Hot News

ස්වාමීන්වහන්සේලා වෙත පැවරී ඇත කාර්යය භාර්ය ඉෂ්ට කිරීමට හැකි පිරිවෙන් අධ්‍යාපනයක් ගොඩ නැගිය යුතුයි – අගමැතිනිය

ඉතිහාසය සහ සම්ප්‍රදාය රැකගත් පිරිවෙන් අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය…

Foreign NewsHot News

සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සේවකයින් ඉවත් කෙරේ

සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සේවකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත. රට පුරා…

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට

පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30)  රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාගේ ආරාධනයකට අනුවයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් මලදිවයින් ජනාධිපතිවරයා සමග මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟ වැදගත් ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පවත්වා තිබුණා.

මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීමද විශේෂත්වයක්.

දෙරට අතර සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළ තිබෙනවා.

මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක් විය.

ශ්‍රී ලංකාව “2025 සඳහා ලොව හොඳම දූපත” ලෙස නම් කෙරේ

ගෝලීය සංචාරක වේදිකාවක් වන Big 7 Travel විසින් ප්‍රකාශයට පත් කරන ලද “ලෝකයේ හොඳම දූපත් 50” ලැයිස්තුවට අනුව 2025 දී ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පළමු තැනට පත් වී තිබෙනවා.

ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ දූපත් අභිබවා යමින්, මෙම වසරේ සංචාරය කළ යුතුම දූපත් ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානය ලබා ගෙන තිබීම විශේෂත්වයක්.

“ඉන්දියාවේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි මෙම කඳුළු බිඳු හැඩැති දූපතේ ඒ සියල්ල තිබේ,” “මාකෝ පෝලෝ ශ්‍රී ලංකාව,  ‘ලෝකයේ එහි ප්‍රමාණයෙන් හොඳම දූපත’ ලෙස හැඳින්වූයේ මන්දැයි බැලීම පහසුය” යනුවෙන් මහත් අපූර්ව ලෙස ශ්‍රී ලංකාව සංචාරක වෙබ් අඩවිය මහත් අපූර්ව ලෙස වර්ණනා කර තිබුණා.

මෙම ලැයිස්තුව සකස් කිරීමට පදනම වී ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵලවලින් ලබාගත් ලකුණු,  Big 7 සංචාරක කතුවැකි කණ්ඩායමේ දායකත්වයන්, සමාජ මාධ්‍යවල ගමනාන්ත ජනප්‍රියතාවය සහ 2025 දී සංචාරකයින්ගේ අවධානය දිනාගත් ගමනාන්ත මත යි.

තේ වතු, සැතපුම් 833 ක වෙරළ තීරය, පන්සල්, යටත් විජිත නගර, මීදුම සහිත කඳු සහ කොටි සහ අලි ඇතුන් වාසය කරන යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී සෆාරි අතර ගමන් මාර්ග පිලිබද වෙබ් අඩවිය විසින් ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.

ඉහළම ශ්‍රේණිගත කිරීම් 10 අතරට ඇතුළත් වන අනෙකුත් රටවල් ලෙස,

2.  මුඕරියා, ප්‍රංශ පොලිනීසියාව

3. සොකොට්‍රා, යේමනය

4.  මැඩෙයිරා

5.  ගැලපගෝස්, ඉක්වදෝරය

6.  මහා එක්සුමා, බහමාස්

7.  සීෂෙල්ස්

8.  අචිල් දූපත, අයර්ලන්තය

9.  කෝලිප්, තායිලන්තය

10.  මිලෝස්, ග්‍රීසිය

මෙම රටවල් 10 සහිතව තවත් රටවල් 40 ක් මෙම වසරේ සංචාරය කිරීමට හොදම රටවල් ලෙස Big 7 Travel වෙබ් අඩවිය තුල සදහන් කර තිබෙනවා. 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල පත්  කෙරේ.

සෞඛ්‍ය  හා ජන මධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඊට අදාල පත්වීම් ලිපිය ඊයේ (29) වෛද්‍ය තමර කළුබෝවිල වෙත භාර දෙනු ලැබුවා. ඒ සෞඛ්‍ය  හා ජන මධ්‍ය  අමාත්‍යංශයේදී ය.

වෛද්‍ය තමර කළුබෝවිල කොලඹ රාජකීය  විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදරා ඇත. 1986 වසරේදී කොලඹ  වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිස තිබේ.

වෛද්‍ය පරිපාලන  සේවාවට අදාල පශ්චාත් උපාධිය කොලඹ පශ්චාත් උපාධි ආයතනයේ 2002 වසරේ ලබාගෙන ඇති අතර ඔහු ඉන් අනතුරුව පානදුර, හොරණ, කළුතර  රෝහල්වල  අධ්‍යක්ෂ      මෙන්ම කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආදී වශයෙන්    වෛද්‍ය ක්ශෙත්‍රයේ   තනතුරු රැසක්  හොබවා ඇත.

