහ පැල්වත්ත සිනී කර්මාන්තශාලා පිළිබදව රජයට කිසිදු තැකීමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මෙවැනි තත්ත්වයක් තුළ සෙවකයන් හා ගොවි ජනතාවගේ ගැටළු රජයට නොතේරෙන බවයි විපක්ෂ නායවරයා කියා සිටියේ.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලිමට අද පැම්ණියා.
එම සාකඡාවට ප්‍රෙද්ශයේ උක් ගොවීන් එක්ව සිටි අතර එහිදී ගොවියන් විසින් තම ප්‍රශ්න විපක්ෂනායක වරයා වෙත ඉදිරිපත් කළා.

ගොවියන්ගේ කම්කරුවන්ගේ දුක වේදනාව ආන්ඩුවට නොතේරෙන අතර කර්මාන්තශාලාවේ සේවකයන්ගේ අයිති වාසිකම් වත්මන් රජය බලයට පත් වූ විගස අමතක කර ඇති බව විපකෂනායකවරයා ප්‍රකාෂකලා.

නව පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති වරයා ලෙස ප්‍රියන්ත වීරසුරිය මහතා නිලවශයෙන් අද පත් කරනු ලැබුවා
ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ දොඩම් ගොඩ නෑහින්න ද්විතීක පාසලෙන් . කළුතර ඥනෝදය මහ විදුහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරු වීරසූරිය මහතා
නීතිඥ වරයෙකු ලෙසද දිවුරුම් දී තිබෙනවා පසුව ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබද ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා තිබෙනවා 1988 වසරේ කොස්තාපල් වරයෙකු ලෙස සේවයට එක් වූ ඔහු 1992 දක්වා කාලසීමාව තුලදී පොලිස් විශේෂකාර්‍ය බලකාය ,පොලිස් රථ වාහන අංශය සහ අපරාධ කොට්ඨාසයන්හී සේවය කොට තිබෙනවා 1992 වසරේ පරිවාස උප පොලිස්පාරික්ෂක වරයෙකු ලෙස පත්වීම් ලබන ඔහු
රථවාහන කලමනා කරනය , අපරාධ විමර්ශනය වැනි අංශ යන්හී සේවය කරමින් සිය කුසලතාවන් දියුනු කරගත්තා
දිවයිනේ විවිධ ප්‍රදේශ වල සේවය කොට ඇති වීරසූරිය මහතා 1999 පරිවාස සහකාර පොලිස් අධිකාරිදූරයට පත් කෙරුනා 2007 දී එක්සත් ජාතීන්ගේ සාමසාධක සමුදාවට එක්වූ ඔහු නැගෙන හිර තිමෝරයේ වසරක පමණ කාලයක් සේවය කරනු ලැබුවා නැවත 2012 වසරේද එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව කටයුතු කර තිබෙනවා ඉන් පසු පොලිස් සේවයේ අධ්‍යක්ෂ වරයෙකු ලෙසත් සේවය කරන ඔහු ජේෂ්ඨ පොලිස් අධීකාරිදූරට පත්වන්නේ 2012 වසරේදී ..
වීරසූරිය මහතා 2020 වසරේදී ජේෂ්ඨ පොලිස්පති දූරයට පත්වීම් ලබනවා

2020 වසරේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ
පොලිස්පති ධූරය අත්හිටුවීමෙන් පසු ප්‍රියන්ත වීරසූරිය මහතා මේ දක්වාම වැඩි බලන පොලිස්පති වරයා ලෙස කටයුතු කරා

කෘමි උවදුර නිසා මින්නේරිය කුඹුරු හෙක්ටයාර 30,000 අවදානමේ

මින්නෙරිය ගොවිජනපද ව්‍යාපාරයෙන් මෙවර යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 30 000 ක් පමන කෘමි උවදුර හේතුවෙන් විනාශ වී යෑමේ අවදානමකට ලක්ව තිබෙනවා.
මේ දිනවල පවතින දේශගුණ තත්ත්වයත් සමඟ කෘමි උවදුර සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම නිලධාරීන් සඳහන් කරන්නේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් පැතිර යන කෘමි හානිය වළකාලීමට විශාල පරිශ්‍රමයක් දරමින් තිබෙනවා.
දිස්ත්‍රික්කය තුළ මේ වනවිට වී වගාව ඉතාමත් සාර්ථකව පවතින අතර මෙම කෘමි උවදුර දීර්ඝව පැතිර ගියහොත් ලැබෙන ආදායම් තත්ත්වය පහළ යා හැකි බවයි කෘෂිකර්ම නිලධාරීන් සඳහන් කරන්නේ.
මෙහිදී කෘමි උවදුර පාලනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හඳුන්වා දෙමින් ගොවි ජනතාව දැනවත් කිරීමට ශ්‍රේෂ්ත්‍රයට පැමිණීම පිළිබඳව ගොවි ජනතාව නිලධාරීන්ට ස්තුතියද පුදකර සිටියා.
ඩ්‍රෝන යන්ත්‍ර භාවිතයෙන් හා ස්වයංක්‍රීය තෙල් ඉසින යන්ත්‍ර යොදාගෙන කෘමි උවදුර පාලනයට අවශ්‍ය කෘෂි රසායන යෙදීම ගොවීන් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අපනයන සංවර්ධන අමාත්‍ය මන්ඩල සභාවේ දෙවැනි සාකච්ඡව ඊයේ පැවත්වුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේදී. 2030 වන විට මෙරට අපනයන ආදයම ඩොලර් බිලියන 36දක්වා වර්ධනය කරගැනීම රජයේ ඉලක්කයයි.