ස්වාමීන්වහන්සේලා වෙත පැවරී ඇත කාර්යය භාර්ය ඉෂ්ට කිරීමට හැකි පිරිවෙන් අධ්‍යාපනයක් ගොඩ නැගිය යුතුයි – අගමැතිනිය

ඉතිහාසය සහ සම්ප්‍රදාය රැකගත් පිරිවෙන් අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

එම කාර්යය ස්වාමීන් වහන්සේලාට මැනවින් ඉටුකිරීමට පිරිවෙන් අධ්‍යාපනය ගොඩනැගිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියා.

අග්‍රාමාත්‍යතුන්ගේ මේ බව කියා සිටියේ නවක පරිවේණාචාර්‍ය පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයට  සහබාගි වෙමින්.

පරිවේණාචාර්‍ය පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය පසුගියදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහිදී පරිවේනාචාර්යවරුන් 273  සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කෙරුණා.

අද දවසේ බුද්ධාගම තුළ  ස්වාමීන් වහන්සේට විශේෂ කාර්යභාරයක් පැවරිලා තිබෙනවා.

සාම්ප්‍රදායානුකූලව චාරිත්‍රානුකූලව කරගෙන ආපු ඒ වැඩ කොටස ඒ විශාල සේවය වගේම අද අපි මේ ලෝකයටම විවෘත වෙලා තියෙනවා.

බුදු දහමේ ඉගැන්වීම් දර්ශනය හා එහි අන්තර්ගතය පිළිබඳව ලෝකයම අවධානයෙන් ඉන්නේ. එබැවින් ස්වාමීන් වහන්සේලා ලෝකය සමග සම්බන්ධ විය යුතුයි.

ලෝකය තුළ අද සිදුවන වෙනස්වීම් හා සමාජ ආර්ථික තත්ත්වයන් තුළ බුදු දහමේ කාර්යභාරය එදාටත් වඩා සුවිශේෂී සහ අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මධ්‍යම තැපැල් හුවමාරුව හදිසි නිරීක්ෂණයට

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු වල වත්මන් තත්ත්වය සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ දිනයේ එහි හදිසි නිරික්ෂණයක නිරත වී තිබෙනවා.

නිරීක්ෂණයෙන් පසු එහි වත්මන් තත්ත්වය, ඉදිරි පියවර සහ පවතින ගැටලු කෙරෙහි අවධානය යොමු කොට නිලධාරීන් සහ සේවක මණ්ඩලය සමග සාකච්ඡා කර තිබෙනවා.

රට ස්ථාවර කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බැවින් එම අරමුණ යටතේ තැපැල් දෙපාර්තමේන්තුවද මෙහෙයවීමට කටයුතු කරන බව මෙහි අවදාරනය කළ අමාත්‍යවරයා තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පොදු ගැටලුවක් වන සේවක හිගය සහ ප්‍රවාහන ගැටලු නිරාකරණය සදහා පියවර ගනිමින් සිටින බව පැවසීය.

දැනට ලියාපදිංචි සිටින ආදේශ තැපැල් සහයකයින් 1000 කගේ සේවා ස්ථීර කිරීමටත් අලුතින් ආදේශක තැපැල් සහයකයින් 1000ක් ද ලියාපදිංචි කර ගැනීමට අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ශක්තිමත් රාජ්‍ය සේවාවක් මෙරටට අවශ්‍ය වන බවත් රටේ ආදායම දුර්වල මට්ටමක පවතින බැවින් ආර්ථිකයේ වර්ධනය සමග බදවා ගැනිම් ඉහළ නැංවීමට කටයුතු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට තැපැල්පති ,මධ්‍යම තැපැල් හුවමාරු අධිකාරිනි , නියෝජ්‍ය තැපැල්පතිවරුන් මෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් ඇතුළු කාර්යමන්ඩලය එක්ව සිටියා.

සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සේවකයින් ඉවත් කෙරේ

සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සේවකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

රට පුරා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සේවකයින් අද උදෑසන ඉවත් කර තිබෙනවා.

කම්හලේ ක්‍රියාකරු පැවසුවේ එහි සේවකයින් 4,000 දෙනාම ඉවත් කර ඇති බවයි.

රුසියාවේ පෙරදිග වෙරළ තීරයට ඔබ්බෙන් වූ රික්ටර් මාපකයේ 8.7 ක දැවැන්ත භූමිකම්පාවකින් පසුව පැසිෆික් කලාපය පුරා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසුවයි මෙසේ බලාගාරයෙන් සේවකයින් ඉවත් කර ඇත්තේ.

අතිශය අනතුරුදායක ද්‍රව්‍ය ටොන් සිය ගණනක් තවමත් ෆුකුෂිමා හි ඉතිරිව තිබෙනවා.

ස්වීඩනයේ පැවති නව වටයේ චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවෙන් ප්‍රගතියක්

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාව පැවැත්වේ.

චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සඳහා වන චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, ඇමරිකා පාර්ශ්වයේ ප්‍රධානී, භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා හා වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙදින(28,29) තුළ එම සාකච්ඡාව ස්වීඩනයේ Stockholm අගනගරයේ දී පැවැත්විණ.

චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, සාර්ව ප්‍රතිපත්ති ඇතුළු පොදු අවධානයට ලක්වන ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය ගැඹුරු‍ මෙන්ම අර්ථවත් සංවාද පැවැත්වූහ. එහිදී එළඹුණු එකඟතාවන්ට අනුව දැනට තාවකාලිකව අත්හිටුවා තිබෙන ඇමරිකාවේ 24%ක අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනයේ ප්‍රති පියවර තවත් දින 90ක් දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කරනු ඇත.

දෙරටේ නායකයන් පසුගිය ජූනි මස 05 වනදා දුරකථන සංවාද ඔස්සේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුව දෙපාර්ශ්වය එකිනෙකාගේ අවශ්‍යතාවන්ට ගරු කරමින් අන්‍යෝන්‍ය විශ්වාස ගැඹුරු කළ යුතු බව He Lifeng මහතා එහිදී පැවසීය. ස්ථාවර, විධිමත් මෙන්ම තිරසර චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, එකිනෙකාගේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීමට පමණක් නොව ලෝක ආර්ථික සංවර්ධනය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වේ.

ඉදිරියේ දී චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය මනා ලෙස යොදා ගනිමින්, එකඟතාවන් ප්‍රවර්ධනය කිරීමටත් වැරදි අවබෝධයන් අවම කිරීමටත් සහයෝගිතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද He Lifeng මහතා එහිදී අවධාරණය කළේය.

ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඔස්සේ අදාල භේද විසඳා ගෙන වඩාත් වැඩි ප්‍රතිඵල අත්පත් කර ගනිමින් දෙරටේ ආර්ථක හා වෙළඳ සබඳතාව තහවුරු කිරීම සඳහා ඇමරිකාව චීනය සමග එක්ව උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බව ඇමරිකා පාර්ශ්වය එහිදී කියා සිටියේය.


-CGTN Sinhala

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහර අද (30) රාත්‍රී වීදී සංචාරය කෙරෙනවා.

කුඹල් පෙරහැර අද (30) සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනදා ප්‍රථම රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීම ඉකුත් 25දා පෙරවරු 6.05 ට යෙදුණු සුභ මොහොතින් සිදු කෙරුණා.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව 29 දා තෙක් පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත් වූ අතර, අවසන් දේවාල පෙරහර ඊයේ පැවැත්වුණා.

වට්ස්ඇප් හරහා සිදුවෙන මූල්‍ය වංචාවක් ගැන තොරතුරු හෙළිවෙයි

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම වංචාකරුවන් විසින් පරිශීලිකයන් රවටා වට්ස්ඇප් OTP අංකය ලබා ගෙන ඔවුන් වෙත ව්‍යාජ පණිවුඩ යොමු කර මුදල් වංචා සිදුකරන බවය.

වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළත් වී ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමුකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මෙම දිනවල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මහජනතාවට දැනුවත්ව සිටින ලෙස පොලීසිය දන්වා සිටී.

එමෙන්ම පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයන් වෙත අන්තර්ජාල ගිණුම්හි OTP අංක ලබා නොදෙන ලෙසය.

#channel7 #srilanka #news #channel7news #whatspp #SCAMMER #srilanka

බස් පැමිණිලි දැනුම් දෙන්න Whats App අංකයක් හඳුන්වා දෙයි.

බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක් හදුන්වා දීම කොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් අංගනයේ දී අද(30) සිදුකෙරුණා.

ඒ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගිනුයි.

මගීන්ට සිය පැමිණිලි බස් රථයේ සිට වීඩියෝ මාර්ගයෙන් ලබාදීමට හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී ඒ චන්ද්‍රපාල මහතා පවසනවා.

මෙම අංකය ඇතුලත් ස්ටිකර් බස් රථවල ඇලවීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

ඒ බැස්ටියන් මාවත පෞද්ගලික බස් අංගනයේ දීයි.

0712595555 එම අංකයයි.

මගීන්ට මෙන්ම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද සිය ගැටලු මෙමගින් ඉදිරිපත් කළ හැකි බවයි සභාපතිවරයා තවදුරටත් සදහන් කළේ.