එය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග ලබා දිය හැකි විසදුම් , ඊට අදාල යෝජනා පිලිබද ව මෙහිදි පුලුල් ලෙස සාකච්ඡ වුණා.
අපනයන ක්ශෙත්‍රයේ දියුණුවට අදාල අත්‍යවශ්‍ය කරුණු රැසක් පිළිබදව ජනාධිපතිවරයා අවධානය යොමු කරා. මැණික් හා ස්වාර්ණාභරන ක්ශෙත්‍රය දියුනු කිරීම, රේගු කටයුතු කාර්‍ය්ක්ෂම කිරීම සඳහා නව scan යන්ත්‍රයක් ස්ථාපනය කිරීම යන කරුණු අවධානයට ලක් වුණා. ඖෂධ අපනයන කර්මාන්තතය , කුකුළු මස් , තේ, කුළුබඩු අපනයනයන් පිලිබදවත් Export Hub සංකල්පය , ත්‍රිකුණාමල වරාය , අපනයන ආශ්‍රිත ආයෝජන , ඉලෙක්ට්‍රොනික අපනයන අංශයට අමුද්‍රවය සැපයීම නව තීරූ බදු ගිවිසුම් වලට අවතීරන වීම සහ තීරූ බදු පිලිබදවද සාකච්ඡවට ලක් වූ කරුණු අතර් කිහිපයක්.

ජනපති අනුර “Youth Club”ජාතික තරුණ සමුළුව අමතා සිදුකල කතාව

නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තම දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් ලෙස නොව, තරුණ පරපුරට හිමි තැන ලබා දෙමින්, සිය අනාගතය තීරණය කිරීමේ ශක්තිය ඇති තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවති “Youth Club”ජාතික තරුණ සමුළුව අමතමනි.
මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වුණේ වසර 32 කට පසුව වීම විශේෂත්වයක් වන අතර, දිවයින පුරා තරුණ තරුණියන් 6000කට අධික පිරිසක් ඊට එක්ව සිටියා. ජාතික තරුණ සමුළුවට පෙර රට පුරා ප්‍රාදේශීය මට්ටමින් “Youth Club” පිහිටුවීම ආරම්භ කළ අතර, අද පැවති ජාතික සමුළුවේදී නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම සිදුවුනා.
ජාතික තරුණ සමුළුවට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වනු ලැබුවා.

ඔන්ලයින් ටිකට් මගඩියෙන් අර්බුද රැසක්

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විශ්වාස භංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද භාරදුන්නා.


විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයාන්ත කරුණාතිලක මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත විශ්වාස බංග යෝජනාව භාර දඅන්නා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලසීමාවේදී වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුන ජයසේකර නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් එම යෝජනාවෙන් පෙන්වාදී තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යය අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංගයෝජනාව කරුණු 16කින් මන්විතයි.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32නෙකුගේ අත්සනින් යුතුවයි විශ්වාස භංග යෝජනාවක් කතානායකවරයා වෙතත් ෙ බැහැර දෙනු ලැබුවේ.

37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්වේ

ෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේනවා.
ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වූ අවස්ථාවේදී.


කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.30ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වුනා.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් පහ කිරීමත් සමග පොලිස්පති ධුරය පුරප්පාඩු වී ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර කිබුනා.
ඒ අනුව අද රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට අනුමැතිය ලබාදුන්නා.

ලෝක අලි දිනය අදයි

අද ලෝක අලි දිනයයි. මෙවන වනවිට මෙරට වඩාත් සංවේදී මාතෘ කාවක් ලෙසද අවධානයට ලක්ව ඇත්තේ රටේ අලි ගහනය මුහුණ දෙන දිනපතා වර්ධනය වන තර්ජන නිසයි.
එය අද වනවිට අලි මිනිස් ගටුමක් දක්වා වර්දනය වී තිබෙනවා.


ලෝක අලි දිනය නිල වශයෙන් 2012 අගෝස්තු 12 වන දින ආරම්භ කරන ලද අතර එය ආරම්භ කිරිමට මුලිකත්වය ගන්නා ලද්දේ කැනේඩියානු චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ සංරක්ෂණ ශිල්පිනියක් වන පැට්‍රීෂියා සිම්ස් විසින් .මෙහි මුලික අරමුනවුයෙ අප්‍රිකානු සහ ආසියානු අලි ඇතුන් මුහුන දි සිටින අවසනාවන්ත තත්වය පිළිබඳව ගෝලීය දැනුවත්භාවය ඇති කිරීමයි.
මෙරට හදුනාගෙන ඇති අලි අතුන් සන්ඛ්‍යාව 6,000 ක් පමණ වන අත ර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආසියානු අලි විශේෂවලින් සැලකිය යුතු කොටසක් ඊට අතුලත් . කෙසේ වෙතත්, වාසස්ථාන අහිමි වීම, මිනිස්-අලි ගැටුම ඇත්දල සදහා දඩයම් කිරිම සහ සදාචාර විරෝධී ලෙස සෙවාවල යොදවා ගනිම හේතුවෙන් ඔවුන්ගේ පැවැත්ම වඩ වඩාත් අවදානමට ලක්ව තිබෙන බවයි පරිසර වෙදින් පවසන්නෙ .
2024 දී පමණක් අලි 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර – අලි මිනිස් ගැටුම්, විදුලි සැර වැදීම් සහ දුම්රිය අනතුරු මෙම මරන වලට හේතුවි තිබෙනවා. විශේෂඥයින් පවසන්නේ මෙම තත්වයන්ට තවමත් පිලියම් තිරසාර නොවන බවයි.
අප් සවුන්ඩ්
අනුරාධපුර, පොළොන්නරුව සහ මොනරාගල වැනි ප්‍රදේශවල මිනිස්-අලි ගැටුම දරුණු ලෙස පවතින අතර, එහිදී ජනතාවගෙ බෝග හානි සහ දේපළ හානි සිදුවිම් දිනපතා වාට්‍ර්හාවෙන්වා. ඊට පිලියම් ලෙස බලධාරීන් විසින් නව අලි කොරිඩෝ සඳහා කටයුතු කරමින් සිටින අතර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කරමින් සිටීනවා. , නමුත් බොහෝ පරිසර වාදින් ඉලා සිටින්නෙ ශක්තිමත්, විද්‍යාත්මක ක්‍රමවෙදයක් .
මෙම ලෝක අලි දිනයේදී, පනිවුඩය වන්නෙ අලි ඇතුන් ආරක්ෂා කිරීම වනජීවී අන්ශවල පමනක් නොව එය අප සමගෙ වගකිමක් බවයි.
අගෝස්තු 12 වන දින ලෝක අලි දිනය සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාව නැවතත් අවධානයට ලක්ව ඇත්තේ රටේ අලි ගහනය මුහුණ දෙන වර්ධනය වන තර්ජන පිළිබඳව සංරක්ෂණවාදීන් අනතුරු ඇඟවීමක් කරන විටය.

ඉන්දියානු මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමිය අතර හමුව

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන ඇතුලු කරුනු රැසක් කෙරෙහි අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.


අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය අවධාරණය කර තිබෙනවා.
දෙමළ භාෂා මාධ්‍යයේ පවතින ගුරු හිඟයට කඩිනමි විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව සහ වැඩි අධ්‍යාපන ප්‍රවේශය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී කරුණු පැහැදිලි කළා.
දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළ ඉන්දීය මහකොසාරිස් සන්තෝෂ් ජා මහතා, වතු පාසල් ව්‍යාපෘති, ස්මාර්ට් පන්ති කාමර සහ ගුරු පුහුණු වැඩසටහන් පිළිබඳව පුළුල් ලෙස කරුණු පැහැදිලි කළා. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියානු රජයේ ඇති උනන්දුව ප්‍රකාශ කළ මහකොමසාරිස්වරයා, දෙරටේ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍යත්ව ලබා දීම සඳහා මෙම සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද පැහැදිලි කළා.


මේ අතර ධුර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ශ් සහ අගමැතිනිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.
කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අගමැතිනිය වෙත කරුණු පැහැදිලි කළ මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජයේ අඛණ්ඩ සහය ලබාදෙන බව සඳහන් කර තිබෙනවා.
තම ධුර කාලය තුළ මහ කොමසාරිස්වරයාගේ දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යවරිය
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ විවෘතභාවය සහ කැපවීම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළා.